IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ජනපතිවරණයේ අපූරු වාර්තා

අටවැනි ජනපතිවරණය අවසන් වී හත්වැනි ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රතිවාදී අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 1,360,016 ක් ලබා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 
 
මෙම ජනාධිපතිවරණයේදී විවිධ අංශවලින් විවිධ පැතිවලින් වාර්තා ගණනාවක් තබා ඇත. මෙතෙක් පවත්වන ලද ජනාධිපතිවරණ අටෙන්ම වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කළ ජනාධිපතිවරණය මෙම 2019 ජනාධිපතිවරණයයි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 83.72%ක් මෙවර ඡන්දය පාවිච්චි කර තිබූ අතර ඊට කලින් වැඩිම ප්‍රතිශතය වූයේ 2015 දී පාවිච්චි කළ ප්‍රමාණය වූ 81.52යි.
 
මෙවර අපේක්‍ෂකයින් 35 දෙනෙකු සිටි නිසා වැරදි ආකාරයට ඡන්දය පාවිච්චි කර අවලංගු වන (ප්‍රතික්‍ෂේප වන) ඡන්ද ප්‍රමාණය වැඩි වෙතැයි අපේක්‍ෂා කළද මෙවර දෙන ලද ඡන්ද 13,387,951න් ප්‍රතික්‍ෂේප වූයේ ඡන්ද 135,452 හෙවත් 1.01% ප්‍රමාණයකි. මෙය 2010 දී අඩුම ප්‍රතිශතය වාර්තා කළ ප්‍රමාණය වූ 0.97% ඉක්ම වූ ඊළඟ අඩුම ප්‍රතිශතය විය.
මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයක් වැඩිම පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය වාර්තා වූ මෙහිදී වැඩිම ලියාපදිංචි ඡන්ද දිස්ත්‍රික්කය ලෙස ගම්පහ වාර්තා වූයේ ලියාපදිංචි ඡන්ද 1,751,892ක් වීමෙනි. 2010න් පසු කොළඹ දිස්ත්‍රික්කය ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් දෙවනි තැනට පත්විය. එමෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිම ඡන්ද ප්‍රමාණයක් වූ 361,199ක් වාර්තා කරන ලද දිස්ත්‍රික්කයද වූයේ ගම්පහ දිස්ත්‍රික්කයයි.
 
ජයග්‍රාහී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩිම ඡන්ද ප්‍රතිශතය ලැබුණු දිස්ත්‍රික්කය වූයේ මාතර දිස්ත්‍රික්කයි. 
 
මාතර - 67.25%
හම්බන්තොට - 66.17%
මොනරාගල - 65.14%
 
මාතර දිස්ත්‍රික්කයෙන් 67.25% ක ප්‍රතිශතයක් ලැබෙද්දී දෙවැනි තැන හම්බන්තොට වූයේ 66.17%ක් වීමෙන් වූ අතර තුන්වන තැන මොනරාගලින් 65.14% ප්‍රතිශතයක් ලැබුණි. මෙහිදී වැදගත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රතිවාදී, සජිත් ප්‍රේමදාස මහතා වසර 25 තිස්සේ වැඩිම සේවයක් කළ දිස්ත්‍රික්කය වීමය. ඡන්ද කොට්ඨාස මට්ටමින් වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේ ද මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටියෙනි. එය 71.53% වීමෙනි.
 
ගෝඨාභ්‍ය රාජපක්‍ෂ මහතා - 48,140 - 71.53%
සජිත් ප්‍රේමදාස මහතා - 15,517 - 23.06%
දෙවනි තැන හක්මන වූ අතර වාර්තා කළ ප්‍රතිශතය 71.13% විය.
ගෝඨාභය රාජපක්‍ෂ - 55,814 - 71.13%
සජිත් ප්‍රේමදාස - 18,346 - 23.38%
 
තුන්වැනි වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ඡන්ද කොට්ඨාසයයි. ඒ ඡන්ද 42,664ක් ලබා 70.29% වීමෙනි. සජිත් ප්‍රේමදාස මහතා වාර්තා කළේ ඡන්ද 14,437 හෙවත් 23.79%කි. දිස්ත්‍රික්ක 22න් 16ක් ජයගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත් වූ අතර ඒවා නම් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ලයි.
 
සජිත් ප්‍රේමදාස මහතා යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්ක ජයගත්තේය.
 
පළාත් 9න් හතක් ජයගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත් වූ අතර උතුරු, නැගෙනහිර පමණක් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තේය.
දිස්ත්‍රික්ක අතරින් දිස්ත්‍රික්ක 08ක සියලු ඡන්ද කොට්ඨාස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයගෙන තිබුණු අතර ඒවානම්, කළුතර, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, රත්නපුරයි. යාපනය, වන්නි, මඩකළපුව යන දිස්ත්‍රික්ක තුනෙහි සියලු ඡන්ද කොට්ඨාස සජිත් ප්‍රේමදාස මහතා ජයගත් අතර වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ ඡන්ද කොට්ඨාසය මූතුර් වේ.
 
සජිත් ප්‍රේමදාස - 74,171 - 90.15%
ගෝඨාභය රාජපක්‍ෂ - 4925 - 5.99%
 
සජිත් ප්‍රේමදාස මහතා වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කළ දිස්ත්‍රික්කය යාපනය වන අතර එය 83.86%කි.
 
සජිත් ප්‍රේමදාස - 312,722 - 3.86%
ගෝඨාභය රාජපක්‍ෂ - 23,261 - 6.24%
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිම ඡන්ද සංඛ්‍යාව ලැබූ ඡන්ද කොට්ඨාසය හෝමාගම වන අතර එම ඡන්ද ප්‍රමාණය 106,102කි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අඩුම ඡන්ද සංඛ්‍යාවකින් පැරදුණු කොට්ඨාසය ගාල්ල වන අතර ඔහු පරාජය වූයේ ඡන්ද 140කිනි.
 
සජිත් ප්‍රේමදාස - 31,248 - 46.89%
ගෝඨාභය රාජපක්‍ෂ - 31,108 - 46.68%
 
ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් මෙවර අපේක්‍ෂකයින් අතර තුන්වැනි තැනට පත්විය.
 
1982 1999 2018 2019
273,428 344,173 710,932 418,553
4.19% 4.08% 5.75% 3.16%
 
1982, 1999 ජනාධිපතිවරණවලින් 2018 පළාත් පාලන මැතිවරණයේදිත් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු එනම් 3.16%ක ප්‍රතිශතයක් මෙවර ජනාධිපතිවරණයෙන් ලැබී ඇත. අමාත්‍යවරු කීපදෙනෙක් හැර සියලු දෙනා තම ඡන්ද කොට්ඨාසවලින් පරාජය වීමත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා තම ඡන්ද කොට්ඨාසය වූ තිස්සමහාරාමයෙන් අතිවිශාල පරාජයක් ලැබීමත් දැකිය හැකි ලක්‍ෂණයක් විය.
 
ගෝඨාභය රාජපක්‍ෂ - 91,577 - 62.55%
සජිත් ප්‍රේමදාස - 43,460 - 29.68%
 
එමෙන්ම මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නොදැරූ අයෙකු ජනාධිපති වශයෙන් ජනතාව විසින් තෝරාපත් කිරීමත් විශේෂ ලක්‍ෂණයකි.
 

 

 
 
 
බණ්ඩාරගම
සමරසේන මුදලිගේ
ඡායාරූප : 
ළහිරු හර්ෂණ / ඉෂාන් සංජීව



අදහස් (0)

ජනපතිවරණයේ අපූරු වාර්තා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6800 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14482 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 372 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1599 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site