IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ආණ්ඩුව යැයි කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා

ලක්‍ෂ්මන් කිරිඇල්ල කියයි

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළ ද එම ආණ්ඩුවට බහුතර බලය නොවීය. බහුතර බලය තිබේද යන්න ඔප්පු කළ හැකි එකම ස්ථානය පාර්ලිමේන්තුව විය. එහෙයින් මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කළේය. 

මේ අතර වාරයේදී ජනාධිපතිවරයාගේ තීන්දුවට එරෙහිව පාර්ශ්ව ගණනාවක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. ඔවුන්ගේ යෝජනාව වූයේ ජනාධිපතිවරයා ගත් තීන්දුව ව්‍යවස්ථාවට පටහැනි බවය. 


මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කළ ද කතා නායක කරු ජයසූරිය. 


ගරු කථානායකතුමා : පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 19.(1) යටතේ හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණා සාකච්ඡා කිරීම සඳහා ගරු (මහාචාර්ය) ආශූ මාරසිංහ මැතිතුමා ඉල්ලීමක් කර තිබෙන බැවින්, එම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා සභාවේ අනුමැතිය. සභාව එකඟද? 


ගරු මන්ත්‍රීවරු : එකඟයි


ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා : නැගී සිටියේය. 


ගරු කථානායකතුමා 


ගරු ආශු මාරසිංහ මන්ත්‍රීතුමා : ගරු කථානායකතුමනි, මේ අවස්ථවේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 19 (1) යටතේ හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණ සාකච්ඡා කිරීම සඳහා කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටිනවා. 

 
ගරු කථානායකතුමා : යෝජනාව කියවන්න ගරු මන්ත්‍රීතුමනි. 


ගරු (මහාචාර්ය) ආශූ මාරසිංහ මහතා : ගරු කථානායකතුමනි, යෝජනාව මෙයයි. 


ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක කර්මාන්තය තුළ ඉහළම ස්ථානයක තිබියදී රටේ සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අනතුරකට පත්ව ඇති බැවින්ද, ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලනය සහ නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බැවින් ද ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කර සංචාරක කර්මාන්තය වහාම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව මෙම සභාවට යෝජනා කර සිටී. 


ගරු කතානායකතුමා : සභාව එකඟද? 
ගරු මන්ත්‍රීවරු : එකඟයි. 
ගරු කථානායකතුමා : ඊළඟට, පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලය පස්වරු 6.30 දක්වා යෝජිතයි. ඒ වෙලාවට එකඟද? 
ගරු මන්ත්‍රීවරු : එකඟයි. 
ගරු කථානායකතුමා : පාර්ලිමේන්තුව කල් තැබීම. 
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : ගරු කථානායකතුමනි, මේ යෝජිත ආණ්ඩුව බලයට පත්වෙලා අදට මාසයක් වෙනවා. මේ මාසය තුළ එකම පනත් කෙටුම්පතක්වත්, එකම නීතියක්වත්, එකම රෙගුලාසියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. 
ගරු මන්ත්‍රීවරයෙක් : ඉතින්, ආණ්ඩුවක් නැහැනේ. 
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : නැහැ. යෝජිත ආණ්ඩුව. යෝජිත ආණ්ඩුව. 
ගරු මන්ත්‍රීවරයෙක් : ආණ්ඩුව යැයි කියා ගන්නා අය. (බාධා කිරීමක්) 
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව යැයි කියා ගන්නා අය බලයට පත් වෙලා මාසයක් ගතවෙලත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා යෝජනාවක් නීතියක්, ඒවාගේම පනත් කෙටුම්පතක් යන කිසිම දෙයක් ඉදිරිපත් කර නැහැ. ගරු කථානායකතුමනි, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුව ආණ්ඩුව යැයි කියා ගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. 


ගරු කථානායකතුමා : හොඳයි සභාව කල් තැබීමේ යෝජනාව (බාධා කිරීමක්) 


ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා : ගරු කථානායකතුමා 


ගරු නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමාගේ ඡදසබඑ දf දාැර එක මොකක්ද ? 


ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා : ගරු කථානායකතුමනි, පසුගිය දිනවල මේ ගරු සභාවේ විශාල අලාභ හානි කිරීම සම්බන්ධව ඔබ තුමා කටයුතු කරනවා කිව්වා. අපට ඒ ගැන දැන ගන්න පුළුවන්ද? මොකද, අපට තවමත් පෙනෙනවා ඒ කරපු අලාභ හානි ඒ විදියටම තිබෙන බව. ඒවා ප්‍රතිසංස්කරණය කර නැහැ. එසේ අලාභ හානි කරපු අය තවදුරටත් මේ ගරු සභාවට එනවා. ඒ සම්බන්ධව ඔබතුමා කටයුතු කළ ආකාරය සහ එහි ප්‍රගතිය හා තත්ත්වය මොකක්ද කියා අපට දැන ගන්න පුළුවන්ද? 
ගරු කථානායකතුමා : ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. ඒවාගේම පොලිසියත් පරීක්ෂා කරගෙන යනවා. 


ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා 


නැගී සිටියේය. 


ගරු (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා : ගරු කථානායකතුමනි, අපේ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා කියපු කාරණයට මා යමක් එකතු කරන්න කැමැතියි. 
ගරු කථානායකතුමනි, දැන් මේ වෙන කොට ලංකාවේ ආණ්ඩුවක් නැහැ. අපි මේ ආණ්ඩුවට මේ වන කොට මේ ගරු සභාව තුළ තුන් වතාවක් පරාජයට ලක් කරලා ඉවරයි. ගරු කථානායකතුමනි, ඔබතුමාත් ඒක පිළිඅරගෙන ඉවරයි. අද ආණ්ඩුවක් නැති නිසා ඒ අය පාර්ලිමේන්තුවට එන්න බැරිව පනත් කෙටුම්පත් සම්මත කර ගන්න බැරිව අද හැංගිලා ඉන්නවා. ගරු කථානායකතුමනි, ඒක රටේ ජනතාව දැනගන්නට අවශ්‍යයි.

 

 

 

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ආණ්ඩුව යැයි කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 280 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16233 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 592 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site