IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මන්ත්‍රී ධුරයත් අහිමිව ගෙදර ගිය අගමැතිවරයා

 

 

මෙරට දේශපාලනඥයන් අතර කැපී පෙනෙන චරිතයක් බවට විජයානන්ද දහනායක මහතා පත්ව ඇත්තේ හේතු ගණනාවක් නිසාය. 1902.10.22 වැනි දින උපත ලබා ඇති දහනායක මහතා 1917 කේම්බි්‍රජ් ජූනියර් විභාගය සමත්ව 1924 රජයේ ගුරු විද්‍යාලයට ඇතුළත්වී 1927 - 1936 දක්වා ගුරු වෘත්තියේ යෙදුණු අතර 1935 දෙසැම්බර් ගාල්ල නගර සභාවේ කලුවැල්ල ආසනයට තේරී පත්වී 1939 ජූනිවලදී ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපති ලෙස ගාල්ල නගර සභාවට පත්විය.


1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිල කොට්ඨාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් 1944.10.14 වන දින ජය ලබා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු විය. 1947 සිට ක්‍රියාත්මක වූ ලංකා ස්වාධීන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඩී. එස්. සේනානායක මහතා ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ එකම සිංහල මන්ත්‍රීවරයා වූයේද දහනායක මහතායි.


අවස්ථාවට අනුව තමන් පෙනී සිටින දේශපාලන පක්ෂය මාරු කිරීමේ සහජ දක්ෂතාවක් දැක්වූ දහනායක මහතා 1947 දී ප්‍රථම පාර්ලිමේන්තුවේ ගාල්ල මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වූයේ බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නියෝජනය කරමිනි. 1952.05.30 දින පැවැති දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී නවලංකා සම සමාජ පක්ෂයෙන් ගාල්ලට තරග කර ජයගත් මෙතුමා 1956.04.27 දින පැවැති තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා නායකත්වය ගත් මහජන එක්සත් පෙරමුණෙන් ගාල්ලට තරග කර වැඩි ඡන්ද 10,956 කින් ගාල්ල ජයගෙන එම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරීය.


1959 සැප්තැම්බර් 26 දින බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය සමග පාර්ලිමේන්තුවේ ප්‍රධාන චරිතය රඟපෑ විජයානන්ද දහනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ කිසිවකු බලාපොරොත්තු නොවුණ ලෙසිනි. ඒ නිසාම සහෝදර ඇමති මණ්ඩලය සැමවිටම සැකයට භාජන කළ අගමැතිවරයා ඇමතිවරුන් බුරුතුපිටින් එළියට ඇද දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ මහජන එක්සත් පෙරමුණෙන් හා ශ්‍රීලනිපයෙන්ද ඈත්වී වෙනම පක්ෂයක් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. 1960 මාර්තු 19 දින පැවැති මහමැතිවරණයෙන් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දහනායක අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් ආසන 101කට තරග කළත් ජයගත හැකිවූයේ ආසන 04 පමණි. නමුත් අගමැති ධුරය දරමින් නායකත්වය දුන් දහනායක මහතා වැඩි ඡන්ද 483 කින් ගාල්ල ආසනය පරාජයට පත්විය. ලංකා ඉතිහාසයේ අගමැති ධුරයක් දරා ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වූ එකම දේශපාලනඥයා විජයානන්ද දහනායක පමණි.


1960 ජූලි 20 මහ මැතිවරණයේදී ගාල්ල ආසනයට නැවත තරග කළ දහනායක මහතා එවර ජයග්‍රහණය කළේය. 1964 දී ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයට බැඳී 1965 මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ අතර 1970 මැයි 27 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව ඉන් ජයගත්තේය. නමුත් නොබෝ කලකින් එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉල්ලා අස්විය. 1974.05.03 වැනි දින එවක ජාතික රාජ්‍ය සභාවෙන් නෙරපා සතියකට ජාතික රාජ්‍ය සභාව තහනමකට ලක්වීමටද දහනායක මහතාට සිදුවිය.


1977 මහ මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගාල්ල ආසනයට ඉදිරිපත් වුවත් 1977.07.21 පැවැති එම මැතිවරණයේදී ඔහු නැවත පරාජයට පත්විය. නමුත් ජයග්‍රහණ කළ ඇල්බට් සිල්වා මහතාට විරුද්ධව ඉදිරිපත්වූ ඡන්ද පෙත්සමකින් ඔහු වැරදිකරුවකු වූ බැවින් 1979 දී ලබාදුන් තීන්දුව සමග නැවත අතුරු මැතිවරණයක් 1979.12.20 වැනි දින ගාල්ල සඳහා පවත්වන ලදී. එහිදී වැඩි ඡන්ද 13012 කින් එජාප අපේක්ෂකයා වශයෙන් තරග කර ජයගත්තේය. 1982 ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තු නිලකාලය වසර 06 කින් දීර්ඝ කළ අතර ඒ නිසා 1983 දී පැවැත්විය යුතු මහ මැතිවරණය 1989 දක්වා කල් ගියේය. ඒ අතර දහනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ සමුපකාර අමාත්‍ය ධුරයට 1986.03.04 වැනිදා පත්විය.


මේ ආකාරයෙන් විජයානන්ද දහනායක මහතා ලංකාව පුරා විවිධ දේශපාලන පක්ෂවලින් දේශපාලනය කර මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් හා අගමැතිවරයෙක් ලෙස තේරීපත්වූ ඉතා සැහැල්ලු සරල චරිතයක් වූ අතර නිහතමානී අවංක දේශපාලනඥයකු ලෙස 1997.05.04 දින අභාවප්‍රාප්ත වන විට අවුරුදු 95 පසුකර තිබිණි.

 

 


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

මන්ත්‍රී ධුරයත් අහිමිව ගෙදර ගිය අගමැතිවරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1338 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 407 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site