IMG-LOGO

සාමකාමී පෙළපාළියට පොලීසියෙන් වෙඩි

එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරිපත් කළ දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව විරෝධතා පෙළපාළියට එල්ල වූ පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් දඹරාවේ රතනසාර හිමියන් අපවත් වීම ගැන හා ඊට පසු ඇති වූ තත්ත්වයක් ගැන මේ කතාව කියන්නේ ද රජයේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වූ සාම විනිසුරු බී.ජී.පී. ධර්මසේන මහතාගේ මතකය ඇසුරිණි. 


මේ සිද්ධිය සිදු වී තිබුණේ 1965 වසරේ ජනවාරි මාසයේ 8 වැනිදාය. 


එදා මුළු රටම සංවේගයට පත් වූයේ දඹරාවේ රතන සාර හිමියන්ට වෙඩි වැදී අපවත් වීම ශෝකජනක පුවත කන වැකීමත් එක්කමය. 
ධර්මසේන මහතා ඒ සිද්ධිය ගැන විස්තර කරමින් මෙසේ පැවසීය. 

 

 

ඉතා සාමකාමීව ගිය මේ විරෝධතා පෙළපාළියට මුලින්ම පොලිසිය කඳුළු ගෑස් ගැසුවා හෙළිකොප්ටර් යානාවක සිට ද පෙළපාළියට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. කඳුළු ගෑස් ප‍්‍රහාර මැද්දේ පෙළපාළිය කොල්ලූපිටිය හංදියෙන් ගැරී ගාලූ මුවදොර දෙසට හැරෙනවාත් එක්කම පොලිසිය පාර අහුරා ගෙන සිට කඳුළු ගෑස් ගසන අතර වාරයේ වෙඩි තබන්නට පටන් ගත්තා. පෙළපාළියේ ඉදිරියෙන්ම වැඩම කළ ස්විමින් වහන්සේලා කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් බේරීමට පාරෙන් පහළ තිබූ ළදරු පාසලක ඉස්තෝප්පුවට ගොඩ වුණා.

කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් කුපිතවූ පෙලපාලි කරුවෝ පාර දෙපස තිබූ ගල් අහුලාගෙන පොලිසියට ගල් ප‍්‍රහාර එල්ල කළා. එයින් වූයේ පොලීසියට වෙඩි තැබීමට උඩගෙඩිදීමක්. මෙසේ පොලීසිය තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක්  විසිවී ගොස් රතනසාර හිමියන්ට වැදුණා.

උන්වහන්සේ එතනම බිම ඇද ගෙන වැටුණා. පෙළපාළියේ ගිය තවත් පිරිසක් පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා තිබුණා. වෙඩි වැදී ලේ විලක් මැද වැටී සිටි රතනසාර හිමියන් සිද්ධිය වූ ස්ථානයේම අපවත් වී සිටියා. ජනතාව වේදනාවෙන් කෑ ගසන්නට පටන් ගත්තා. 


තුවාල ලැබු පිරිස කොළඹ මහ රෝහලට අරගෙන ගියා. දඹරාවේ රතනසාර හිමියන්ගේ දේහය පසුව එතැනින් ඉවත් කර ගෙන කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගොස් තිබුණා. 


ඉහළින්ම ලැබුණු නියෝගයක් අනුව පොලිසිය මේ විදිහට පෙළ පාළියේ ගිය අයට වෙඩි තබා තිබුණ බව පසුව අපට දැන ගැනීමට ලැබුණා. 


පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින අයගේ සුව දුක් දැන ගැනීමට මා ඇතුළු මගේ මිතුරන් කිහිප දෙනෙක් ද රෝහලට ගියා. අප රෝහලට යන කොටත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ආචාර්ය එන්.එම්. පෙරේරා සහ පීටර් කෙනමන් යන මහත්වරුන් තරුණ දේශපාලනඥයන් ගණනාවක්ම රෝහලට තුවාල කරුවන් බැලීමට ඇවිත් සිටියා මට අද වාගේ මතකයි. 
මට තව දෙයක් කියන්නට අමතක වුණා. පොලිසිය අපිට කඳුළු ගෑස් ගහද්දී පුපුරා නොගිය කඳුළු ගෑස් උණ්ඩු අහුලාගෙන අපි පෙරළා ඒවායෙන් පොලිසියට දමා ගැසුවා. එහෙම කරන්න ගිහින් මගෙන් නිව්ටන් සෙනෙවිරත්න මහත්තයාගෙත් අත් පිළිස්සුණා යැයි ධර්මසේන මහතා පැවසීය. 


ධර්මසේන මහතා තව දුරටත් අතීතය ස්මරණය කරමින් මෙසේද කීය. 


පොලිසිය ගැසු පුපුරා නොගිය කඳුළු ගෑස් උණ්ඩු අහුලාගෙන ඒවායින් නැවත පොලිසිය දෙසට දමා ගැසු බව පෙළපාළියට අපිත් එක්ක මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහභාගී වුණු කිහිප දෙනෙකුගෙන් අපේ විරුද්ධවාදීන් දැන ගෙන ඔවුන් ඒ බව එවකට මෝටරි රථ කොමසාරිස් ජනරාල්වරයාව සිටි රාජින්ද්‍රන් මහත්තයාට දැනුම් දී තිබුණා. රාජෙන්ද්‍රන් මහත්තයා මේ බව දැනගත් වහාම අපට විරුද්ධව පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයෙන් පස්සේ මා ඇතුළු දෙපාර්තමේන්තුවෙන් පෙළපාළිය ගිය සියලූ දෙනාගේම සතියකට වැටුප දඩ වශයෙන් අය කිරීමට නියෝගයක් පනවා තිබුණා. ඒ විතරක් නෙවෙයි මාව දඬුවම් කාරයෙක් විදියට
 පොළොන්නරුව දිසාපති කාර්යාලයට මාරු කර යැව්වා. ඒ වෙන කොට මම මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විදිහට තමා රාජකාරි කරමින් සිටියේ. පෙළපාළියට ගිය අනිත් අයත් දඬුවම් මාරු ලබාදී යවා තිබුණා. ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට අභියාචනයක් ඉදිරිපත් කළත් ඒ අභියාචනයෙන් කිසිම වැඩක් සිද්ධ වුණේ නැහැ. රාජේන්ද්‍රන් මහත්තයා අපි ගැන දැඩි තීරණයක් අරගෙන තිබුණා. 


පොළොන්නරුව දිසාපති කාර්යාලයට ගිහින් මම වැඩ බාර ගත්තේ 1966 සැප්තැම්බර් මාසයේ. ඒ වෙන කොට පොළොන්නරුවේ දිසාපතිවරයා වශයෙන් සිටියේ අයිවන් සමරවික‍්‍රම කියන මහත්තයා. ඊට පස්සේ පොළොන්නරු දිසාපතිවරයා ලෙස පත් වී ආවේ කේ.එච්.ජේ. විජේදාස මහත්මයා. 

ඒ දෙදෙනාම හරීම හොඳ අවංක නිලධාරින් ඔවුන් දෙපොළ යටතේ රාජකාරී කිරීමට ලැබීම මගේ ඉදිරි රාජකාරි කටයුතුවල දී මනා පිටුවහලක් ලැබුණ බව පැවසිය යුතුම වෙනවා. ඔවුන් දෙපොළ ළඟින්ම ඇසුරු කළා. ඒ කාලයේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ග‍්‍රාම නිලධාරියෙක් විදියට රාජකාරි කළා. ඔහුන් නිතරම පොළොන්නරුව දිසාපති කාර්යාලයට ඇවිත් යනවාත් මට හොඳම මතකයි.


 මේ අතරවාරයේ මම විධායක ශ්‍රේණියේ ලිපිකරුවෙක් ලෙස උසස් වීම් ලබා ගෙන සිටියා. ඒ උසස් වීම ලැබුණාට පස්සේ මම ආයෙත් 1969 වසරේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවීමක් කළා. එතකොට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා වෙලා හිටියේ ඞී.ආර්.සී. හංවැල්ල මහත්මයායි. ඔහු ඉතාම හොඳ නිලධාරියෙක්. 


සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය 1970 වසරේ අගමැතිනිය ලෙස පත් වුණාට පස්සේ එදා අපෙන් දඩයක් වශයෙන් අය කර ගත් සතියක වැටුප ආපසු ලබා දුන්නා. එදා දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි වැඳී මිය ගිය ස්ථානයේ එනම් කොල්ලූපිටිය හන්දියේ මෙතෝදිස්ත විදුහලට නුදුරින් ගාලූ පාර අයිනේ උන් වහන්සේ සිහි වීමට පිළිරුවක් හැදුවා. දඹරාවේ රතනසාර හිමියන්ගේ පිළිරුව අදටත් එතැන තිබෙනවා. විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී. බී.පී.පී. ධර්මසේන මහතා කතා බහ නිමා කිරීමට මත්තෙන් පවසා සිටියේය. 


 

 

 

ඡුායාරූප: රොමේෂ් ධනුෂ්ක ද සිල්වා. 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

සාමකාමී පෙළපාළියට පොලීසියෙන් වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site