IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මන්ත්‍රී නිමල් හෙළි කළ ආණ්ඩුවේ නාස්තිය

 

ශ්‍රී ලංකාවේ ජීවත්වන පොදු ජනතාවගෙන් වැඩි පිරිසකගේ සිතෙහි තිබෙන ප්‍රශ්නයක් නම් “කවදා කෙලෙස අපේ රට ලෝකයේ දියුණු රටක් බවට පත්වේ ද?” යන්නයි. වැඩිහිටි අය සමග කථා කළත් තරුණ පිරිස් සමග සාකච්ඡා කළත් අසන්නට ලැබෙන්නේ එම ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයට පිළිතුරක් නොමැතිව ළතවන ඔවුන් ඊළඟට ප්‍රකාශ කරන්නේ “ශ්‍රී ලංකාව දියුණුවීමට නම් තව අවුරුදු සිය ගණනක් ගත විය හැකි” බවයි. එසේ ඔවුන් ප්‍රකාශ කරන්නේ අපගේ රාජ්‍ය පාලනය පරිපාලනය හා නායක කාරකාදීන්ගේ ක්‍රියාකලාප පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.


ඡන්දයක් පවතින අවස්ථාවල දී අවස්ථානුකූලව මතුවන කාරණා ඔස්සේ අලුත් බලාපොරොත්තු ඇතිව ඡන්දය ප්‍රකාශ කළත් ඡන්දය නිම වූ දින පටන් නැවත සිදුවන්නේ පරණ සිදු වූ දේවල්මය. පොරොන්දු හමස් පෙට්ටියට යන අතර රට හරියට කර ගෙන යාමට නොහැකිව අඳුරේ අතගාමින් ක්‍රියා කරයි.


ආණ්ඩුවෙන් ආණ්ඩුවට ක්‍රියාකාරකම් වෙනස් වන අතර එම වෙනස්කම් සිදුකරන්නේ ප්‍රතිඵලදායි බව දෙස බලා නොව කුමක් හෝ වෙනස්කමක් කළ යුතුය යන හැඟීමෙන්ය. නිදහස ලබා දශක හතකටත් වැඩි වෙද්දී අප ලබා ඇති ප්‍රගතීන් කවරේද? රටේ ආර්ථික වර්ධන වේගය 3.6% දක්වා අඩු වී තිබීම කෙතරම් ඛේදජනක ද? එවැනි ඉරණමක් යටතේ සාමාන්‍ය ජනයා සුඛිත මුදිතව කෙසේ වෙතත් අනුන්ට අත නෙපා ජීවත්වන්නේ කෙසේද? ලැබෙන ආදායමට වඩා දෙතුන් ගුණයකින් වියදම් වැඩි වී ඇති රටක ජීවත්වන්නේ කෙසේද? කළු සල්ලිවලින් ජීවත්වන පිරිසක් හා උපරිමයෙන් මුදල් හම්බකරගෙන පොහොසක් වූ පරිසක් සිටිති. නමුත් වැඩි පිරිසකට ජීවත්වන්නට සිදු වී ඇත්තේ ඉතා අපහසුවෙනි. 


රටේ ජනතාව කොතරම් දුප්පත් වුවත් නාස්තිකාර අනවශ්‍ය වියදම්වල කිසිදු අඩුවක් නොමැත. අපේ රටේ දේශපාලනඥයින් සහභාගී වන හැම රැස්වීමකටම තොරන් නැටුම් පෙරහරවල් අත්‍යවශ්‍යය. උඩු වියන් හා වියන් අවශ්‍යය. විශාල වියදම් දරන උත්සව ශාලා අවශ්‍යය. එක් එක් උත්සවයට ලක්‍ෂ ගණනින් වියදම්ය. කිසිම දෙයක් උත්සව වලින් තොරව නොමැත. ශෝභනය අත්‍යවශ්‍යය. අඩු වියදමකින් අවශ්‍ය කරුණ ඉටුකරගෙන මහජන බදු මුදල් ඉතිරි කර ගැනීමට කිසිදු වුවමනාවක් නැත. එසේ කරන බව කොපමණ කීවත් ක්‍රියාත්මක මට්ටමේ දී ඉතා දරුණු ලෙස වියදම් ඉහළ යයි. සමහර විට යමක් බෙදා දීමේ දී බෙදා දෙන දේවල්වල වටිනාකමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් උත්සවය සඳහා වියදම් කරති.


වාහන පාවිච්චිය දියුණු රටකටත් වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන අතර සමහර දේශපාලනඥයෝ බොරුවට ශෝභනයට මෙන් වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කරමින් අනවශ්‍ය පරිදි ආරක්‍ෂක අංශ ද යොදා ගනිමින් සාමාන්‍ය ජනයාට හිරිහැර වන පරිදි ගමන් යති.


මෙම කරුණු මෙසේ පෙන්නුම් කරන අතරතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරණ හැන්සාඞ් වාර්තාවක් මා අතට පත් වූයේ අහම්බෙනි. ඒ 1993 දෙසැම්බර් මස 01 වැනිදා හැන්සාඞ් වාර්තාවයි. එහි 1138 පිටුවේ සඳහන් වන්නේ ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ දී විපක්‍ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීතුමා කරන ලද කථාවකි. මවිසින් මෙහි සඳහන් කළ සමහර කරුණු මීට අවුරුදු 27කට පමණ පෙරත් එලෙසින්ම පැවති බව එම කථාවෙන් පෙන්නුම් වෙද්දී මාගේ කල්පනාවට ආවේ මෙහි මා ඉදිරිපත් කළ කරුණු ශ්‍රී ලංකාවේ කවර ආණ්ඩුවක් යටතේ කවර කලෙකවත් විසඳේ ද යන්නයි. කථාවේ කොටස් මෙසේ උපුටා දක්වමි.


“ගරු සභාපතිතුමනි ඊළඟට විශේෂයෙන් මේ අමාත්‍යංශයේ විෂය ක්‍ෂේත්‍රයට රාජ්‍ය උත්සව අයත් වෙනවා. තමුන්නාන්සේලාගේ ප්‍රගති වාර්තාවේ රාජ්‍ය උත්සව ගැන සඳහන් වෙනවා. එම වාර්තාවේ මේ විධියට දැක්වෙන “ජාතික මට්ටමින් උත්සව පැවැත්වීම එම ශාඛාවේ වැදගත් සම්ප්‍රදායානුගත කාර්යයක් වේ. 93 මෙම ශාඛාව ප්‍රධාන වශයෙන් ජාතික දින උත්සවය, පෙර සිටි ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති උත්සවය....”


ගරු සභාපතිතුමනි, මේ බලන්න, රාජ්‍ය උත්සව සඳහා වැය කරන මුදල ඉතා අධිකයි. ඒ පිළිබඳව 1992 දෙසැම්බර් මාසයේ දී මේ  ගරු සභාවේ දී ප්‍රශ්න කළා. ඒ පිළිබඳව පෙස්ටස් පෙරේරා අමාත්‍යතුමාට එවූ පහත සඳහන් ලිපියේ මෙසේ දක්වා තිබෙනවා. “රාජ්‍ය පරිපාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂ පිළිබඳව 1992 දෙසැම්බර් මස 02 දින පැවැත් වූ විවාදයේ දී ඉදිරියේ එන ජනපති පදවි ප්‍රාප්තවීමේ උත්සවයක් නිදහස් දින උත්සවයක් චාම් අන්දමින් පවත්වා ජනතාවගේ මුදල් නාස්තිවීම වැළැක්වීමට ක්‍රියාකරන ලෙස ඔබ විසින් කරන ලද ඉල්ලීම ගැනයි” එතුමා ඒවා බොහොම නිහතමානීව ප්‍රකාශ කර තිබෙනවා.


1993 ජනපති පදවි ප්‍රාප්තවීමේ උළෙල හා ජාතික දින උත්සවය ඉතා චාම් අන්දමින් පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් දන්වමි.”


“මේ විධියට කියමින් තමුන්නාන්සේලා උත්සවය පැවැත්වූයේ කොහොමද? මේ රාජ්‍ය උත්සව සඳහා කොපමණ මුදලක් වැය වුණා ද කියා මම මේ ගරු සභාවේ දී වාචික ප්‍රශ්නයක් ඇසුවා. වාචික ප්‍රශ්න අංක 119/93ට  දුන් පිළිතුරේ සඳහන් වෙනවා. 1993 නිදහස් දින රාජ්‍ය උත්සවය සඳහා රු. 7,392,322ක් වැය වී ඇති බව. 1992 වර්ෂයේ රාජ්‍ය උත්සවවලට තමුන්නාන්සේලා වියදම් කළා. මුදල් පිළිබඳව මම මේ ගරු සභාවේ ප්‍රශ්න කළ අවස්ථාවේ දී 1992 රාජ්‍ය උත්සවවලට රුපියල් 4,797,730ක් වියදම් කළාය කියා මට උත්තර දුන්නා. මම කිව්වා මේ රුපියල් 47 ලක්‍ෂයක මුදල වැඩියි. ඒ නිසා චාම් විධියට පවත්වන්ට කියා. ඔව් අපි චාම් විධියට පත්වනවා” කියා 1993 දී රුපියල් ලක්‍ෂ 77ක් වියදම් කළා 1991 වර්ෂයේත් රුපියල් ලක්‍ෂ 77ක් වියදම් කර තිබෙනවා. තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිය මොකක්ද? උතුරු - නැගෙනහිර යුද භටයින්ට “ටූත් පේස්ට්” ටිකක් නැතුව පොල් අතු කෑල්ලක් නැතිව දුක් විඳිනවා. තමුන්නාන්සේලා රාජ්‍ය උත්සවවලට ලක්ෂ ගණන් වියදම් කරනවා.’ 


1993 වර්ෂයේ විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ කරුණු ඔවුන් බලයට පත්වීමෙන් පසුව ද එලෙසම ක්‍රියාත්මක වෙමින් මේ දක්වාම හැම ආණ්ඩුවක් යටතේම පැවත එන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කවුරුත් හොඳහැටි දන්නා බැවින් වෙන වෙනම වියදම් විස්තර ඉදිරිපත් කිරීම අනවශ්‍ය යැයි සිතමි.


රට ගැන සිතා ඒවා වෙනස් වන්නේ නම් එය ජාතියේම භාග්‍යයකි. එනමුත් එය එසේ සිදුවේද? ඉටු වන තෙක් ඇතිවන සැකය කිසිවෙකුටත් වැළැක්විය නොහැක. එසේ වුවද අප ධනාත්මකව අනාගතය ගැන සිතිය යුතුය. එසේ සිතා සමස්ත පාලන තන්ත්‍රයටම සම්බන්ධ වූ සියලු පිරිස් ‘යහපත් රටක්” නිර්මාණය කිරීමට වෙහෙසී ක්‍රියා කිරීමට කාලය එළඹ තිබේ.

 

 



අදහස් (1)

මන්ත්‍රී නිමල් හෙළි කළ ආණ්ඩුවේ නාස්තිය

Royfedricks Friday, 20 December 2019 10:56 PM

මන්ත්‍රී නාමය සමග බැදුණු අනෙක් පද සමුහයවන්නේ නාස්තිය ,හොරකම, වංචාව. අපරාද සහ මිනීමැරුම් වේ. අප නොදන්නා යමක් ඔබට පැවසිය හැකිද හිටපු මන්ත්‍රී තුමා?

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site