IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ආණ්ඩුව අවතැන් කළ සුනාමි සහන මණ්ඩලය

 

ජනතා විමුක්ති පෙරමුණ එකතුවෙන් හදාගත්තු එක්සත් ජනතා නිදහස් සන්ධාන දීගයත් එච්චර කල් ගෙනියන්න බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ චන්ද්‍රිකා කුමාරතුංග අතර මතභේද ඇති වෙන්න පටන් ගත්තා. 


මේ අතරේ තමයි අපේ රටට මහා විනාශයක් කළ සුනාමිය ආවේ. 2004 දෙසැම්බර් මාසේ ආපු සුනාමිය මිනිස් ජීවිත දේපළ වගේම අපේ දේශපාලන කරළියත් කණපිට පෙරළුනා. සුනාමිය ආපු දවසෙ මම ලංකාවේ හිටියේ නෑ. මම හිටියේ පවුලේ අය එක්ක සිංගප්පූරුවේ. මාව හම්බවෙන්න ආපු මිත්‍රයෙක් මට කිව්වේ ලංකාවේ ලොකු ගංවතුරක් ඇවිත් කොළඹ යටවෙලා කියලා ආරංචියක් කියන ප්‍රවෘත්තිය. මම ලංකාවට කතා කරලා විස්තර දැනගන්න හැදුවත් දුරකථන වැඩ කළේ නෑ. එදාම හවස මම ආපසු ලංකාවට ආවා.


අපිට ආරංචි වුණේ කටුනායකත් වතුරෙන් යටවෙලා කියලා. කටුනායකට ඇවිත් බැස්සාම තමයි මට තේරුම් ගියේ මේක සුනාමි අනතුරකින් වෙච්ච විනාශයක් කියලා. ලංකාවට මෑත කාලයේ වුණු විශාලම විනාශය තමයි සුනාමිය හරහා සිද්ධ වුණේ. 


සුනාමියෙන් පස්සේ එයින් අසරණ තත්ත්වයට පත්වුණු ජනතාවට උදව් කිරීමේ වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක වුණා. විවිධ අය විවිධ අයුරින් ක්‍රිියාත්මක වුණා. ඒ වෙද්දි ලංකාවේ පළාත් පාලන ආයතන රැසක බලය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඒක නිසා රනිල් වික්‍රමසිංහ තීන්දු කළා සියලු පළාත් පාලන ආයතනවල සහයෝගය ලබාගෙන සුනාමියෙන් අනතුරට ලක්වුණු අයගේ සුබසාධනයට කටයුතු කරන්න. චන්ද්‍රිකා කුමාරතුංග මේ ගැන සාකච්ඡා කීපයක්ම රනිල් වික්‍රමසිංහ එක්ක පැවැත්වූවා. දේශපාලන බේදයකින් තොරව මේ වෙලාවේ හැමදෙනාම වැඩට බැස්සා. අපිත් දකුණු පළාතේ තැන් කීපයකටමත් අම්පාරේ පැත්තෙන් ගිහින් මේ වැඩවලට හවුල් වුණා. 


සුනාමියත් එක්ක විශාල වශයෙන් ලෝක ආධාර ලංකාවට ගලාගෙන එන්න පටන් ගත්තා. හැම රටක්ම වගේ උදවු කරන්න ඉදිරිපත් වුණා. ලංකාවට හොඳ අවස්ථාවක් ලැබුණා, මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන රට නැවත හොඳ තැනකට ගේන්න. ඒත් විවිධ හේතු නිසා ඒ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත්තේ නෑ. 


සුනාමි සහන මණ්ඩලය පත්කිරීම හරහා වෙනම දේශපාලන කුණාටුවක් හමා ගියේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ සුනාමියට ලැබුණු මුදල් වෙනත් පුද්ගලික අරමුදලක තැන්පත් කළා කියලා චෝදනාවක් සමග. ‘හෙල්පින් හම්බන්තොට’ සටන් පාඨයක් දක්වා ගමන් කළේ මේ හරහා තමයි. 


මේ සිදුවීම අතරම තමයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් අයින්වෙන්නේ. චන්ද්‍රිකා ජනාධිපතිනියට ඕනෑ වුණා සුනාමි සහන මණ්ඩලය කියලා උතුරු - නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සඳහා අලුත් යාන්ත්‍රණයක් හදන්න. සුනාමියෙන් එල්.ටී.ටී.ඊ, එකටත් විශාල වශයෙන් අලාභහානි සිද්ධ වුණා.


එල්.ටී.ටී.ඊ. එක ජාත්‍යන්තර ප්‍රජාව හරහා බල කළා ඒ පළාත් සංවර්ධනය කරගන්න මේ ආණ්ඩුව නෙවෙයි ඒ අයම කරගන්නම් කියලා. ඒ සඳහා ජාත්‍යන්තර ආධාර කෙලින්ම ඒ අයට ලබා දෙන්න කියලා ඒ අය ඉල්ලුවා. චන්ද්‍රිකා කුමාරතුංගගේ යම් කැමැත්තකුත් ඒකට තිබුණා. ඒ නිසා සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කරන්න චන්ද්‍රිකා කුමාරතුංග උනන්දු වුණා. සුනාමි සහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන. මේක ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක්වුණු සිදුවීමක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ මේකට තදින්ම විරුද්ධව හිටියා. මේ හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය ශක්තිමත් වීමේ අවදානමක් තියෙන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්නලා දුන්නා. එක්සත් ජාතික පක්ෂයත් මේකට විරෝධතාවය පළකළා. පනත ගෙනාපු නිසා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් අයින් වුණා. පනතත් එතනම හිර වුණා. ආණ්ඩුව ඒ හරහා ලොකු අසීරුතාවයකට පත්වුණා.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

ආණ්ඩුව අවතැන් කළ සුනාමි සහන මණ්ඩලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 283 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16250 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 597 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site