IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


“ජනපති මෛත්‍රී පාර්ලිමේන්තුව විසුරුවයි”

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම-15

 

ගරු කථානායකතුමනි, දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී අපේ ප්‍රධාන අදිටනක් තිබුණා. අපි පිළිගන්න ඕනෑ, පාර්ලිමේන්තුව තෝරා පත්කරගෙන තිබෙන්නේ එක ජනවරමකින් බව. ජනාධිපතිවරයාට තිබෙන්නේ තවත් ජනවරමක්. එම නිසා පාර්ලිමේන්තුව එක ජනවරමක් නියෝජනය කරනවා, ජනාධිපතිවරයා තව ජනවරමක් නියෝජනය කරනවා. ජනාධිපතිවරයා තේරෙන්නේත් ජනතාවගේ ඡන්දයෙන්, පාර්ලිමේන්තුව තේරෙන්නේත් ජනතාවගේ ඡන්දයෙන්. ගරු කථානායකතුමනි, එම නිසා දේශපාලන මූලධර්මයක් හැටියට එක ජනවරමක් විසින් තව ජනවරමක් යටත් නොකළ යුතුයි. 


ජනාධිපතිවරයාගේ ජනවරම විසින් පාර්ලිමේන්තුවේ ජනවරම යටත් නොකළ යුතුයි. හැබැයි, අපේ ව්‍යවස්ථාව ඇතුළේ ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබුණා, පාර්ලිමේන්තුවේ ජනවරම ඉවත් කරන්න. ඉතිහාසයේ සිදුවූ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අපි අසා තිබෙනවා, ගරු කථානායකතුමනි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අවුරුද්දක් ගත වුණාට පසුව විසුරුවා හැරීමේ බලයක් තමන් අත්පත් කරගත්තා.


මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් තමන්ගේ සාක්කුවට දාගත්තා. ඒ නිසා බලහත්කාර ලෙස ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කළා. ඒ ඒකාධිපතිත්වය කෙළවර වුණේ උතුරේත්, දකුණේත් ජනතාව සිවිල් යුද්ධයකට මුහුණ දීමෙනුයි, ගරු කථානායකතුමනි. දකුණේ සිවිල් යුද්ධයකට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරයක් වන අපට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම නිසා අපේ සාමාජික සාමාජිකාවන් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වෙච්ච යුගයක අත්දැකීම් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම නිසා මහ විශාල ව්‍යසනයකට මුහුණ දුන් ජනතාවක් උතුරේත් ඉන්නවා. ඒ නිසා උතුරේ ජනතාවටත්, උතුරේ දේශපාලනය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් වන දෙමළ ජාතික සන්ධානයටත්, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් විශේෂ වගකීමක් තිබෙනවා. මේ වර්ධනය වෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය පාලනය කළ යුතුයි. මෙයට එරෙහිව සටන් කළ යුතුයි. ඒ අදිටනින් යුතුව තමයි අප මේ සටනට අවතීර්ණ වී සිටින්නේ, ගරු කථානායකතුමනි. යළි එවැනි යුගයක් මේ රටේ නිර්මාණය වීම සඳහා ඉඩකඩ නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීමේ දිශාව අපි ආපසු හැරවිය යුතුයි. එය හැරවීමේ අධිෂ්ඨානයෙන් අප මේ ප්‍රවේශයට අවතීර්ණ වුණා.
ගරු කථානායකතුමනි, ජනාධිපතිවරයා සතුව තිබෙන අසීමිත බලතල අපේ රටේ විශාල ලෙස ව්‍යසනයන් නිර්මාණය කර තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්න, ඇවිදින කැරකොප්පු බවට රට පරිවර්තනය කරන්න, රාජ්‍ය ආයතන මුළුමනින්ම අඩපණ කරන්න, මහජන නියෝජිතයන්ගේ තිබෙන වටිනාකම් මුළුමනින්ම දිය කර හරින්න, දේශපාලන පක්ෂ බිලිගන්න, අධිකරණය තමන්ගේ  අතට ගන්න, පාර්ලිමේන්තුව තමන්ගේ අතට ගන්න ආදී මේ සියල්ලටම හැකියාවක් ලැබුණා මේ විධායක ජනාධිපති ධුරයට. ඒ නිසා 2015 ජනවාරි මාසයේ 8 වනදා මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් යුතුව විධායක ජනාධිපති ධුරය කප්පාදු කිරීම සඳහා වූ අහෝසි කිරීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා මැතිවරණයක් පැවැත්වූවා. එයට ජන වරමක් ලැබුණා. ඒ ජන වරමේ අරමුණ මුළුමනින්ම ඉටුකරගන්න දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බැරි වුණත්, ගරු කථානායකතුමනි, ජනාධිපතිවරයා තේරුම් ගත යුතුව තිබෙනවා, දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරය වී තිබෙන්නේ ජනාධිපතිවරයා සතුව තිබෙන ජන වරමට පාර්ලිමේන්තුවේ ජනවරම යටත් නොකළ යුතුය කියන එක බව. එයයි එහි හරය. කූඹි ඔළුවක තරම් මොළයක් ජනාධිපතිවරයාට තිබෙනවා නම්, දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන හරය, එහි මුඛ්‍ය පරමාර්ථය, ජනාධිපතිවරයා සතුව තිබෙන ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරමට යටත් නොකළ යුතුය කියන එක බව තේරුම් ගත යුතුව තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා විසින් කළ දේ තමයි තමන් සතුව තිබෙන විධායක බලය උපයෝගී කරගෙන මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම. එය කිසිසේත් ව්‍යවස්ථාවට අනුරූපී ක්‍රියාදාමයක් නොවෙයි. එය විශේෂයෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ රටේ මූලික පුරවැසියා රටේ ජනාධිපතිවරයායි. ඔහු බැඳී සිටින්නේ කුමකටද, ගරු කථානායකතුමනි? රටේ ජනාධිපතිවරයාට තමන්ගේ හිතේ ඇති වන තමන්ගේ ඔළුවට එන  සිතිවිලි අනුව රටක් පාලනය කරන්න අයිතියක් නැහැ, ගරු කථානායකතුමනි, තමන්ගේ ඔළුවේ ඇතිවන මනස්ගාත අනුව රටක් පාලනය කරන්න අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට සීමා මායිම් සලකුණු කරදී තිබෙනවා. ජනාධිපතිවරයාට තමන්ගේ පාලනය පිළිබඳ සටහන් කර තිබෙන සීමා මායිම් තිබෙන්නේ ව්‍යවස්ථාව ඇතුළෙයි. මේ අතර වාරයේ දී ජනාධිපති මෛත්‍රී පාර්ලිfමින්තුව විසුරුවා හැරති.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

“ජනපති මෛත්‍රී පාර්ලිමේන්තුව විසුරුවයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 395 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 444 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site