IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘එන්න! අපව ගලවා ගන්න’

 


ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 

 


දාහත් වන කොටස

 


ඬේ ඬේ හා මිනර්වා ඔවුන්ගේ කඩය තුළ ගිනුම් පරීක්ෂා කරමින් පොත්වල ඇතුළත් කරමින් සිටියහ. මිනර්වා උස් බංකුවක් මතට වී ටින් ගණන් කරමින් ඈ ලියා තිබු අංක වෙනස් කළාය. ඬේ ඬේ ලිවීමට පෙරාතුව යළි ගණන් කර බැලුවාය. ඩෙඬේ අලස නොවු අයෙකි. නමුත් මේදින ඇ නොඉවසිල්ලෙන් සිටියේ විගසින් කඩය වසා දමා සැඳෑවේ තරුණ පිරිස වොලිබෝල් ක්‍රීඩාව සඳහා එක්වන මීයෝ පෙපේ නිවස වෙත යාමටය. 


ඇගේ මස්සිනා ජැම්ටෝ ද එහි සිටිනු ඇත. ඬේ ඬේ තම ජීවිත කාලය පුරා ඔහු දැන සිටි අතර ඈ දෙහැවිරිදිව සිටිය දී පටන් පවුලේ පිරිස රැස්වන තැන්වල දී ඔවුන් එක කොටුව තුළ තබා සරදම් කිරීම මව්වරුන්ගේ විනෝදය වුණි. නමුත් පසුගිය සති කිහිපය තුළ මේ කිසිවක් සිදුනොවුණි. නොදැමුණු වාචාල කටක් ඇති තම මස්සිනා එක්වර ඇගේ හදවත තුළ යමක් වේගවත් කර ඇති බව පෙනිණ. ඇගේ මව හෝ ජැම්ටෝ ගේ මව මෙතෙක් කළ කී දෑ ඔවුනට අදාළ නොවීය. නමුත් වැඩිහිටියන් ඔවුනගේ ඉරණම තීන්දු කරන්නට සැරසෙන බව පෙනිණ. 


ඬේ ඬේ ජැම්ටෝ හා විවාහ වුවහොත් ඇ නිතරම ගෙවා දැමු ප්‍රීතිමත් ජීවිතය එලෙසම පවත්වාගෙන යා හැකිවනු ඇත. 


මිනර්වා අංක කීම නවතා දැමුවේ ප්‍රතිචාරයක් නොමැති තැනය. ඈ ඬේ ඬේ ගේ බැල්ම ඉදිරිය අවහිර කෙරුවේ හෙලෝ හෙලෝ කියා අත වනමිනි. 


ඬේ ඬේ සිනාසුණේ දවල් හීන දැක ලැජ්ජාවට පත්විය. එය ඇගේ ස්වභාවය නොවුණි. නිතරම ඔළුව අන් තැනක තබා ගත්තී මිනර්වාය. මං නිකම් කල්පනා කළා. ඇ යම් කිසිවක් මවන්නට වෑයම් කළාය. නමුත් ඇයට වේගයෙන් බොරු කීමේ හැකියාවක්ද නොවීය. දිව අග කතන්දර තබා ගත්තී ද මිනර්වාය. 


මං දන්නවා මං දන්නවා. මිනර්වා කියන්නීය. ඔයා කල්පනා කෙරුවෙ අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය ගැනයි. විටෙක ඇයට හාස්‍ය ජනක වීමේ හැකියාව තිබිණි. 


ඔයාට ඕනැ කරන්නෙ අද ඒකට සමානාත්මතාව කියන්නද?


අපි මේ වැඬේ ඉවර කරන්න තිබ්බේ සතියකට උඩ දී. ඬේ ඬේ මතක් කළාය. 


මේක මහ ගොන් වැඩක්. මිනර්වා ඔවුන්ගේ ගණන් කිරීම හාස්‍ය ජනක ලෙස අනුකරණය කළාය. පරිප්පු කිලෝ දෙකයි හතරයි කිරිපිටි එකයි බලමු සීනි එක පැත්තට තැබී හත් දෙනෙක් යනවා. එක්වරම ඇගේ හඬ වෙනස් විය. අමුත්තො දෙන්නෙක්. ඔවුහු දොර ළඟ සිටියහ. එක් අයෙකු ඔවුන්ගේ බෙදා හැරීම කළ මාරියො වුණි. ඔහු පිටුපස සිටි සුදුමැලි පාට උස් තැනැත්තා ඝනකමැති වීදුරු සහිත කම්බි රාමුව යෙදු උපැස් පැල ඳ සිටියේය. ඔහු වෛද්‍යවරයකු හෝ උගතෙකු බව පෙනිණි. 


අපි කඬේ වහලා ඬේ ඬේ නිවේදනය කෙරුවේ මාරියෝගේ දැන ගැනීම පිණිසය. 


තාත්තා ගෙදර නමුත් මිනර්වා ඔවුනට ගබඩාව ඇතුළට කතා කළාය. කරුණාකර ඇවිත් අපව ගලවා ගන්න. 


මොකක්ද ප්‍රශ්නය. මාරියෝ විමසුවේ සිනාසෙමිනි. වැඩ වැඩිවෙලා ද?


කිසිම උනන්දුක් ඇති නොවන වැඩ මිනර්වා පැවසුවේ දැඩි ලෙසය.


නමුත් ඒවා කරන්න ඕන වැඩ. අපේ වසර අවසාන තොග ලේඛනය නව වසරේ අවසන් නොවුණ වැඩක් වෙලා. ඬේ ඬේ පැවසුවේ මෙය කලින්ම අවසන් නොකිරීම ගැන තමා සමගම කෝපයට පත්වෙමිනි. 
සමහර විට අපට උදව්වක් කරන්න හැකි වෙයිද? තරුණ උගතා කවුන්ටරය අසලට විත් ඬේ ඬේ පිටුපස වු රාක්ක දෙස නෙත් යොමු කළේය. මේ මගෙ ඥාති සහෝදරයෙක්. මාරියෝ පැහැදිලි කළේය. මේ දැන් අගනුවරින් ආවේ ආතතියට පත් කාන්තාවන් මුදා ගන්නයි. 


ඔබ විශ්වවිද්‍යායෙද? මිනර්වා සිය උස් හඩින් විමසුවාය. තරුණයා හිස සැලිය. මාරියෝ නොකඩවා සිය ඥාතියා ගැන පුරසාරම් දෙඩිය. වර්ජිලියෝ මොරාලිස් නම්  ඔහු මෑතක දී වෛද්‍ය උපාධිය ලබා වෙනිසියුලාවෙන් පැමිණි අයෙකි. ඔහු දැන් වෛද්‍ය පීඨයේ උගන්වයි. ඔහු සැම සති අන්තයකම සිය පවුලේ නිවෙස වූ ලිසේ බලා පැමිණියේය. 


වර්ජිලියෝ හුඟාක් බැරෑරුම් නමක් නෙ. ඬේ ඬේ එසේ කියා මුහුණ රතුකර ගත්තාය. ඈ සාමාන්‍යයෙන් මෙසේ ඉදිරියට පැන කතා කිරීම නොකළාය.  තරුණයාගේ බැරෑරුම් සහගත බව අතුරුදන් විය. ඒ නිසයි හැමෝම මට ලියෝ කියල කතා කරන්නේ. 


ඔවුන් ඔබට ලියෝ කියන්නෙ ඔබ නිතරම එක දෙයකින් හෝ තවත් දෙයකින් මතුවෙන නිසයි. මරියෝ ඔහුට සිහිපත් කළෙන් ඔහු සිනාසුණේය. 


වර්ජිලියෝ මොරාලෙස් මිනර්වා හඩ නැගෙන සේ අවධාරණය කළා. ඔබේ නම අහල පුරුදුයි. ඔබ එල්සා සැන්චෙස් හා සිනිටා පෙරෝසෝ දන්නවද? ඔවුන් විශ්වවිද්‍යාලයෙ ඉන්නවා. 


ඕ ඇත්තෙන්ම. ඔහු සිනාසෙන්නට වුයේ මිනර්වා වෙත අවධානය යොමු කරමිනි. විගසින් ඔවුන් දෙදෙනා ගැඹුරින් සාකච්ඡාවට  පිවිසුණි. මෙය මෙසේ වීදැයි ඬේ ඬේ කල්පනා කළාය. තරුණයා එක එල්ලේ පැමිණියේ ඇයට උදව් කරනු පිණිසය. 


ඔයාට කොහොමද ඬේ ඬේ? මාරියෝ කවුන්ටරය වෙත නැඹුරු වුයේ ආරක්ෂාකාරී බවකිනි. ඔහු ඬේ ඬේ ගැන උනන්දු වී සිටියේ මාස කිහිපයක සිටය. මාරියෝ ඔහු ජැමිටෝ ට වඩා වෙනස්ය. නමුත් මේ තරුණ වෛද්‍යවරයා තරමටම කැපී නොපෙනේ. 


අපට මේ වැඬේ කලින් ඉවර කරන්න තිබුණා ඬේ ඬේ සුසුමක් හෙළා පෑනේ කොපුව ගසා පොත වසා දැමුවාය. මාරියෝ සමාව ඉල්ලුවේය. ඔවුන් පැමිණීමට පෙරාතුව ද එය සාර්කව සිදු නොවූ බව ඬේ ඬේ තහවුරු කළාය. 
“සමහර විට මේ උණුසුම නිසා වෙන්නැති.” මාරියෝ පැවසුවේ පැනමා තොප්පියෙන් පටන් සලා ගනිමිනි. 


“අපි හැමෝම කළපුවේ පිනන්න යමුද?” මිනර්වා යෝජනා කළාය. තරුණයන් එකඟ වූ නමුත් ඬේ ඬේ  මිනර්වා මතක් කළාය. 


එතකොට වොලිබෝල් ද? ජැම්ටෝ අද එනතුරු බලා සිටිනු ඇත. අවසානයේ මාරියෝ සිදුවීමට පැමිණේ නම් ගැටලුවක් ඇති නොවනු ඇත. ඇගේ විවාහය සිදුවිය යුතු ඇගේ කැමැත්තටය. 


වොලිබෝල් ද? කවුරුහරි වොලිබෝල් ගැන කිවුවද? තරුණ විද්වතා විමසුවේය. ඔහුගේ සුදුමැලි බැරෑරුම් සහගත මුහුණෙහි සිනහවක් දක්නට ලැබීම කදිමය. අනතුරුව දැන ගන්නට ලැබුණේ ඔහු විශ්වවිද්‍යාල කණ්ඩායම් කිහිපයකම ක්‍රීඩාකර තිබු බවයි. 


මිනර්වා තවත් කදිම අදහසක් ඉදිරිපත් කළාය. වොලිබෝල් ක්‍රීඩා නොකරන්නේ මන්ද? එවිට ඔවුනට දහදියෙන් බත්ව උණුසුම් වී ගොස් කළපුවට පැනීමට හැකිවනු ඇත.


ඕනෑම කෙනෙකුට පෙළ ගැස්වීමට මිනර්වා සතු හැකියාව ගැන ඬේ ඬේ සතුටු වුවාය. ඔවුනට පියාගෙන් අවසර ගත හැකි බවට ද ඈ තහවුරු කළාය. දෙසොහොයුරියන් ආරක්ෂාව සඳහා සුදුසුම දෙදෙනකු කැඳවාගෙන ඇතැයි පියාට නොහැගුණු බව කිව  හැක. 


තරුණයින් දෙදෙනා සාලයේ වාඩිවී මව හා කතා කරන විට මිනර්වා තම පියා හා වැඩ කරන්නට එන කෙනෙක්, ඔයාගෙ  විශ්වාසය දිනාගත් කෙනෙක්. අපි යන්නෙ අපේ ටියෝ පෙපේ මාමා ගේ ගෙදර අපේ මස්සිනාලා  එක්ක සෙල්ලම් කරන්න. අපේ තනියට තව කී දෙනෙක් කියලා එක්ක යන්නද?


තාත්තා සිටියේ කැඩපත ඉදිරිපිටට වී ඇඳුම් මාරු කරමිනි. ඔහු පෙරටත් වඩා ළාබාල පෙනුමැතිය කඩවසම්ව දිස්වුණි. අම්මා තුළ වු කනගාටුව ඬේ ඬේ ගේ මතකයට නැගිණි. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පරිවර්තනය 
මානෙල් ජයන්ති ගුණසේකර



අදහස් (0)

‘එන්න! අපව ගලවා ගන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 621 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site