IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙද සිසු සටනේ රහස් වැඩ

වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ලෙස පසු කලෙක නම් කරනු ලැබූ, වෛද්‍ය පීඨය විසින් නිලවරණයෙන් පත් කර ගන්නා ලද ශිෂ්‍ය නියෝජිත කමිටුව ද මෙම අරගලය තුළ අභ්‍යන්තර බෙදීමකට ලක් වී තිබිණි. මුලින් සඳහන් කළ පරිදි නිලවරණ අවස්ථාවේ මතුව ආ මධ්‍යස්ථ මුහුණු සංවිධානාත්මක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් බව ඉක්මනින් හඳුනාගැනීමට හැකි විය. 


රජයේ නියෝජිතයන් ලෙස සැලකු විරුද්ධ පක්ෂය සම්පූර්ණයෙන්ම නිලවරණයෙන් පරාජය වුවද, තෝරාපත් වූ කණ්ඩායම තුළට ද රහසේම තවත් කණ්ඩායමක් ඇතුළු වී ඇති බව පැහැදිලි විය. නියෝජිත කණ්ඩායම ලෙස ඉදිරි අරගලය මෙහෙයවීම සඳහා කමිටුවට නමක් යෙදීම, නිවැරැුදි දැක්මක් සකස් කර ගැනීම, නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හා වැඩපිළිවෙළ සකස් කර ගැනීම අවශ්‍ය විය.

 

 

පළමු කාර්යය වූ නියෝජිත කමිටුවට නමක් යොදා_ගැනීමේ අවස්ථාව එළැඹිණි. මෙතෙක් කලක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය සඳහා නායකත්වය සැපයූ වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව පීඨය තුළ අතිමහත් බහුතරය විසින් ඔවුන්ගේ නායකත්වය ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක්වී තිබුණු බැවින් (නිලවරණය සඳහා ඉදිරිපත් වූයේ එතෙක් පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පිළිබඳ සිසුන්ගේ විශ්වාසය උරගා බැලීමට හා එම ක‍්‍රියාකාරී කමිටුවේ වැඩපිළිවෙළ අනුමත කර ගැනීම වෙනුවෙන් වූ බැවින්* දැනට භාවිත කළ වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව යන නම නිල කමිටුවට යෝජනා කරන ලදී. එහෙත් වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ජනප‍්‍රියතාව හා පිළිගැනීමට වසන් වී තේරී පත් වූ නව නියෝජිතයන් කිහිප දෙනකු එයට විරුද්ධ වී සහයෝගීතා කමිටු වැනි ඉතා දියාරු නම් යෝජනා කරන ලදී. නිල නියෝජනය සඳහා කුමන්ත‍්‍රණකාරී ලෙස ඇතුළු වූ කිහිප දෙනකු කමිටුවට තේරී පත්ව සිටි ශිෂ්‍යාවන් තිදෙනා ඉදිරියේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සිටි සිසුන් පිළිබඳ පියකරු චිත‍්‍රයක් මවා ඔවුන් තම මතයට එකඟ කරවා ගැනීමට සමත්වූහ. නියෝජිතයන් 16 දෙනෙකු සිටි නියෝජිත කමිටුව නමක් තෝරා ගැනීමේ දී අටට - අට බැගින් දෙකට බෙදී තිබුණු බැවින් කිසිදු නමක් ස්ථිර කර ගැනීමේ හෝ නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ හැකියාවක් නොමැතිව දින ගණනක් ගත වී ගියේය.


‘‘පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරනු’’ යන රටේ ජනතාවගේ හද ගැස්මට සමීප අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි  සටන් පාඨය රැුඩිකල් කණ්ඩායම විසින් සිය දැක්ම ලෙස ඉදිරිපත් කරන ලද අතර, ‘‘පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්වාධීන ආයතනයක් කරනු’’ යන දැක්ම ඊනියා මධ්‍යස්ථ මතධාරීන් ගෙන එන ලදී. මෙම කණ්ඩායම පසුපසින් සිටි වෛද්‍ය සංගමයේ සමහර නිලධාරීන් නිදහස් අධ්‍යාපනය රැුක ගැනීම තම කාර්යය නොවන බව වෛද්‍ය සිසුන් හට පිළිගැන්වීමට උත්සාහ දැරුවේ ශිෂ්‍ය ව්‍යාපාරය මෙම අරගලයෙන් ඉවත් කර තැබීමේ අපේක්ෂාවෙනි.


කමිටුවට නමක් නැතිව තීරණයක් නොමැතිව ඇදී යද්දී මාධ්‍ය ඉදිරියේ නිල වශයෙන් ඉදිරිපත් වීමේ ගැටලූව මතු විය. කමිටුවේ සිවුවන වසර නියෝජිත කුලසේකර මේ අතර මාධ්‍යයට වෛද්‍ය ශිෂ්‍ය කමිටුව නමින් ප‍්‍රකාශයක් නිකුත් කළ අතර ඉන්පසුව එම නම පිළිගැනීමට සියලූ_ දෙනා එකඟ වූහ. අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු බහුජන ව්‍යාපාර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව් යන සටන් පාඨය සමඟ අරගලයට එක් වුවද එය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නිල ස්ථාවරය කැර ගැනීමට බාධා ඇතිවිය. එසේ වුවද එම කමිටුව මෙම අරගලයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙකි.


වෛද්‍ය වර්ජනයේ ඉල්ලීම වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්වාධීන ආයතනයක් කරලීමේ ඉල්ලීම හා වෛද්‍ය ශිෂ්‍ය කමිටුව තුළ සිට එම මතය දැරූ කණ්ඩායම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කර නිදහස් අධ්‍යාපන අයිතිය රැුක ගැනීමේ පොදු අරගලය වෙත කොළඹ වෛද්‍ය පීඨ එක්කරලීමේ අවස්ථාව වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ රැුඩිකල් කණ්ඩායමට අහිමි විය. කෙසේ වුවද තම මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි වෙනුර, කොල්ලූරේ, කුලතුංග ඇතුළු කණ්ඩායම එම මතය වෛද්‍ය සිසුන්ගේ පොදු මතය බවට පත් කිරීමට සමත් වූහ. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගම්වල නායකත්වය දැරූ කට්ටිවාදී වාමාංශිකයන් විසින් මෙම සංගම් සටනෙන් ඉවත් කරවීම වැළැක්විය යුතු බැවින් ඔවුන්ගේ සටන් පාඨයට එරෙහිව මතුපිට අරගලයක් නොකරන ලදි.

 

 

මේ වන විට රට පුරා රෝහල් වෙත ගොස් වෛද්‍ය නිලධාරීන්ගේ උද්යෝගය පවත්වා ගැනීමට වෛද්‍ය සිසුන් සංවිධානය කෙරුණු අතර වෙද සිසු හඬ නමින් වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නිල ප‍්‍රකාශනය ආරම්භ කරන ලදි. ඊට අමතරව විවිධ ප‍්‍රකාශන ඉංග‍්‍රීසි හා සිංහල භාෂාවෙන් නිකුත් කරන ලද අතර මෙම ප‍්‍රකාශන කටයුතු වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ ඊනියා මාධ්‍යස්ථ මතධාරී කණ්ඩායම විසින් මෙහෙය වූ බැවින් එම ප‍්‍රකාශන නිර්මාණාත්මකව ඉතා දුර්වල වූ අතර මතවාදීව ඉතා ප‍්‍රතිගාමී විය. 


මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි කණ්ඩායම වෛද්‍ය වර්ජනයෙන් මෙම ගැටලූව දින කිහිපයක් ඇතුළත විසඳිය හැකිය යන විශ්වාසයක් කොළඹ වෛද්‍ය පීඨ සිසුන් තුළ ඇති කර තිබූ බැවින් ඉතා පහසුවෙන් නුදුරු දිනකදීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෙනම විභාගයක් පැවැත්වීමට රජය එකඟ වී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලූව විසඳා කොළඹ වෛද්‍ය පීඨයට සිදුව ඇති අසාධාරණය ඉවත් වී නැවත අධ්‍යාපන කටයුතු ඇරඹීමට හැකි වෙතැයි සිසුන් බහුතරයකගේ විශ්වාසය විය.

 

මතු සම්බන්ධයි.

 

 

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (2)

වෙද සිසු සටනේ රහස් වැඩ

chinta Saturday, 09 September 2017 02:15 PM

මේ ලිපියට අනුව මධ‍යස්ථ වෛඳ‍ය ශිෂ‍‍යයිනට අවස්ථාවක් ලඛී නොමැති අතර ඔවුන් දැඬිව අසාධාරනයට ලක්වී අැත.

:       0       0

chinta Saturday, 09 September 2017 02:15 PM

මේ ලිපියට අනුව මධ්‍යස්ත වෛඳ‍ය ශිෂ‍‍යයිනට අවස්ථාවක් ලැඛී නොමැති අතර ඔවුන් දැඬිව අසාධාරනයට ලක්වී අැත. ප්‍රධාන හේතුව වී අැත්තේ දැඬි දේශපාළනීකරනයයි SAITM ගැටලුවට සාධාරණ උත්තරයක් අවශ‍යය. ඒ ගැන විවාදයක් නොමැත. නමුත් ළමුන්ට දේශන වලට යෑමට ඉතාම තඳින් අව‍‍‍‍ශ‍්‍යයව ඇත. දොස්තරවරැන් ගෙන් රජයට ප්‍රබල බලපෑමක් ඇති නොවිනි. SAITM පෞඳ්ගලික නොවන, අර්ධ රාජ‍්‍යආයතනයක් වශයෙන් හා සිසුන් ACT 16 වලින් සමත් වී මෙන් අනතුරැව අන්තර්ග්‍රනය, වඬා පිළිගත හැකි විසදුමක් ලෙස දකිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site