මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නම් අතරට එක්වන සේනානායක පරපුරට බණ්ඩාරනායක පරපුරට හා රාජපක්ෂ පරපුරට ජනතාව තුළ ඇත්තේ විශේෂ ගෞරවයකි. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට අනුපමේය සේවයක් කර සහලින් ස්වයංපෝෂිත කිරීමට විශාල මෙහෙයක් කළ “නිදහසේ පියා” යැයි විරුදාවලි ලත් ඩී. එස්. සේනානායක මහතාත් 56 විප්ලවය තුළින් බමුණුකුලය බිඳදමා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංචමහා බලවේගය හරහා පොදු ජනතා යුගයක් උදාකළ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාත්, තිස් වසරක යුද්ධය නිමාකර නිදහස හා ස්වෛරීභාවය නැවත උදාකර දී අධිවේගී මාර්ග තනා රට නව මාවතකට යොමු කළ මහින්ද රාජපක්ෂ මහතාත් එම පරපුරවල් තුළින් ලාංකීය දේශපාලනය අර්ථවත් කළ නායකයින් යැයි සඳහන් කළොත් එය නිවැරදිය.
ඩඞ්ලි සේනානායක මැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, ආර්. ප්‍රේමදාස මැතිතුමා, ඩී. බී. විජේතුංග මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාර නායක මැතිනිය, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යන ජන නායකයන්ගෙන් අඩු වැඩි වශයෙන් ජනතා සේවාවන් සිදු වූ බව අප කවුරුත් දන්නා කරුණකි. එනමුත් දේශපාලන පරපුරවල් විශේෂ වශයෙන් ආලෝකමත් කළ තිදෙනා පෙර සඳහන් කළ තිදෙනා වෙති.
ඒ කෙසේ වෙතත් 2019 නොවැම්බර් 16 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රථම වතාවට දේශපාලනඥයෙකු නොවූ රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කලක් රාජකාරි කළ අයෙකු වැඩි ඡන්ද දාහතර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිද්ධියකි. එහි තවත් විශේෂත්වයක් වන්නේ ඔහු රාජපක්ෂ පරපුරේ තවත් පුරුකක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වීමයි. අතිබහුතර වැඩි ඡන්ද ප්‍රමාණයකින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා පෙරළිකාර වැඩ රාශියකට අත ගසමින් “යම් සැබෑ වෙනසක් අවංකවම සිදුකොට මේ රට ගොඩ ගත යුතුය. දියුණු කළ යුතුය. නව මාවතකට යොමු කළ යුතුය” යන අධිෂ්ඨානයෙන් ගෝඨාභය මහතා ජනාධිපති වශයෙන් ක්‍රියාකර ගෙන යන නිසා මා අදහස් කළේ ඒ හා සබැඳි රාජපක්ෂවරුන් අභියෝග ජය ගැනීමේ දක්ෂතාවයෙන් හෙබි පිරිසක් බව ඔබ හැමගේ අවබෝධය පිණිස මෙහි ලියා තැබීමටයි.
මෙම රාජපක්ෂ පරපුරේ දේශපාලනය ඇරඹෙන්නේ “රුහුණේ සිංහයා” යැයි විරුදාවලි ලත් ඩී. එම්. රාජපක්ෂ මහතාගෙනි. ඔහුගෙන් පසු පිළිවෙළින් ඩී. ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන අය දේශපාලනයේ නියැළුණු අයුරු දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලි වේ. මොවුන්ගෙන් සමහරුන් ඉතා සංවේදී හා සෞම්‍ය වූ දේශපාලනයේත් සමහරු එඩිතර, නිර්භීත කෙළින් තීරණ ගන්නා දේශපාලනයේත් නිරත වූ අයුරු පැහැදිලිව නිරීක්ෂණය වේ.
කෙසේ වුවද එළැඹෙන අභියෝගවලට සාර්ථකව මුහුණදී ඒවා මැනවින් ජයගන්නා අයුරු ඔවුන්ගේ චරිත කිහිපයක් පිරික්සීමෙන් අවබෝධ කරගැනීම අපහසු නොවේ. යම් සිද්ධියක දී කලකිරුණු විට පසුබාන ගතියක් ඇති සමාජය ජනතාවට ගත හැකි හොඳම ආදර්ශය මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය තුළ දක්නට ලැබේ. රාජපක්ෂවරුන්ගේ ක්‍රියාදාමයන් තුළ මැනවින් එය පෙන්නුම් වේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිත කථාව තුළින් හෙළිවන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ මා හට පෙනී ගිය එක් කරුණක් නම් ඕනෑම සිද්ධියක් දරාගත හැකි සිතක් ඔහු සතු බවයි.
1985 දී පැවති මුල්ගිරිගල අතුරු මැතිවරණයේ දී හොරේවෙල ඡන්ද බල ප්‍රදේශයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි මහින්ද රාජපක්ෂ මහතා ගැන සොයා බලන්නට ඔහු ළඟින්ම ඇසුරු කළ සමහරුන් ආවේවත් නැත. පක්ෂය වෙනුවෙන් දේශපාලනය කොට බන්ධනාගාරගතව සිටිය දී තම මව ද කොතරම් ඉල්ලීම් කළත් පණපිටින් බැලීමටවත් නොහැකි වී අභාවප්‍රාප්ත විය.
මතු සම්බන්ධයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අභියෝග ජයගත් ගිරුවායේ රාජපක්‍ෂවරු
Royfedricks Friday, 06 December 2019 08:55 PM
අපරාදේ! ප්‍රශස්ති ලියන්න දැන් ප්‍රමාද වැඩි. තනතුරු ඔක්කොම දීලා ඉවරනේ.
senevi Sunday, 08 December 2019 05:00 AM
බොරුවට පුම්බන්න එපා. ඒ තරම් විශේෂ දෙයක් නැහැ මේ අය ගැන කියන්න.
Royfedricks Monday, 09 December 2019 09:53 PM
මොකද නැත්තේ ? ලියන්න ඕනේ තරම් දේවල් තිබෙනවා මේ අය ගැන.