IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


උරුමය හිසින් ගත් ඔටුනු නොපලන් කුමාරයා

 

ලොව කිර්තිමත් රාජ්‍ය නායකයන් දෙපළක් වූ ශ්‍රීමත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බාල දරුවා ලෙස අනුර බණ්ඩාරණායකයන් 1949 පෙබරවාරි 15 දින උපත ලබා වසර 59ක් ජීවත්ව විචිත්‍රවත්, නොකැළැල් දේශපාලන මාවතක ගමන් කොට 2008 මාර්තු 16 දින මියගියේ ශ්‍රී ලාංකික ජන හදවත් අතිශය කම්පනයකට ලක් කරමිනි. එතුමා රාජ්‍ය නායකත්වයට පත් නොවුණත් ලෝකයේ ප්‍රබල රටවල නායකයන් ඉතා සමීපව ඇසුරු කළේය. එතුමාට කුඩා කල සිටම මෙම වාසනාව හිමිවිය.


එතුමා ඇසුරු කළ ලෝක නායකයන්ගේත් වෙනත් වැදගත් දේශපාලන ඡායාරූපත් නිරීක්ෂණය කළහොත් දේශපාලන ඉතිහාසය අඩංගු අගනා කෘතියක් සම්පාදන කළ හැකි වනු ඇත. එතරම් දුර්ලභ ඡායාරූප එතුමාට තිබුණි. ඒවාට කුමක් සිදුවූයේ දැයි අපි නොදන්නෙමු. මෑතකදී එතුමාට අයත්ව තිබූ අගනා පොත්පත් පිටකොටුව පදිකවේදිකා වෙළෙන්දකු විකුණූ බව දැනගන්නට ලැබුණි. ලොවම හඳුනන නායකයෙකු පරිහරණය කළ අගනා ග්‍රන්ථවලට මෙවැනි ඉරණමක් අත්වීම ශෝකජනකය. මෙබදු වැදගත් නායකයෙකු ගැන අද කවුරුත් කතා කරන බවක් නොපෙනේ. මෙතුමාගේ සරණින් ඉහළට ගිය බොහෝ නායකයන් මුනිවත රැක්කත් අප ළඟින් ඇසුරු කළ මේ නායකයාගේ උපන් දිනය වෙනුවෙන් යමක් ලිවීම වැදගත් යැයි හැගේ.


ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධාරියකු වන අනුර බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රීලනිපයට කළ අමිල සේවාව අද බොහෝ නායකයන්ට අමතකය. ඔහු පාසලේ ඉගෙනුම ලබන සමයේ සිටම එනම් 1965 සිටම සෑම මැතිවරණයකටම ඍජුවම හවුල් වී පක්ෂයේ උන්නතිය උදෙසා ඉමහත් මෙහෙවරක් කළේය. ඔහු දිවා රෑ නොතකා ඈත ගම්දනව්, කඳු පල්ලම් පීරමින් ගැමි ජනතාව මුණ ගැසුණු අයුරු පැරණි පක්ෂ සාමාජිකයෝ කෘතවේදීව අදත් සිහි කරති. එසේම එතුමා ඈත ගම්වල සිටි දක්ෂතා පිරි උගත් තරුණ පිරිස් පක්ෂයට සම්බන්ධ කරමින් ඔවුන්ව දේශපාලන ලෝකයේ ඉහළටම රැගෙන ආවේය. අද ඔවුහු ඉහළ තලයේ වැජඹෙති. බොහෝ අයට ඒ බවක් අද මතක නැත. එසේම 1970 මහා මැතිවරණයේදී මෙතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරද්දිම අත්තනගල්ල ආසනයේ මැතිවරණය මුළුමනින්ම තනිවම මෙහෙයවීය. එසේ තනිවම මෙහෙයවන්නට සිදු වූයේ එතුමාගේ සහෝදරියන් දෙදෙනාම විදේශගතවී සිටි බැවිනි. එවකට වසර 21ක් වූ මෙතුමා අත්තනගල්ලෙන් සිය මව වැඩි ඡන්ද 21,000කින් ජයග්‍රහණය කරවීමට සමත් විය. එතෙක් මැතිනිය අත්තනගල්ලෙන් එවන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ඊට පෙර ලබා නොගත් බව ද සිහිපත් කරමි. තවද එම මැතිවරණයේදී මෙතුමා රටපුරා සංචාරය කරමින් රැස්වීම් ඇමතීම සමගි රජයේ ජයට ප්‍රබල හේතුවක් විය. එමෙන්ම 1970-74 බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අතරතුර ලංකාවේ පැවැති සෑම අතුරු මැතිවරණයකටම පැමිණ ඒවා මෙහෙයවීය.


විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට පැමිණි අනුර බණ්ඩාරනායකයන් 1974 සිට පක්ෂයේ තරුණ සංවිධාන නායකයා ලෙසින් සමගි රජයේ ජනප්‍රසාදය පිරිහෙමින් පැවැති දේශපාලන පසුබිමක වුවද පක්ෂයට තරුණ රැල්ලක් මතු කිරීම ඔහුගේ හපන්කම කදිමට කියාපාන්නකි. එතුමා ගිය සෑම රැස්වීමකටම, සම්මන්ත්‍රණයකටම විශාල පිරිස් රොක් වූහ. එමෙන්ම 1976 ජාඇල අතුරු මැතිවරණය පැමිණියේ සමගි පෙරමුණු රජය දැඩි පිරිහීමකට ලක් වී තිබුණු පසුබිමක් තුළය. ඒ නිසා කිසිම ප්‍රබල ඇමැතිවරයකු මෙම අතුරු මැතිවරණය මෙහෙයවීම භාර නොගත් අතර මෙතුමා එය තනියෙන්ම මෙහෙයවීය. 

ඉන් පෙර කිසිම අවස්ථාවක ශ්‍රීලනිපය නොලද ඡන්ද සංඛ්‍යාවක් ජා-ඇලින් ලබා ගත්තේය. ඒ තුලින් එතුමාගේ දක්ෂ මෙහෙයුම් සංවිධාන ශක්තිය, ජනප්‍රියත්වය කදිමට ඔප්පු විය.


1977 දී අනුර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ සිය මාපිය පාර්ශ්වයේ දේශපාලන බලකොටුව වූ තමන්ට හුරු පුරුදු අත්තනගලු ආසනයෙන් හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොවේ. එතුමා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ වතු කම්කරු ඡන්ද බහුතරයක් ඇති නුවරඑළිය - මස්කෙලිය මැතිවරණ කොට්ඨාසයෙනි. මෙතුමාට මෙම ආසනය වෙනුවෙන් කැප කිරීමට සිදු වූයේ දින 6ක් පමණි. ඉතිරි සමස්ත කාලයම රටපුරා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය. කිසිවකු නොසිතූ අයුරින් නුවරඑළිය - මස්කෙලිය ආසනයෙන් ඡන්ද 49,000ක් ලබාගෙන ඔහු ආසනයේ දෙවැනි මන්ත්‍රී වූයේ වතු ද්‍රවිඩ නායක තොණ්ඩමන් තෙවැනියා බවට පත් කරමිනි.


එවකට ප්‍රබල නායකයන් දෙදෙනෙකු වූ ගාමිණි දිසානායක සහ තොණ්ඩමන් සමග කරට කර සටනක් දී තවත් අපේක්ෂකයන් 14ක් පරදවා සිය ආසනය සඳහා දින 6ක් පමණක් ගතකොට ලැබූ ජය ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියකි. එතුමා මෙසේ ජය ගත්තේ ප්‍රබලයන් මග ගස් මුලින් ඉදිරී වැටෙන්නාක් මෙන් පක්ෂය සෝදා ගෙන යන විට හා 8 දෙනෙක් පමණක් දිනූ පසුබිමක් තුළය.


අනුර බණ්ඩාරනායකයන් ලංකාවේ පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ ද ලාබාලතම විපක්ෂනායක විය. එතුමා 1983 විපක්ෂනායක ධුරය හිස් වූ විට එයට පත්වූයේ සියල්ලන්ගේම එකඟත්වයෙනි. එතුමා එම ධුරයේ වගකීම ශ්‍රීලනිප මන්ත්‍රීන් 8ක් වැනි සුළු පිරිසක් සමඟ එජාප මන්ත්‍රීන් 148ක් සමඟ කරට කර හැප්පෙමින් ඉහළින්ම කළ බව කවුරුත් පිළිගනිති. පරිණත දේශපාලනඥයකුගේ ඉහළම ලකුණු පහළ කරමින් එතුමා එදා කළ කාර්යභාරය නූතන නායකයන්ට කදිම ආදර්ශයක් ද වන්නේය. 
1988 මැතිනිය ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේ සමස්ත බරම කරට ගෙන ක්‍රියා කළේ රාජ්‍ය භීෂණය, කොටි ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේය. එම ජනපතිවරණයේදී හැම පළාතටම රැස්වීම් 115ක් අමතමින් එතුමියගේ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ එම රැස්වීම්වලට බෝම්බ වෙඩි වරුෂා පතිත වෙද්දීය. භීෂණය හා හොර ඡන්ද නොවන්නට 1988 ජනපතිවරණය ජය ගන්නේ මැතිනියයි. එසේම 1989 මහ මැතිවරණය ද අනුර මව සමඟ මෙහෙයවීය. එමෙන්ම පාද යාත්‍රා රථ යාත්‍රා මඟින් ජනතාව අවදි කිරීමට එතුමා සමත් විය. එදා පාද යාත්‍රා, රථ යාත්‍රා සමඟ අනුර එනතුරු ජනතාව හුළුඅතු පත්තු කරගෙන සිටි අයුරු අද බොහෝ නායකයන්ට අමතකය.


අනුර බණ්ඩාරනායක මැතිතුමා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වන කථානායක ධුරයට පත්වූයේ ද ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද පොදු එකඟත්වයෙනි. ඔහු නිසා තනතුර බැබළීය. මෙතුමා ව්‍යවස්ථාදායකය උත්තරීතරය යනුවෙන් ඓතිහාසික තින්දුවක් දුන්නේය. මෙතුමාගේ උනන්දුව හා කැපවීම නිසා සන්ධානය බිහිවිය. එසේ බිහි නොවන්නට 2004 දී ශ්‍රීලනිපය ප්‍රමුඛ රජයක් බිහි නොවනු ඇත. අනුර බණ්ඩාරනායකයන්ගේ ගුණ සමරන්නට එතුමා ගැන ලියන්නට අද කිසිවෙක් නැත. ඒත් එතුමා ජීවත්ව සිටියදී එතුමාගේ සරණින් දේශපාලන ලෝකයේ හිණිපෙත්තට නැගගත් බොහෝ දෙනා අද එතුමා ගැන වචනයක්වත් කතා කරන බවක් නොපෙනේ. ඒ තරමටම අද ලංකාවේ දේශපාලනය අකෘතඥ බවින් වෙලී ගොස් ඇත. අනුර බණ්ඩාරණායක වැනි විශිෂ්ට දේශපාලනඥයන්ගේ අඩුව අපේ රටට එදාට වඩා අද තදින් දැනේ.



අදහස් (0)

උරුමය හිසින් ගත් ඔටුනු නොපලන් කුමාරයා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12119 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6803 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14487 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14850 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2764 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 698 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1911 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site