IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


උගන්ඩාවේ විනාශකාරයා යුවේනි මුසවේනි

 

“හොරෙකු සහ තක්කඩියෙකු නොවේ නම් දේශපාලකයෙකුට ලොකු පොහොසතෙකු විය නොහැකි”  බව කිව්වේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ හැරී එස්. ටෲමන්ය. ජනතාවට අවශ්‍ය සියලු දේ ජනතාව අතරේ බෙදාදීම රටක අවංක පාලකයින්ගේ යුතුකමකි. මහජන දේපොළ බදා ගෙන භුක්ති විඳින දේශපාලකයින් සිටීම රටකට පිළිලයකි. බොහෝ රටවල් ඇදවැටී ඇත්තේ මෙවැනි දේශපාලකයින් නිසාය. ඉහත කී දේශපාලනඥයින්ට ගොදුරු වූ උගන්ඩාවේ වත්මන් ජනාධිපති යුවේනි මුසවේනි ගැන දැන ගැනීමට මෙවර දියත වෙන්වේ. 


කෙන්යාව, සුඩානය, කොංගෝව, රුවන්ඩාව, ටැන්සානියාව යන රටවලට මැදිව නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි උගන්ඩාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1962 ඔක්තෝබර් 9 වැනිදාය. වර්ග කි.මී. 241,038 ක් විශාල මේ රටේ අද ජනගහණය හාර කෝටි පනස් ලක්ෂයකට අධිකය. මේ රට නිදහස ලබා ගත්තේ දීර්ඝ කාලීන ගරිල්ලා යුද්ධයකින් පසුවය. 1962 දී උගන්ඩාවේ ප්‍රථම පාලකයා වූයේ මිල්ටන් ඔබටේය වසර 8 ක් ඔහු ප්‍රමුඛ මුළු පවුල රට පාලනය කළේය. මේ කාල සීමාවේ ඝාතනය කළ රට වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ක් පමණය. ඔහු ගෙන ගියේ ඒකාධිපති පාලනයකි. සුද්දන් ඉතිරි කර ගිය දේවල් පවුලේ ඥාතීන් අතරේ බෙදා හදා ගනිමින් ඔහු රට සූරා කෑවේය. ඔහු නෙරපා 1971 ජනවාරි 25 වැනිදා රටේ සුක්කානම අතට ගත්තේ බොක්සිංකාරයෙකි. හමුදා ජනරාල්වරයෙකි. ඒ මුළු ලොවම දන්නා ඉඩි අමින්ය. උගන්ඩාව කණපිට ගැහුවේ මේ ඒකාධිපති නායකයාය. 
කෝටි ප්‍රකෝටි ගණනින් සොරකම් කළ මුදල් හා රත්රන් යටිමඩි ගසාගෙන 1979 දී සවුදි අරාබියේ රජ පවුලේ අනුග්‍රහයෙන් සවුදියට පළාගොස් ජෙඩා නුවර දැවැන්ත මන්දිරයක් මිලට ගෙන තවත් වසර 22 ක් කිසිදු උපද්‍රවයකින් තොරව අරාබියේ සුර සැප විඳි ඉඩි අමින් 2003 දී අරාබි කතරේදී සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහු කළ දේවලට වන්දි ගෙවීමට සිදුවූයේ උගන්ඩාවේ අසරණ ජනතාවටය. ඉඩිඅමින්ගෙන් පසුවද උගන්ඩාව ගොඩ ආවේ නැත.  


ඉඩිඅමින් පළවා හැර උගන්ඩාවේ පාලනය සියතට ගත් වත්මන් ජනාධිපති යුවේනි මුසවේනි ඊට පෙර සිටි පාලකයින් දෙදෙනාටම වැඩියෙන් රට කාබාසිනියා කරන බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. 2016 පෙබරවාරි මස මුසවේනි 5 වැනි වරටත් ජනපති තනතුරට පත්වුණේය. ඔහු මේ දක්වා වසර 30 ක් උගන්ඩාව පාලනය කර ඇත. මුසවේනිගේ එන්.ආර්.එම්. (භඍඵ) පක්ෂය මෙතෙක් කර ඇත්තේ අනිකුත් දේශපාලන පක්ෂ මර්දනය කිරීමයි. ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් මුදලට බිලීබා ගැනීමයි. මෙසේ වෙනත් පක්ෂවල මන්ත්‍රීන් බිලීබා ගැනීමට ඔහු වැය කරන අඩුම මුදල උගන්ඩා සිලිං මිලියන 29 ක් යැයි සඳහන් වේ.  


මැතිවරණ දූෂණවලට මුල්තැන දීම මුසවේනිගේ ක්‍රමවේදය වේ. දැන් 72 හැවිරිදි මුසවේනි මුලින්ම ජනපති තනතුරට ඉදිරිපත් වීමේ වාර සංඛ්‍යාව සංශෝධනය කර ගත්තේය. ඊළඟට ජනපති තරගයට ඉදිරිපත් විය හැකි වයස් සීමාවද ව්‍යස්ථාවෙන් ඉවත් කර ගත්තේය. මේ අනුව 76 වැනි වියේදී එනම් 2021 දී ඔහුට යළිත් ජනපති පදවියට තරග කිරීමට අවස්ථාව උදා කර ගැනීමට සමත් වූයේය. 


යුවේනි මුසවේනි ගෙන යන්නේද පවුල් පාලනයකි. ෆෝර්බ්ස් සඟරාව පළ කළ ලොව ඒකාධිපති පාලකයින්ගේ නම් ලැයිස්තුවට මුසවේනිගේ නමද ඇතුළත්ය.  රටේ ප්‍රධාන අමාත්‍ය පදවි කීපයක් දරන්නේ ඔහුගේ බිරිඳ ජෙනට්ය. පුතෙකු වූ මුහුසි ජෙනරාල්වරයෙකි. ආරක්ෂක සේනාවන්හි ප්‍රධානියා වේ. ඉහළ තනතුරු දරන්නේ මුසවේනිගේ පවුලේ උදවියයි. 
උගන්ඩාව මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රධාන රටකි. මෙහි කාලයක් තිස්සේ පැවැති යුද්ධ වලින් අනාථ වූ පවුල් ලක්ෂ 14 කට වැඩිය. ඔවුන් තවමත් දිවි ගෙවන්නේ අනාථ කඳවුරුවලය. මේ අනාථයින්ට ජාත්‍යන්තර සංවිධාන සහ විදේශ රටවල් ලබාදෙන ආහාර, ඖෂධ, ආධාර මුදල් ගසා කන්නේ දේශපාලකයින්ය. පාලකයින්ය. ඔවුන්ගේ පවුල්වල අයය. රජයේ නිලධාරීන්ය. බාලවයස්කාර ළමයින් වහල් සේවයෙහි යොදවන ප්‍රධාන රටකි. ගැහැනු ළමයින් වැඩි වශයෙන්ම ලිංගික අතවරවලට ගොදුරුවෙන්නේ උගන්ඩාවේය. යුවේනි මුසවේනි මේ එකදු ගැටලුවකට පිළිතුරු සපයා නැත.


රටක දේශපාලකයින් කැලෑව ගිනි තියන ගින්නක් නොවිය යුතුය. කැලෑවේ ගින්න නිවන වැස්සක් විය යුතුය. රටකට යහපතක් සිදුවෙන්නේ එවිටය. මුසවේනි ගෙන් එවැනි යහපතක් රටට සිදුවේද යන්න තවමත් සිහිනයකි.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

උගන්ඩාවේ විනාශකාරයා යුවේනි මුසවේනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 37 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 339 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site