IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පක්‍ෂය ඇතුළෙන් කැපිල්ලක්

තිස්සගේ මතක වත-102

 

2015 ජනාධිපතිවරණ උණුසුම වැඩිවෙනවත් එක්කම මට විරුද්ධව සමාජ මාධ්‍ය හරහා මඩ ගහන වැඩ පිළිවෙළක් දියත් වෙමින් තිබුණා. මම මේ ගැන හොයලා බලද්දී දැන ගන්න ලැබුණේ මේ දේවල් කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක් විසින් කියන එක. විශේෂයෙන්ම මාධ්‍යයට සම්බන්ධවෙලා ඉඳපු එජාප මන්ත්‍රීවරු දෙන්නෙක් තමයි මේවට මූලිකත්වය අරගෙන තිබුණෙ.


මේ ගැන තොරතුරු දැන ගන්තට පස්සේ මම මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහට දැනුම් දුන්නා. මම එකවරක් නෙවෙයි දෙතුන් වතාවක්ම නායකතුමාට මේ ගැන කිව්වත් එයා ඒක ගණනකටවත් ගත්තේ නෑ. හැම වතාවෙම කිව්වෙ ‘ඕව ඒතරම් ගණන් ගන්න එපා’ කියලා තමයි. මම කිව්වෙ දේශපාලකයෙක් විදියට ඔය වගේ දේවල් මට අමුතු දෙයක් නොවුණත් මේක අපේ පක්ෂෙම අය කරන එකයි අවුල් කියලා. මම මේකට සම්බන්ධ අයගෙ නම් ගම් සහිතව තොරතුරු නායකතුමාට දුන්නා. ඒත් ඒවා සැලකිල්ලට ගත්තේ නෑ. මම බැරිම තැන කිව්වා මේ මඩ ගහන අයට වහාම ඒවා නතර කරන්න කියල උපදෙස් දෙන්න නැත්නම් මමත් මේවට උත්තර දෙන්න ගිහින් කවුරුත් ලොකු ප්‍රශ්නවල පැටලෙනවා කියලා. එහෙම කියලත් ඔහු ගණන් ගත්තෙ නෑ. පක්ෂය සහ පක්ෂෙ අය ගැන මගේ කලකිරීම වැඩිවෙන්න මේක ලොකු හේතුවක් වුණා.


මට දිගින් දිගටම පහර දෙද්දි පක්ෂ නායකතුමන් නිහඬව ඉන්න එකෙන් මම තේරුම් ගත්ත දේ තමයි පක්ෂ මහලේකම් පක්ෂයට තව දුරටත් වැඩක් නෑ කියන මතයේ ඉඳල මේ අය වැඩ කරනවා කියලා. පක්ෂෙ ඇතුළෙ මාව කොන්කිරීමකට ලක්කළා. පොදු අපේක්ෂකයා පිළිබඳ වැදගත් තීන්දු තීරණ ගන්න අවස්ථාවලට මාව සම්බන්ධ කරගත්තෙත් නෑ. ඒවා ගැන මට කිසිම දැනුම් දීමක් කරන්නෙත් නෑ. එහෙම එකේ පක්ෂ මහ ලේකම්කමේ තව දුරටත් මම ඉන්නෙ මොකටද කියලා මම කල්පනා කළා. මට වෙලාවකට හිතුණා මට මේ පහර දීම්, නොසලකා හැරීම් සියල්ල සිදු වෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ද අනුදැනුම උඩද කියලත්. යම් යම් සිදුවීම්වලින් ඒක මට පැහැදිලි වුණා. මට මඩ ගහපු අපේම අයට ඕනෑ වුණේ මාව අකර්මණ්‍ය කරලා පක්ෂයෙන් මාව නෙරපන්න. ඒ මොහොතේ ඒ අය මට කරපු දෙයින් සතුටු වෙන්න ඇති. මාව කොන්කරලා පක්ෂෙන් අයින් වෙන තැනට වැඩ කරපු අයට අද ඒ සිදුවීම මතක් කරනකොට මොනව හිතෙනවද මම දන්නෙ නෑ. ඒ සමහරුන්ටත් පක්ෂෙන් අද නොසලකා හැරීම් කෙරෙනවා. එදා වගේම පක්ෂය බිඳවපු අය තාමත් ඒ වැඬේම කරමින් ඉන්නවා. අදත් එක්සත් ජාතික පක්ෂයට හොඳ ගමනක් නැත්තේ මේ අවස්ථාවාදීන් කීප දෙනා නිසා තමයි.


මේ කාලය අතරම මම ටිකක් අසනීප වුණා. ඒ නිසාම ආසිරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ගියා. දින තුනකට විතර තමයි මම රෝහල්ගත වුණේ. මම රෝහල්ගත වීමත් එක්ක මං ගැන විවිධ කට කතා ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. මම දේශපාලන පිම්මක් පනින්න සූදානම් වෙනවා කියලා තමයි ඒ කටකතා පැතිරිලා ගියේ. ඇත්තටම මම රෝහල්ගත වුණේ මගේ තිබුණු අසනීප තත්ත්වය නිසා. මට මඩ ගහ ගහ ඉඳපු අයට මේකත් හොඳ මාතෘකාවක් වුණා.


පක්ෂෙ අයගෙන් පිරිසක් මාව බලන්න රෝහලට ආවා. මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් මගේ සුවදුක් බලන්න ආවා. මේ අතරෙ එක දවසක් හදිසියෙම වගේ රනිල් වික්‍රමසිංහ මට දුරකථන ඇමතුමක් දුන්නා.

 


තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි
සංරක්‍ෂිත ඡායාරූපකි



අදහස් (0)

පක්‍ෂය ඇතුළෙන් කැපිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1931 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1535 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 536 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site