IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


පක්‍ෂය රැක ගැනීමේ මැතිනියගේ මෙහෙයුම

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනාශයට එල්ල වූ ලොකුම අර්බුදයෙන් එය බේරාගන්නට මැතිනිය ගත් දැඩි ක්‍රියාමාර්ගය “ටකරන් සම්මේලනය” බව එතුමියගේ පෞද්ගලික ආරක්‍ෂකයාව සිටි සෙනරත් සෝමරත්න මහතා කියයි. ඒ පිළිබඳව ඔහු කරන විස්තර මෙසේය.


“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සිරිමා කල්ලියයි” අනුර - මෛත්‍රී කල්ලියයි වශයෙන් දෙකට බෙදී තිබුණ අවස්ථාවෙ ඇත්ත වශයෙන්ම බලවත්ව සිටියෙ අනුර - මෛත්‍රී කල්ලියයි. පක්‍ෂයේ ඉහළම බලය රැඳුන තැනනෙ මධ්‍යම කාරක සභාව. මධ්‍යම කාරක සභාවෙ සාමාජිකයන් 21 දෙනාගෙන් 13ක්ම සිටියෙ අනුර - මෛත්‍රී කණ්ඩායමත් එක්ක. අට දෙනයිනෙ සිරිමා පිලේ සිටියෙ. ඉතින් ඔය අටදෙනාට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කියලයි අනුර - මෛත්‍රී පිල කිව්වෙ.


“ඒ නීත්‍යානුකූල වැඩි බලය උඩයි ඒ අය නීත්‍යානුකූලව පක්‍ෂයෙ අයිතිය ඉල්ලාගෙන උසාවි ගියේ. ජේ. ආර්. ජයවර්ධන මහත්මය හරියට වෙලාවට තැනේ හැටියට ඇනේ ගැහුව වගේ පළමුවැනි ජනාධිපති ඡන්දය කැඳෙව්වෙත් ඒ වෙලාවෙයි. 


පක්‍ෂයේ බොහෝ දෙනා බයවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවරයි තමයි කියලයි හුඟක් උදවිය කිව්වෙ. මැතිනිය හමුවෙන්න රොස්මිඞ් නිවසට එන සමහර අය එහෙම කියනවා මට ඇහිල තියනවා. පක්‍ෂය අයිතිය ඉල්ලලා නඩුව උසාවියෙ තියෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කාටවත් ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ. එහෙම වුණොත් ජේ. ආර්. ජයවර්ධන මහත්මයා නිකම්ම ගොඩයනවා. තරගයක් නැතිව දිනනව. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැත්තට නැති වෙනවා. ඔය විදිහෙ කතා තමයි ඒ දවස්වල රොස්මිඞ් එකට එන අය අතරින් ඇහුණේ.


මේ වෙලාවෙ තමයි සිරිමා කල්ලියෙ අයත් අනුර - මෛත්‍රී කල්ලියෙ අයත් මැතිවරණ කොමසාරිස් චන්දානන්ද සිල්වා මහත්මයා හමුවෙන්න ගියෙ. පක්‍ෂ මහ සම්මේලනයක් කැඳවල පක්‍ෂයේ අයිතිය ඔප්පු කරන කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකත්වය දිය හැකි බව මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේ මේ වෙලාවෙයි.


පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයට සීල්තබා පවතින නිසා මහ සම්මේලනයක නීත්‍යානුකූල ලියාපදිංචි සාමාජිකයන් කැඳවීම ප්‍රශ්නයක්. අනුර - මෛත්‍රී මේ වන විට ආසන සංවිධායකවරු පත් කරල තිබුණා. සමහර සංවිධායකවරු ශාඛා සමිති මෙන්ම අනුබද්ධ සංවිධානත් පත්කරල තිබුණ. නමුත් ඒවා නීත්‍යානුකූලව පක්‍ෂය තුළ ලියාපදිංචි බවට ලියකියවිලි නෑ. ලියාපදිංචි සංවිධාන ලැයිස්තු තියෙන්නෙ සීල්තබා ඇති කාර්යාලය ඇතුළෙ. නමුත් ඒවා ලියාපදිංචි කළ බවට පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලද රිසිට් සහ ලියකියවිලි එළියෙ තියෙනව. 


ඒ ලියකියවිලි තියෙන්නෙ ආසන සංවිධායකයන් හෝ ඒ සංවිධාන නිලධාරීන් අතේය. ඒ ලියකියවිලි සමග ඒ සංවිධාන කැඳෙව්වම ඒවා සීල් තැබූ කාර්යාලය තුළ ඇති ලියවිලිවල පිටපත්මයි.


මැතිනිය පක්‍ෂ මහ සම්මේලනය කැඳවන්න පක්‍ෂයේ ලේකම් රත්නසිරි වික්‍රමනායක මහතාට උපදෙස් දුන්නෙ ඒ පදනම මතයි. වැඩි දවසක් ගත වුණේ නෑ නියම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ සංවිධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, තරුණ සංවිධානයේ ලේකම් කීර්ති මාවැල්ලගේ, ශිෂ්‍ය සංවිධානයේ ලේකම් මොන්ටේගු සරච්චන්ද්‍ර දිවා රෑ මහන්සිවෙලා පක්‍ෂ කාර්යාලයේ ලිපිකාර මහත්වරුන් එක්ක එකතුවෙලා මැතිනිය උපදෙස් දුන්න පරිදි නිවැරදි මහ සම්මේලනයක් කැඳවන්න රත්නසිරි වික්‍රමනායක මහතාට සහාය දුන්නා.


මගේ මතකයේ හැටියට 1982 අගෝස්තු 19 වැනිදා වගේ දිනයක් තමයි ඒ සම්මේලනය පැවැත්වුණේ. නිට්ටඹුවෙ පරණ සංඝබෝධි විද්‍යාලයෙ තමයි මෙය පැවැත්වුණේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි එය සංවිධානය කළේ. මේ සම්මේලනය ගැන සියලුම පත්තර ඇහැගහගෙන ඉන්නෙ. පත්තරවලට මෙය තහනම් කළත් ඒ අයට පුළුවනි පාරෙ ඉඳල පින්තූර ගන්න. අනුර - මෛත්‍රී කල්ලියෙ අය සැලසුම් කරයි මේ විදිහට පාරෙ ඉඳල පින්තූර අරගෙන සෙනග නොසිටිය සම්මේලනයක් කියල ප්‍රසිද්ධ කරන්න. ඒ නිසා මහා සම්මේලනයට අයිති නැති කිසිම කෙනෙකුට සම්මේලන භූමියට ඇතුල් නොවෙන්නත් සම්මේලනය පිටතට නොපෙනෙන්නත් පැවැත්විය යුතුයි කියල තීරණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය. එතුමිය ඊට අවශ්‍ය කටයුතු කළා.


පරණ සංඝබෝධි විද්‍යාල භූමිය සම්පූර්ණයෙන් අඩි 15ක් තරම් උසට ටකරන්වලින් වටකළා. ඒ වටකළ භූමියේ එළිමහන් වේදිකාවක් හදලා තිබුණා. පක්‍ෂ සාමාජිකයන් ඇතුළු කළේ චෙක් කරලා. ඒ සඳහා යොදාගත්තෙ ඒ ඒ මැතිවරණ කොට්ඨාසවල ආසන සංවිධායකවරු. තම මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ශාඛා සමිතිවල සහ අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් පැමිණිය යුතුව තිබුණේ ඒ ඒ සංවිධායක මහත්වරු සමගයි. තමා සමග පැමිණි පිරිස ලියාපදිංචි සංවිධානවල සාමාජිකයන් බවට එම සංවිධායකවරයා ඒ සංවිධානවල ලියාපදිංචිය පිළිබඳව පක්‍ෂයෙන් නිකුත් කර ඇති රිසිට්පත් ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පිරිස සම්මේලන භූමියට ඇතුල්වන තුරු සංවිධායකවරයා ගේට්ටුවේ රැඳී සිටිය යුතුය. මෙසේ බාහිර කිසිවකුට සම්මේලන භූමියට ඇතුල්වීමට නොහැකි වන පරිදි සැලසුම් කර තිබුණි.


ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාසයකම සාමාජිකයෝ සහභාගි වූහ. හයදාහක පමණ පිරිසකි. අලුත් නිලධාරින් මණ්ඩලයක්. බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාද මෙයට සහභාගි විය. එහෙත් අලුත් නිලධාරි මණ්ඩලයේ කිසිම තනතුරක් ඔහුට නොලැබුණි.


මේ මහ සම්මේලනයේ පක්‍ෂයට අලුත් නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමෙන් පසුව අනුර - මෛත්‍රී කණ්ඩායමේ 13 දෙනාද නිතැතින්ම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කෙරිනි. මේ අවස්ථාවේ වේදිකාවට ආ මාතර “අක්‍රම්” මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය. අනුර බණ්ඩාරනායක - මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන 13 දෙනාගේ නම් කියා ඔවුන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතුයි කියා යෝජනා කළේය. ආරියවංශ පතිරාජ මහතා එය ස්ථිර කළේය. හයදහසක් පමණ වූ සියලුම සාමාජිකයන් අතඋස්සා එම යෝජනාව අනුමත කරද්දී මම දැක්කා මැතිනියගෙ දෑසින් කඳුළු බිඳු කීපයක් කඩාහැළුණා.

වදාකඩ නවරත්න



අදහස් (0)

පක්‍ෂය රැක ගැනීමේ මැතිනියගේ මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12118 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6803 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14487 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14850 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2764 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 667 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2188 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1881 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site