IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අවුරුදු උත්සව සමයේ ජනතා පැතුම් ඉටුකරමු

එළැඹෙන්නේ උත්සව සමයයි. පරිසරය වසන්ත සිරියෙන් ඇළලී තිබුණ ද මිනිස් ජීවිත ගිම්හානයට හසුවූ පරඬැල් බඳුය. ඒ ආර්ථික ප්‍රශ්න හේතුකොට ගෙනය. එහෙත් දරු පැටවුන්ට අලුත් ඇඳුමක් පැළඳුමක් රැගෙන දී රස මසවුලෙන් සිත කය සනසා අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ නොතින් ආශාවෙන් ඒ සිත් සතන් පිරි ඉතිරී ගොස්ය. ඒ අපේක්ෂාවන් ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීම ඒ ජනතාවට සිහිනයක් නොවිය යුතුය යන්න අපගේ අපේක්ෂාවය.

අවුරුදු  සමය උත්සවශ්‍රීයෙන් ගෙවා දැමීමට නොපිරූ පෙරුම් පුරමින් සිටින ජනතා බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් පුවතක් වාර්තා කිරීමට ලැබීම අපට ද ප්‍රීතිමත් අවස්ථාවකි. අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ආනයනික සහල් සහ ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉකුත්  27 වැනිදා සිට පහළ දැමීමට රජය පියවර ගෙන ඇති බවය.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක විශේෂ වෙ​ෙළඳ  භාණ්ඩ බද්ද ඉකුත් 27 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් 30 වැනිදා දක්වා රුපියල් 10ක් ද දක්වා අඩු කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූනු මිල දී ගැනීමේ අවස්ථාව දීම සහ එම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳ පොළ තුළ පවත්වා ගැනීම මෙම බදු අඩු කිරීමෙන් බලාපොරොත්තු වන  බවය.

රජයේ මෙම තීරණය ඉතා කාලෝචිත මෙන්ම පැසසුම් කටයුතුය. උහුලාගත නොහැකි බඩු මිලෙන් පීඩාවට පත්ව සිටින ජනයාට අස්වැසිල්ලකි. ගතවෙන තත්පරයක් තත්පරයක් පාසා ජනතාව අපේක්ෂා කරනුයේ  සහනම වේ. ප්‍රශ්න එපමණටම බරපතළය. එම ජනයාට මෙම ප්‍රවෘත්තිය ශුභාරංචියක්ය.

ශ්‍රී ලංකාව යනු සෑම විකෘතියකම ආකෘතියක් බවට පත් වූ රටකි. ඒ බව ඔප්පු වූ වාර ගණන අනන්තය, අප්‍රමාණය. බදු පැනවීමේ මෙන්ම බදු අඩු කිරීම් හා බදු ඉවත් කිරීමේ බොහෝ අවස්ථා එයට නිදසුන්ය.  සීනිබදු ඉවත් කිරීම, සුදු ලූනු බදු ඉවත් කිරීම අවසානයේ දී නාමකරණය වූයේ සීනි බදු වංචාව, සුදු ලූනු බදු වංචාව යනුවෙනි.

බදු ඉවත් කිරීමෙන් හා බදු අඩු කිරීමෙන් රජයක් බලාපොරොත්තු වන්නේ එමගින් ජනතාවට සහනයක් සැලසීමය. බදු එසේ අඩු කිරීමේ වාසිය ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනතාවට ලබාදෙනු ඇතැයි රජය සිතයි. එහෙත් සෑම විටෙකම එය එසේ  නොවේ. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් මහ බලගතු මාෆියාවක් ක්‍රියාත්මක වේ. ඔවුන්ට පළමුවැන්න පමණක් නොව දෙවැන්න හා තෙවැන්න ද ලාබයම වේ. ජනතාවගේ බොටුව මිරිකා, සිරකර හෝ තම මඩිය තරකර ගැනීමට ඔවුහු කටයුතු කරති.

රජය ජනතාවට දෙන යම් හෝ සහනයක් ජනතාව අතට නොයා තමන් සතු කර ගැනීමට මාෆියා කල්ලි  සමත් වන්නේ එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි විමසා බැලෙන පසු විපරමක් නොමැති හෙයිනි. මෙම උත්සව සමයේදීවත් එම පසු විපරම සක්‍රීය  තලයේ තබා ගැනීමට බලධාරීන් කටයුතු  කළ යුතුය. අහිංසක ජනයා කෙරෙහි සානුකම්පිතව එම වගකීම ඉටු කළ යුතුය.

(***)



අදහස් (0)

අවුරුදු උත්සව සමයේ ජනතා පැතුම් ඉටුකරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 616 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 523 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site