
1977 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එතෙක් ආණ්ඩු බලය දැරූ ශ්‍රීලනිප ආණ්ඩුවට අන්ත පරාජයක් අත්විය. ඒ අනුව එජාපයට මන්ත්‍රී ධුර 140 ක් හිමිවූ අතර ශ්‍රීලනිපයට ලැබී තිබුණේ මන්ත්‍රී ධුර 8 ක් පමණි.
එවර මහ මැතිවරණයට තරඟ කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 18 ක් ලැබී තිබුණෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය පවා බණ්ඩාරනායක මැතිනියට අහිමිවී ගියේය. ඒ අනුව 1970 - 1977 දක්වා මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සාමාන්‍ය මන්ත්‍රීවරියක ලෙස විපක්ෂයේ අසුන් ගත්තාය.
“මෙන්න මේ කාලයේ ඉරාකයේ ජාතික උත්සවයකට සහභාගි වන ලෙස ශ්‍රී ලංකාවටත් ආරාධනාවක් ලැබී තිබුණා. විපක්ෂය වෙනුවෙන් සිරිමාවෝ මැතිනිය තමයි සහභාගි වීමට නියමිතව තිබුණේ. මම එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණත් මැතිනියගේ ලේකම්වරයා වශයෙන් මමත් එම ඉරාක ගමනට සහභාගි වුණා.”
හිටපු කැබිනට් ඇමැතිවරයෙකු සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන දිවංගත ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා පසු කාලයේදී මාධ්‍යයට ප්‍රකාශ කළ අන්දමට එවකට පැවැති එජාප ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු වන විජේපාල මෙන්ඩිස් මහතා එම ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දැරුවේය.
එකල ශ්‍රී ලංකාවේ කටුනායක සිට ඉරාකයේ බැග්ඩෑඞ් නගරයට යාම සඳහා සෘජු ගුවන් ගමන් පහසුකම් නොතිබිණි. ඒ අනුව ඔවුන්ට සිදුවූයේ කටුනායක සිට පාකිස්ථානයේ කරච්චි නගරයට ගොස් ඉරාකයෙන් එවන ලද විශේෂ ගුවන් යානයකින් බැග්ඩෑඞ් ගුවන්තොටුපොළ වෙත යාමටය. කෙසේ වෙතත් ඉරාක ගුවන් යානය පැමිණෙන තුරු ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට පැය හතරක පමණ කාලයක් කරච්චි ගුවන්තොටුපොළේ නතරවී සිටීමට සිදුවී තිබුණේය.
“අපට තව පැය හතරක් විතර බලා ඉන්න වෙයිනේ. ඒ නිසා කරච්චියෙන් මොනව හරි ගන්න එහෙම තියෙනවා නම් දැන්ම ගිහින් එන්න”යි කී විජේපාල මෙන්ඩිස් මහතා පැය හතරක් ඇතුළත ආපසු පැමිණෙන ලෙසද නියෝජිත පිරිසට දැනුම් දුන්නේය.
“මෙන්න මේ අතරේ මැතිනියට මොනවද බඩු වගයක් ගන්න අවශ්‍ය වෙලා මාත් එක්ක කරච්චියේ ෂොපිං කොම්ප්ලෙක්ස් එකකට ගියා. මැතිනිය ඒ ෂොපිං කොම්ප්ලෙක්ස් එක ඇතුළේ බඩු තෝරන අතරේ මම ඒ සාප්පුව ඉදිරිපිට නැවතිලා සිගරැට් එකක් පත්තු කරගත්තා...” යි කියන අනුරුද්ධ රත්වත්තේ පසු කාලයකදී මහතාගේ කතාව නමැති තම චරිතාපදානයේ සඳහන් කර තිබූ අන්දමට ඔහු එකල සිගරැට් මරුවකු විය. එහෙත් මුල සිටම අනුගමනය කළ සිරිතක් වශයෙන් ඔහු මොනම හේතුවක් නිසාවත් මැතිනිය ඉදිරියේ දුම්පානය නොකළේය. එහෙයින් කටුනායක සිට කරච්චියට යන කාලය තුළ ඔහු සිගරැට් එකක් නොබී සිටියේ සෑහෙන අමාරුවකිනි.
මැතිනිය වෙළඳ සංකීර්ණය තුළට ගිය විගස රත්වත්තේ තම සාක්කුවේ තිබූ සිගරැට් බඳුන හැර ඒ තුළින් සිගරැට්ටුවක් ගෙන දල්වා ගෙන දුම්වළළු කීපයක් මුවින් පිට කළේය. ඔහුට එය තරමක ආස්වාදජනක ක්‍රියාවක් වූයේ පැය කීපයකින් මෙපිට සිගරැට්ටුවක් ඉරීමට නොලැබුනු බැවිනි. අනුරුද්ධ රත්වත්තේ වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට පාර අයිනට වී සිගරැට්ටුවක් උරන අයුරු දුටු පාරේ ගිය පාකිස්ථානුවන් තරමක් කලබලවී ඔවුන්ගේ බසින් මොන මොනවදෝ කියන හඬ ඇසුනද හෙතෙම එය කනකටවත් නොගත්තේය. ඒ අතර පාකිස්ථානුවන්ගේ කෑගැසිල්ලද ක්‍රමයෙන් උත්සන්න තත්ත්වයට පත්විය.
මේ අතර ඒ අසල තිබූ කුලී රථ නැවතුම්පොළේ නතරකර තිබූ ත්‍රීවිලරයක සිටි රියැදුරෙකු රත්වත්තේ අසල පැමිණ ඔබ පාකිස්ථානුවෙකු දැයි ඉංග්‍රීසි බසින් ඇසුවේය.
“නෝ... අයි ඈම් නොට් පාකිස්ථාන්, අයෑම් අ ශ්‍රී ලංකන්” යනුවෙන් රත්වත්තේ දුන් පිළිතුර ඇසූ එම පාකිස්ථානුවා දෑත් හිසේ ගසා ගනිමින් ඒ අසල කෑගසමින් සිටි පිරිස අතරට ගොස් පාකිස්ථානු බසින් යමක් පැහැදිලි කළේය. ඒ අතර ඔහු ශ්‍රී ලංකා යන වචනය දෙතුන් වරක්ම කී බවද රත්වත්තේට මතකය.
එහෙත් පාකිස්ථානුවන්ගේ කෑමොර ගැසීම අඩු නොවීය.
පස්සෙ බලන කොට ඒ නෝම්බි කාලේ පාකිස්ථානුවන් කවුරුවත් සිගරැට් බොන්නෙ නෑ. පාකිස්ථානුවෙක් ඒ කාලයේ සිගරැට් උරනවා දකින කොටත් ඒ මිනිස්සුන්ට තරහ යනවා. ඉතින් ඔවුන් හිතල තියෙන්නේ මාත් පාකිස්ථානුවෙක්ය කියලයි. අර ත්‍රීවිලර් ඩ්‍රයිවර් නොහිටියා නං මට ගල් ගහන්නයි ඔවුන් සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මම පකිස්ථානු ජාතිකයෙකු නෙවිය ශ්‍රී ලාංකිකයෙකුය කිව්වට එතන හිටපු කවුරුවත් ශ්‍රී ලංකාව ගැන දැනගෙන හිටියෙ නෑ. එතකොටම වගේ මම දැක්කා බණ්ඩාරනායක මැතිනිය පාර්සල් වගයකුත් අතින් එල්ලගෙන අර ෂොපිං කොම්ප්ලෙක්ස් එකෙන් එළියට එනවා. ඒ සැරේ මම දුවල ගිහින් මැතිනිය අතේ තිබුණ පාර්සල් ටික ගත්තා.
රත්වත්තේ මහතා සඳහන් කරන අන්දමට ඉන් අනතුරුව සිදුවූයේ අදහා ගැනීමට පවා නොහැකි සිද්ධියකි. ශ්‍රී ලංකාව ගැන ඊට පෙර අසාවත් නොතිබූ එම පාකිස්ථානුවන් පිරිස එසැනින් බණ්ඩාරනායක මැතිනිය හඳුනාගෙන ඕ බණ්ඩාරනායකි.... බණ්ඩාරනායකී... සින්දාබාද්.. සින්දාබාද්... යි කියමින් මැතිනියට ජය ඝෝෂා නැගීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි
2025 දෙසැම්බර් මස 04
37
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්ථානයේදී රත්වත්තේට අමුතු ඇබැද්දියක්