මීට වසර 76 කට පෙර සිදුවූ හාර ලක්ෂයේ මංකොල්ලය ලංකාව පුරා මහත් ආන්දෝලනයක් හටගත් සිද්ධියකි. එය ටර්ස් ක්ලබ් මංකොල්ලය වශයෙන්ද හඳුන්වනු ලැබීය. එම හොරකම සිදුවී වසර 6 කට පසු ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘හාර ලක්ෂ මංකොල්ලය’ පිළිබඳ චිත්‍රපටය තිරගත විය. ඒ 1949 ජනවාරි 31 වැනි සඳුදාය. එහි ප්‍රධාන චරිත රඟපෑවේ ජෝ අබේවික්‍රම සහ පියදාස ගුණසේකරය. 1949 වර්ෂය මට ද ජීවිතයේ අමතක නොවන වසරකි. එය වෙනම කතාවකි.
මේ කතාව හාරලක්ෂයේ සොරකම හෝ ඒ පිළිබඳව නිපද වූ චිත්‍රපටය ගැන ද නොවේ. මෙය හාරලක්ෂයේ මංකොල්ලයේ ඇතැම් ජීවමාන සටහන් සොයා බැලීම සඳහා ලංකාවේ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු පුත්තලම අනුරාධපුර පාරේ කැලෑවක වල් වැදුණ කතාවක කොටසකි.
සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ලංකාවේ හතරවැනි අගමැතිවරයාය. ඔහු අගමැති වීමට පෙර ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායකයන්ගේ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමති ධූරය දැරුවේය. බණ්ඩාරනායක මහතා අනුරාධපුර නව නගරය සහ පූජා නගරය සැලසුම් කිරීමේ කටයුතුවලට මුල් තැනක් දෙමින් සිටියේය. 1950 වසරේ දිනක ඔහු එම කටයුතු සොයා බැලීමට අනුරාධපුරයට ගියේ තම ලේකම් වූ ඊ. ඩබ්ලිව්. කන්නන්ගර සමගය. එම ගමනට ටයිම්ස් මාධ්‍යවේ දී ඩබ්ලිව්. ලයනල් ප්‍රනාන්දු ද ඔහු හවුල් කරගත්තේය.
දැන් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පිරිස රැගත් වාහනය පුත්තලම අනුරාධපුරය මාර්ගයේ ඉදිරියට ඇදෙයි. පුත්තලම පසුවුණා පමණකි. හාර ලක්ෂය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ දී ගෑස් මුහුණක් දමා ගසකට බැඳ මරා දමන ලද ජෝන් සිල්වා නැමති රියැදුරා මැරුම් කෑ ස්ථානය බලන්නට යාමට තමන්ට අවශ්‍ය යැයි බණ්ඩාරනායක මහතා පිරිසට කියා සිටියේය.
පුත්තලම පසුවුණා පමණකි හාර ලක්ෂය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ දී ගෑස් මුහුණක් දමා ගසකට බැඳ මරා දමන ලද ජෝන් සිල්වා නැමති රියැදුරා මැරුම් කෑ ස්ථානය බලන්නට යාමට තමන්ට අවශ්‍ය යැයි බණ්ඩාරනායක මහතා පිරිසට කියා සිටියේය. කැලය මැදින් වැටී ඇති පාරක් දිගේ රථය පදවන ලෙස රියැදුරුට ඔහු කීවේ අලි කොටි වලසුන් ගහන වනය පිළිබඳ දැනුමක් නැති අයෙකු පරිදිය. පිරිස එහි අවදානම බණ්ඩාරනායක මහතාට කිව්වත් ඔහු එය පිළිගත්තේ නැත. ජෝන් සිල්වා මරා දමා සිටි ස්ථානය සහ ඔහු බැඳ දමා තිබූ ගස තමාට කෙසේ හෝ දැක ගැනීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය.
කැලය මැදින් වැටී ඇති පාරක් දිගේ රථය පදවන ලෙස රියැදුරුට ඔහු කීවේ අලි කොටි වලසුන් ගහන වනය පිළිබඳ දැනුමක් නැති අයෙකු පරිදිය. පිරිස එහි අවදානම බණ්ඩාරනායක මහතාට කිව්වත් ඔහු එය පිළිගත්තේ නැත. ජෝන් සිල්වා මරා දමා සිටි ස්ථානය සහ ඔහු බැඳ දමා තිබූ ගස තමාට කෙසේ හෝ දැක ගැනීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය. වාහනයෙන් ද, ටික දුරක් පයින් ද ගොස් ඔවුන්ට එම ස්ථානය නැරඹීමට හැකිවිය.
මෙහිදී යමක් සඳහන් කළ යුතුමය. එදා අද මෙන් මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පිරිවරා ගෙන ඩිපෙන්ඩර් රථ පොලිස් හා හමුදා වාහන රාශියක් මහ පොළව දෙදරවමින් ශබ්ද නගමින් පාරේ යන එන්නන් පීඩනයට පත් කරමින් අනිකුත් වාහන අවහිර කරමින් යන සිරිතක් නොතිබූ බවය. ජෝන් සිල්වා මරා දැමූ ස්ථානය සහ ඔහු බැඳ දමා තිබූ ගස නැරඹීමෙන් පසු බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පිරිස මහ පාරට අවතීර්ණ වුණා පමණකි.
හදිසියේම අනුරාධපුරයට යමින් සිටි අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා රැගත් වාහනය බණ්ඩාරනායක මහතා සිටි වාහනය ඉදිරිපිට කවුරුත් පුදුමයට පත් කරමින් නවත්වනු ලැබීය. මේ කැලේ මොනවා කරනවාදැයි සේනානායකයන් බණ්ඩාරනායකගෙන් විමසුවේ සිනාවෙමිනි. බණ්ඩාරනායක සිනහ වෙමින් ඔහුට පිළිතුරු දුන්නේ ‘අර හාරලක්ෂයෙ මංකොල්ලෙ ජෝන් සිල්වා මරල හිටිය තැන බලන්න ආසාවක් ඇතිවුණා’ යනුවෙනි.
සුළු වේලාවක් කතා බහ කරමින් සිට දෙපිරිසම අනුරාධපුරය බලා පිටත් වූහ. සේනානායක අගමැතිවරයා තමාගේ වැඩ බලන්නට මෙසේ එදිනම අනුරාධපුරයට, තමාටත් නොකියාම පැමිණ ඇති බව බණ්ඩාරනායක මහතා පසුව තම මිතුරන්ට කියා තිබේ. එදා අද මෙන් නොවේ. එදා පාලකයන් තම ඇමතිවරුන්ගේ වැඩ ද සොයා බැලුවේ මෙසේය.
ඊට පසුවදා අගමැති ඩී. එස්. සේනානායක මහතා කොළඹ බලා එද්දී පෙරදා බණ්ඩාරනායක මහතා ගිය පුත්තලම අසල වන තීරයට ඇතුළුවී ජෝන් සිල්වාගේ ඉරණම සිදු වූ තැන නැරඹූ බව කියනු ලැබේ.
ඔහු මෙසේ කර ඇත්තේ බණ්ඩාරනායක එදා කැලේ කළේ කුමක්දැයි දැන ගැනීමටය. බණ්ඩාරනායක කිව්වේ ඇත්තක්දැයි සොයා බැලීමටය. තම පුතා වූ ඩඞ්ලිට කවදා හෝ බණ්ඩාරනායක තර්ජනයක් වනු ඇතැයි එදා සිටම ඩී. එස්. දැනගෙන සිටියේය.
1950 දී එනම් වසර 69කට පෙර ලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකු කැලෑ වැදුණේ මෙසේය. ඩී. එස්. බණ්ඩාරනායකට වඩා අවුරුදු 16ක් වැඩිමහල්ය. දෙදෙනාම ඉගෙනගත්තේ ශාන්ත තෝමස් විදුහලේය. දෙදෙනාම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ය. ඩී. එස්. 1952 මාර්තු 22 වැනිදා අශ්වයෙකුගේ පිටෙන් වැටී මියයන විට 69 හැවිරිදී වියේ පසුවිය. 1959 සැප්තැම්බර් 26 වැනිදා වෙඩි පහරකින් මිය යන විට බණ්ඩාරනායකයන්ගේ වයස අවුරුදු 60 කි.
මෙවන් මොහොතක මීට දීර්ඝ කාලයකට පෙර හාරලක්ෂයේ මංකොල්ලය පිළිබඳව ඇන්ටන් ජෝන්ස් කිව් බයිලාවක පද කීපයක් මගේ සිහියට නැගේ.
පුත්තලම දිසාවේ - අලි කොටි වසන කැලෑවේ
ජෝන් සිල්වා ගෙනාවේ - ගහකට තියලා වෙළුවේ
ජෝන් සිල්වා කැලෑවේ - තනිවෙල මොනවද කිව්වේ
මේකටද යාළුවේ - උඹල මාව ගෙනාවේ
දරුවො ඇති කියා - අහිංසක ජෝන් අයියා
දෙවියන්ට කිය කියා - කැලෑවේ පණ ගියා
ජෝන් සිල්වට කළදේ - ගිනි ඇවිළෙයි හරිදේ
ඒ කළ අපරාදේ - පර ලෝකෙදි පලදේ
සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අගමැතිවරුන්ගේ වල් වැදීම්