IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කහ සිවුර ලෙයින් තෙත් කළ සටනක මතකය

 

පූජ්‍ය දඹරාවේ රතනසාර සාමනේර හිමියෝ වෙඩි ප‍්‍රහාරයකට ලක් වී අපවත් වූයේ 1966 වසරේ ජනවාරි මාසයේ 08 වැනිදාය. එවකට පැවති රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව රට පුරා විශාල ජන විරෝධයක් එක් වෙමින් තිබී ඇත. 


වෘත්තීය සමිති ගණනාවක් මෙම පනතට විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් හා පෙළපාළියක් පවත්වනු ලැබුවේ තවත් බහුජන සංවිධානවලද සහභාගීත්වයෙනි.

 
දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව පැවති පෙළපාළිය කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කර අරලිය ගහ මන්දිරය තෙක් යාමට නියමිතව තිබී ඇත. 


මහා සංඝරත්නය ද මේ අවස්ථාවට සහභාගී වී සිටි නිසා විහාර මහා දේවි උද්‍යානය කසාවතින් බැබළෙමින් තිබිණි. 
විහාර මහා දේවි උද්‍යානයේ සිට අරලියගහ මන්දිරය වෙත පෙළපාළියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ කොල්ලූපිටිය හන්දියෙන් ගාලූ මුවදොර දෙසට හැරෙනවාත් එක්කම පොලිසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වූ පූජ්‍ය දඹරාවේ රතනසාර සාමනේර හිමියෝ අපවත් වූහ. 


පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දඹරාවේ රතනසාර හිමි දරාගෙන සිටි කසාවත රක්තවර්ණ ලෙයින් පෙඟී ගොස් රත් පැහැ ගැන් වී ඇත.


දඹරාවේ පොඩි හාමුදුරුවෝ මෙම පෙලපාලියට සහභාගිවීමට පැමිණ සිටියේ අත්තනගල්ල කිරීටාරාමාධිපති බොට්ටුන්නේ ඉන්දසාර හිමියන් සමගය.


1966 වසරේ ජනවාරි මාසයේ 08 වැනිදා පැවති මෙම පෙළපාළියට රාජ්‍ය නිලධාරියෙක් වූ බී. ජී. පී. ධර්මසේන මහතා ද සහභාගී වී සිටියේය. 


එවකට සාමාන්‍ය ලිපිකරුවකුව සිටි ධර්මසේන මහතා රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වශයෙනි. 


දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව එදා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සිට අරලියගහ මන්දිරය තෙක් පෙළපාළියේ යාමට ගිය ධර්මසේන මහතාට ඒ අමිහිරි සිද්ධිය තවමත් හොඳට මතකයේ රැුඳී පවතී. 


මෙතැන් සිට දිගහැරෙන්නේ බී. ජී. පී. ධර්මසේන මහතාගේ ඒ මතකයයි. 


දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව මේ උද්ඝෝෂණයට හා පෙළපාළියට මා සහභාගී වුණේ සමස්ත ලංකා රජයේ ලිපිකරු සංගමයේ සාමාජිකයෙකු ලෙසටයි. එතකොට මා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කළා. ඒ ලිපිකරුවෙක් විදිහටයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද මේ පෙළපාළියට යන්න ඇවිත් තිබුණා. පසු කාලයක ඇත්ත පත්තරේ කර්තෘ තනතුරට පත් වූ මාධ්‍යවේදී නිව්ටන් සෙනවිරත්න මහතා ද මේ පෙළපාළියට ආවා. ඔහු ඒ වෙන කොට සේවය කළේ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ. එවකට මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාව සිටියේ රාජේන්ද්‍ර කියලා මහත්තයෙක්. ඔහු මේ පෙළපාළියට එරෙහිව තදින්ම කටයුතු කළා. අපිට මේ පෙළපාළියට සහභාගී නොවන තැනට පත් කරන්න නොයෙකුත් බලපෑම් කළා. ඒත් අපි ඒ බලපෑම්වලට යටවුණේ නැහැ. 


මේ පෙළපාළියට අතිවිශාල පිරිසක් සහභාගී වී සිටියා. මෙතරම් විශාල පිරිසක් මේ පෙළපාළියට සහභාගී වෙයි කියා සංවිධායකයන්වත් බලාපොරොත්තු වෙලා නැහැ. කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කළ මේ පෙළපාළියේ ඉදිරියෙන්ම ගියේ මහා සංඝරත්නයයි. පෙළපාළියට යන්න පිටත් වුණේ අරලියගහ මන්දිරයටයි. අරලියගහ මන්දිරයට ගිහින් අගමැතිතුමාට දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත සම්මත කරන්න එපා කියා සංදේශයක් බාර දෙනඑක තමා කොයිකාගෙන් අරමුණ වෙලා තිබුණේ. මේ පෙළපාළිය ඉතාම සාමකාමී එකක්. පෙළපාළිය කොල්ලූපිටිය හන්දිය දක්වා කිසිම ප‍්‍රශ්නයක් නැතිව පැමිණියා. 


කොල්ලූපිටිය හන්දියට පැමිණ ගාලූමුවදොර දෙසට පෙළපාළිය හැරෙනවාත් එක්කම සිදුවූයේ කිසිම කෙනෙක් කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. 


ඒ ගැන ධර්මසේන මහතාගේ මතකයයි මේ. 


”කොල්ලූපිටිය හන්දියට පැමිණි පෙළපාළිය ගාලූ මුවදොර දෙසට හැරෙනවාත් එක්කම විශාල පොලිස් හමුදාවක් පාර අහුරාගෙන සිටියා. පොලිස් අවහිර කිරීම් නොතකා ඉදිරියට යන්න හදනවාත් එක්කම පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාර දිගට හරහට ගහන්න පටන් ගත්තා. ඒත් එක්කම හෙලිකොප්ටරයක් ද පැමිණ ගුවණේ සිට පෙළපාළිය දෙසට කඳුළු ගෑස් ගැසුවා. 


කඳුළු ගෑස් ප‍්‍රහාර හමුවේ පෙළපාළියට සහභාගී වී සිටි පිරිස් හොඳටම නොසන්සුන් වුණා. මහා කලබලකාරි තත්ත්වයක් හටගත්තා. ඔන්න එතකොටම පෙළපාළිය අතරින් පිරිස දෙබෑකරගෙන කාර් එකක් ඉතාම වේගයෙන් ධාවනය කර ගෙන ගියා. මාත් ඒ එක්ක හිටිය කට්ටියක් විසි වී ගොස් පදික වේදිකාව මත ඇදගෙන වැටුණා. පුදුම බේරිල්ලක්. තව පොඞ්ඩෙන් අපි කට්ටියම ඒ කාර් එකට යටවෙනවා. 


පෙළපාළියට පොලිසියේ බිමින් හා ගුවනේ සිට කඳුළු ගෑස් ගහද්දී මේ විදියට පෙළපාළිය අතරින් වේගයෙන් කාර් එකක් ධාවනය කරගෙන ගොස් තිබුණේ ඔසී කොරයා කියා කෙනෙක් බව පසුව දැන ගැනීමට ලැබුණා. ඔහු ඒ කාලයේ හිටිය නමගිය දාමරිකයෙක්. ඔසී කොරයාගේ සහචරයෝ ඒ කාලයේ කප්පම් ගත්තා. මිනිසුන්ට හේතුවක් නැතිව පහර දුන්නා. දිවුලපිටිය බාඳුරාගොඩ ප‍්‍රදේශය පවා ඔසී කෝරයා ඒ කාලයේ හොල්ලාගෙන හිටියේ. ඔහු හා ඔහුගේ සහචරයන්ගේ දාමරික ක‍්‍රියා පොලිසියට පවා මැඩ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් එදා තිබුණේ. ඔසී කොරයාගේ දාමරිකයන්ට බයේ තමා මිනිස්සු හිටියේ. ඔසී කොරයාගේ සහචරයෙක් වූ තමනේරිස් කියන පුද්ගලයා හවසට බීගෙන ඇවිත් මිනිස්සුන්ට හරියට හිරිහැර කරනවා. ඒ නිසා බාඳුරාගොඩ ටවුමේ කඩ ඒ කාලයේ හවස වසා දමනවා. මේ දේවල් මා හොඳින් දන්නේ ඒ කාලයේ මම බාඳුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි නිසයි. 


මතු සම්බන්ධයි.

 

 

 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

කහ සිවුර ලෙයින් තෙත් කළ සටනක මතකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site