IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හිටපු නායකයන්ගේ බරපැන

 

යම් රටක පුරවැසියන් විසින් දේශපාලකයන්ගේ අගය මනින්නේ ඔවුන් කියන දේවල් අනුව නොව රට වෙනුවෙන් ඔවුන් කරන දේවල් අනුවයි. වළපල්ලට ගිය ලොව බොහෝ රටවල පාලකයන් ජනපති අගමැති මැති ඇමති තනතුරු තිබු කාලයේ ලැබු වරප්‍රසාද සහ සැප සම්පත් විශ්‍රාම ගියාට පසුවත් භුක්ති විඳීම රටකට ඔරොත්තු දෙන්නේ නැත. බොහෝ අරාජික රටවල දේශපාලකයන් කියන්නේ තමන්ගේ, ධනය, කාලය, සබ්බසකලමනාවම ජනතාව වෙනුවෙන් කැප කරන බවයි. එසේ කියන ඔවුහූ බලය ලබාගෙන රටේත් ජනතාවගෙත් ධනය හා කාලය කාබාසිනියා කරති. ජනතා සල්ලි සාක්කුවේ දමා ගනිති.


ඇමරිකාවේ නම් හිටපු ජනාධිපතිවරයකුට හිමිවන්නේ ඉතා සීමිත වරප්‍රසාද කීපයක් පමණි. 1958 වසරට පෙර ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක්වත් ලබා දුන්නේ නැත. 1912 දී එහි හිටපු ජනාධිපතිවරයකුට වාර්ෂිකව ඩොලර් 25,000ක විශ්‍රාම වැටුපක් ගෙවීම ආරම්භ කරන ලදී. එමෙන්ම මුලදී රජයේ විශේෂ ආරක්‍ෂක සේවයේ (SECRET SERVICE)  ආරක්‍ෂාව වසර 10ක් දක්වා ලබා දෙන ලදී. ඒ ආරක්‍ෂක නිලධාරින් 10කට අඩු පිරිසකි. පසුව අයිසන්හවර් ජනපති එහි හිටපු ජනාධිපතිවරුන්ට දෙන රාජ්‍ය ආරක්ෂාව ජීවිතාන්තය තෙක් ලබාදීම සඳහා පනතක් සම්මත කර ගත්තේය.


පසුව ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට වාර්ෂිකව ගෙවන විශ්‍රාම වැටුප ඩොලර් 2,07,800 දක්වා වැඩි කරන ලදි. එමෙන්ම ඔවුන්ට හමුදා රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව ලබාදෙන ලදී. රජයේ වාහන හෝ රජයේ නිල නිවාස ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන්නේ නැත. 1985 දී රිචර්ඞ් නික්සන් (Richard Nixon) හිටපු ජනාධිපතිවරයා තමාට ලැබෙන රාජ්‍ය ආරක්ෂාව ද ප්‍රතික්ශේප කළේය. මේ ඇමරිකාවේ හැටිය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට තමන්ට ලැබෙන විශ්‍රාම වැටුප යොදවා කාර්යාලයක් පවත්වා ගෙන යාමට ද අවකාශ ලැබේ.


මහින්ද රාජපක්‍ෂට කලින් ජනපති පදවිය ඉසිලු චන්ද්‍රිකා තනතුරෙන් ඉවත්ව යාමට පෙර තමන්ට රජයෙන් ලැබෙන වරප්‍රසාද දෙගුණ තෙගුණ කරගත්තාය. එම වරප්‍රසාද ලංකාවේ තබා ඇමරිකාවේ ආණ්ඩුවකට ද ඔරොත්තු නොදෙන වරප්‍රසාදය. උපදේශකයන්, ලේකම්ලා, කැමරා ශිල්පීන්, කෝකියෝ, ලිපිකරුවන්, මාධ්‍ය ලේකම්වරුන් පමණක් නොව උයන්පල්ලන් ද සමඟ 64 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් චන්ද්‍රිකා ලබා ගත්තාය. 198 දෙනෙකුගෙන් සමන්විත ආරක්‍ෂක බළ ඇණියක් ද, වෙඩි නොවදින කාර් හතරක් ඇතුළු වාහන 36ක් ලබා ගැනීමට ඇය පියවර ගත්තාය. කොළඹ හතේ වැදගත්ම ස්ථානයක සියලු පහසුකම් ඇති රජයේ නිල නිවාසයක් ද ලබා ගත්තාය. කාර්යාල පහසුකම් ද ලබා ගත්තාය.


මේ අනුව පැන්ෂන් ගිය ජනපතිනිය ජනපති පුටුවේ ඊළඟට වාඩිවු පුද්ගලයාටත් වඩා වරප්‍රසාද ලබා ගත්තාය. ඇයට පුංචි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් පහසුකම් ලබා ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු නිමිත්තක් බවට පත්විය. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ද සටන් කළේ ලැබුණු වරප්‍රසාද රැක ගැනීමටය. ලංකාව වැනි රටවල සිදුවන ක්‍රියාදාමය මෙයයි.


ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු ටෙක්සාස්හි පිහිටි තම ගොවිපළට ගොස් නිහඬ දිවියක් ගත කරන්නට පටන් ගත්තේය. බිල් ක්ලින්ටන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ කැලෑබද ගම්මානයක නිවසක් සාදාගෙන තම බිරිඳ හිලරි සමඟ එහි පදිංචියට ගියේය. බැරැක් ඔබාමා ද තම බිරිඳ මිචෙල් හා දූවරුන් දෙදෙනා සමඟ චිකාගෝහි පරණ නිවසේ පදිංචියට ගියේය. ඔවුන් විශ්‍රාම ගිය පසුව ද රාජ්‍ය මුදල් කාබාසිනියා කළේ නැත.


ලංකාවේ නම් තනතුරු අහිමි වූ ඇතැම් ඇමතිවරු දුම්මල ගසාවත් කොළඹ සුඛෝපභෝගී රජයේ නිල නිවාසවලින් එළවා ගැනීම ඉතා අපහසු වී තිබේ. දුෂණ නිසා විනාශයට පත් වෙමින් තිබෙන රටක තමන්ට දිව්‍ය ලෝකයක් නිර්මාණය කර ගැනීමට ජාතික ධනයෙන් ලොකු පංගුවක් ඩැහැගන්නා දේශපාලකයින් සිටීම කොතරම් ඛේදජනකද? මොවුන්ට හිමි වන්නේ ඉතිහාසයේ පූජාසනය නොවේ. කුණු බක්කියයි.

 

 


සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

හිටපු නායකයන්ගේ බරපැන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site