IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පාර්ලිමේන්තුව හෙල්ලූ මහින්දගේ සැර කතාව

 

 

රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමන්ගේ අභාවයෙන් පසුව පටන් ගත් එක්සත් ජාතික පක්‍ෂ රජයේ පරිහානිය දිනෙන් දින වැඩිවූවා මිස අඩුවක් දක්නට නොලැබුණි. ප්‍රේමදාස ජනපතිතුමාගේ අභාවයත් සමඟ අනුප්‍රාප්තිකයා වශයෙන් ඩී. බී. විජේතුංග මැතිතුමා ජනපති පදවියට පත්වූව ද එතුමාට ද එම පරිහානිය වළක්වා ගැනීමට නොහැකි විය. අමාත්‍යාංශ ගණනාවකම ඇමතිවරයකු අගමැතිවරයෙකු ආණ්ඩුකාරවරයකු ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්හි සේවය කොට මනා පළපුරුද්දක් තිබුණ ද දිනෙන් දින ක්‍රමානුකූලව සිදුවූ එජාප රජයේ නායයාම එතුමාට කිසිසේත් වළක්වා ගැනීමට නොහැකි විය. 


බලයට පත් වූ විගස විජේතුංග ජනාධිපතිතුමා රජගෙදර තිබුණේ යැයි කියූ ප්‍රේමදාස ජනාධිපතිතුමා හිඳගත් “රජ පුටුව” යැයි හැඳින් වූ අසුන එතැනින් ඉවත් කළ බව එකල සමහර මාධ්‍ය වාර්තා කළ බව මට මතකය. එවැනි ක්‍රියා තමන්ද සම්බන්ධව සිටි පාලන තන්ත්‍රයක ක්‍රියා පිළිවෙත් පොදු ජනතාව ඉදිරියේ හාස්‍යයට ලක් කිරීමක් බඳු විය. බොහෝ පුවත්පත් රජය විවේචනය කිරීමට පටන් ගත් අතර ඒවා මර්දනය කිරීමට කිසිදු පියවරක් විජේතුංග ජනාධිපතිතුමා නොගත් අතර මු`ඵ රජයක් රජයේ ක්‍රියා කලාපයත් ඉතා තදින් විවේචනය කළ මාධ්‍ය ජනාධිපතිවරයා පමණක් විවේචනය කිරීමෙන් වැළකී සිටියේ එතුමා එවැනි විවේචන කිසිවක් ගාණකට නොගත් බැවිනි.


කෙසේ හෝ වේවා 1994 වසර ආසන්න වෙද්දී එජාප රජයට එල්ල වූ බරපතළ චෝදනාවක් වූයේ දකුණු පළාත් සභාවේ බලය ලබාගෙන සිටි පොදු ජන එක්සත් පෙරමුණට එහි බලය අහිමි කිරීම සඳහා සිදු කළ කුප්‍රකට “ප්‍රැන්සිස්කුකරණ” සිද්ධියයි. එජාප රජයට එල්ල වූ චෝදනා අතර විශාල කළු පැල්ලමක් වූ එම චෝදනාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදයක් දේශපාලන නිදහසත් ගරු කළ ජනතාවගේ සිත් තුළ ඇතිවූයේ පිළිකුලකි. ඒ නිසාම 1993 දෙසැම්බර් 16 වැනි දින පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධව රැව් පිළිරැව් දුන්නේ හදිසි අවස්ථාව දීර්ඝ කිරීම පිළිබඳව පැවති විවාදයේදීය. කථා කළ විපක්‍ෂ හැම මන්ත්‍රීවරයෙකුම එම සිද්ධිය නිර්දය විවේචනයට ලක් කළ අතර එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කථාව කෙරෙහි සියලු මැති ඇමැතිවරුන්ගේ අවධානය යොමු විය. හැන්සාඞ් වාර්තාවේ 2994 පිටුවේ සඳහන් පරිදි මහින්ද රාජපක්‍ෂ මහතාගේ කථාව මෙසේය.


“ගරු කතානායකතුමනි, විමල් ප්‍රැන්සිස්කු පළාත් සභා මන්ත්‍රීතුමාගේ කාරණය පිළිබඳව කථා කළ නිසා මාත් ඒ ගැන වචනයක් කියන්නට ඕනෑ. එතුමා හදිසියේ පපුවේ අමාරුවක් සෑදීම නිසා කොළඹට ආවා යැයි කියනවා. ප්‍රැන්සිස්කු කරාපිටියේ මහරෝහලක් තිබෙද්දී කොළඹට එන්න තරම් මෝඩයෙක් නොවෙයි කියන එක මම මුලින්ම කියන්නට ඕනෑ.” (බාධා කිරීමක්)


මෙසේ මහින්ද රාජපක්‍ෂ මහතා කියනවාත් සමගම නැගී සිටි රිචර්ඞ් පතිරණ මන්ත්‍රීතුමා “ඒක ඇත්ත” යැයි පැවසුවේය. ඔහුට වැඩිපුර කථා කිරීමට ඉඩ නුදුන් කතානායකතුමා සන්සුන් වී වාඩිවන ලෙස රිචඞ් පතිරණ මහතාට කීවේය. ඒ සමගම නැවතත් තම කථාව කළ රාජපක්‍ෂ මහතා.


“අනෙක් එක නිකම් බොරුවට කෑ ගහන්න එපා. කරාපිටියේ රෝහලක් තිබෙන කොට කොළඹට අරගෙන එයි ද? පැහැරගෙනයි ආවේ.” කියා සැරට කිවේය. ඒ සමගම නැවතත් සභාව නොසන්සුන් වූ අතර කතානායකතුමා මහින්ද මහතාගේ කථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරුන්ට අවවාද කළේය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්පසු දිගටම බාධාවකින් තොරව තම කථාව කරගෙන ගියේය.


“එයාගේ භාර්යාවයි පියා නැති සාංකාවෙන් ඉන්න දරුවන් තුන් දෙනයි අද හවස 4ට ඇවිත් පොලිසියත්, දේශීය හා විදේශීය පුවත්පත් කලාවේදිනුත් ඉදිරියේ හඬ හඬා ප්‍රකාශ කළේ මගේ සැමියා අපේ තාත්තා පැහැර ගෙන ගිහින් තිබෙනවාය කියන එකයි. එහෙම පැහැරගෙන ගිහින් තිබෙනවා නම් කවුද පැහැරගෙන ගියේ? දැන් කොළඹ උදවිය දකුණු පළාතටත් ඇවිත් පැහැරගෙන යන්න ලෑස්තිවෙලා තිබෙනවා. ආණ්ඩු පක්‍ෂයේ දකුණු පළාතේ මන්ත්‍රීවරුන්ට මොනවා වෙලාද කියන්න මම දන්නේ නැහැ. මේ රටේ ජන සම්මතවාදයට ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හැඬුවේ 9 වැනිදා ගාල්ලට ඇවිත් ප්‍රැන්සිස්කු මහත්මයා උස්සාගෙන ගිය දවසෙයි කියන එක මතක් කළ යුතුව තිබෙනවා. මොකක්ද මේ විජේතුංග පාලනය ප්‍රේමදාස යුගයට වඩා වෙනස් යයි තමුන්නාන්සේලා කියනවා. එදා හොරකම්කරගෙන ගිහින් මරා දමන කොට ප්‍රේමදාස මහත්තයාගේ පාලනයට විරුද්ධව අපි ඇවිදින් කෑ ගැහුවා. දැන් මේකත් ඒ වගේමයි. වෙනසක් නැහැ. පළාත් සභාවක් කඩා හලන්නට මන්ත්‍රීවරයෙකු පැහැරගෙන ඇවිත් බලහත්කාරයෙන් රඳවා තබාගෙන ඔහු ලබාදෙන කට උත්තරය පිළිගන්නවාදැයි මම තමුන්නාන්සේලාගෙන් අහනවා. ඒ.එස්.පී කෙනෙකුට දෙන කට උත්තරය පාපෝච්චාරණයක්. හරස් ප්‍රශ්නවලට යටත්ව තමයි අධිකරණය ඉදිරියේ ඒක පිළිගන්නේ. මේක කැමැත්තෙන්, දුන් එකක්ද? එහෙම නැත්නම් අකමැත්තෙන් දුන් එකක්ද? කියා එහෙම නම් මේ පුවත්පත් සාකච්ඡාව පැවැත්වූයේ කැමැත්තෙන්ද? අකමැත්තෙන්ද? හතර දෙනෙක් අරගෙන ඇවිල්ලා කාමරේක පුවත්පත් සාකච්ඡාවක් පැවැත්තුවාලු කාටද මේක පිළිගන්නට පුළුවන්? කරුණාකර ඔහුව අත හරින්න. කරුණාකර ඔහුට එන්නට ඉඩ දෙන්න. ඇයි විජේතුංග ජනාධිපතිතුමා ඔපමණ බය? ඇයි එයාට එළියට එන්නට ඉඩ දෙන්න. අගමැතිතුමා ඔය තරම් භය ? මේවා විහිළු. ඇයි මේ වගේ තත්ත්වයක් අද ඇති කර තිබෙන්නේ?”


“අද ඒ මහත්මයාගේ දරුවෝ සාංකාවෙන් ඉන්නවා. දරුවෝ හයයි. අප පොලිසියට දීලා තිබෙනවා නමක්. ඒ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඒ මන්ත්‍රීවරයා තමයි මහරගම පොලිසියට ප්‍රැන්සිස්කු මහත්මයාගේ භාර්යාව අරගෙන ගිහින් පොලීසියේ ඕඅයිසී මගින් කට උත්තරය ලියාගන්ට සලසා තිබෙන්නෙ. ඒ ලියාගත්තේ භාර්යාව කී දේ නෙවෙයි. මන්ත්‍රීවරයා කී දේයි. ඒ මන්ත්‍රීවරයාගේ නම අපි පොලිසියට කියා තිබෙනවා. ඇයි ඒ ගැන පරීක්‍ෂණයක් කරන්නෙ නැත්තෙ? ඔබතුමාගේන් අවසර ලබාගෙන ඒ මන්ත්‍රීවරයාගෙන් කට උත්තරයක් ගන්න පුළුවන්. ගාල්ලේ තිබුණු ප්‍රශ්නයකට මහරගම පොලිසියේ ඕඅයිසීට ඇති අයිතිය මොකද්ද? මන්ත්‍රීවරයා කියන කට උත්තරය ලියා ගන්නට? නෝනාත් ගෙන ගොස් තිබෙනවා, බලහත්කාරයෙන්, එක්සත් ජාතික පක්‍ෂය ඇයි විලිලැජ්ජා නැති වැඩ කරන්නේ? තමුන්නාන්සේලා පාලන බලය ගන්නට ඇයි මේ වගේ මිනිස් දඩයම් කරන්නෙ? මේවා නතර කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් තමුන්නාන්සේලා කරන විගඩම නවත්තන්න. ප්‍රැන්සිස්කු බලහත්කාරයෙන් ගියොත්, ඉල්ලා අස්වුණොත් එයත් දන්නවා ප්‍රතිඵලය, අපි එයාව අස්කරලා වෙනත් කෙනෙකු පත් කරනවා. එතකොට මොකද්ද වෙන්නෙ? තමුන්නාන්සේලාට ඒ පළාත් සභාවෙ බලය ලබා ගන්නට බැහැ. තමුන්නාන්සේලාට ඕනෑ කොහොම හරි බලය අල්ලා ගන්නටයි. ඒක නේද මේ කරන්නෙ?”


“මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන්නට සූදානම් වන්නට එපාය කියා අපි තමුනාන්සේලාට මතක් කරනවා. මේ විධියට කරන්නට එපා. මේක එක්සත් ජාතික පක්‍ෂයට මෙතෙක් ලැබුණු විශාලම කළු පැල්ලම කියන එක මම කියනවා.”


“මේ වගේ බලුවැඩ කරලා බලය තියාගන්නට සූදානම් වෙන්නට එපා. දකුණේ මිනිස්සු ඡන්දයකින් බලයට පත් කළා. පළාත් සභාව මේ විධියට විනාශ කරන්නට එපා.” කියා තමුන්නාන්සේගේ නායකත්වයට කියන්න.”


“ගරු කතානායකතුමනි මේක ජනාධිපතිතුමාට හොඳ නැහැ. මේක අගමැතිතුමාට හොඳ නැහැ.. වහාම ප්‍රැන්සිස්කු ඉදිරිපත් කරන්න. ඔහුට ඇවිල්ලා කථා කරන්නට ඉඩ දෙන්න.”

 

“මේවා දැනගත්තම මිනිස්සු මොනවද කියන්නෙ” (බාධා කිරීම්) එම නිසා කරුණාකර මේ තත්ත්වයෙන් මිදෙන්න. ඔය ජරා දේශපාලනය කරන්නට එපා යයි එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලන අතර හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.”


“ප්‍රැන්සිස්කුකරණය” පිළිබඳව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ කරන ලද කථාවේ උපුටා දැක්වූ එම කොටස්වලින් එතුමා ඒ සම්බන්ධව දැක්වූ දැඩි විරෝධය පැහැදිලි වන අතර එදින අතාවුද සෙනෙවිරත්න, දිනේෂ් ගුණවර්ධන, දි. මු. ජයරත්න, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දැඩි සේ යථෝක්ත සිද්ධිය විවේචනය කළා. මේ සිද්ධිය සිදුවී මාස කීපයකින් විජේතුංග ජනපතිතුමා රජය විසුරුවා මහ මැතිවරණයකට මග පෑදු අතර තවත් සිදුවීම් කිහිපයක්ම එම කාලය අතරතුරදී කළුපැල්ලම් ලෙසින් මතු වූ අතර රජයක අවසානයේ දිනෙන් දින මතුවන ප්‍රශ්නකාරී සිදුවීම් ලෙහෙසියෙන් මකා දැමිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

 

 



අදහස් (0)

පාර්ලිමේන්තුව හෙල්ලූ මහින්දගේ සැර කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1342 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 408 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site