IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රනිල් ප්‍රභාකරන්ගේ මාලිගයට

තිස්සගේ මතක වත-65

 

2010 වසරේ මැද හරියේදී රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළු පිරිසක් විශේෂ චාරිකාවක් සංවිධානය කළා යාපනයට. අපි ඒ ගමන සූදානම් කළේම ඉදිරියට නියමිත මැතිවරණවලට මුහුණ දෙන්න ඕනෑ නිසා උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම අරමුණු කරගෙන.


මේ සංචාරයට පක්ෂ නායකතුමා එක්ක මම රවී කරුණානායක, දයා ගමගේ, ජයලත් ජයවර්ධන, ඇතුළු පිරිසක් එකතු වුණා. අපිට නවතින්න යාපනයේ සංචාරක බංගලාවක් වෙන් කරලා තිබුණා. ඒ ගමනේදී විජයකලා මහේෂ්වරන් අපිට ගොඩක් සහයෝගය දුන්නා. අපි යාපනේට ගිහින් එහේ ඉන්න දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක සාකච්ඡා කළා. යෝගේෂ්වරන් වගේ අය මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා.

මේ සංචාරයේදී අපි ඩෙල්ෆ් දූපත්වලටත් ගියා. අපි බෝට්ටුවකින් තමයි ඩෙල්ෆ් දූපත්වලට ගියේ. නාවික හමුදාව අපිට පහසුකම් සැලසුවා මේ ගමනට.


අපිට ඒ ගමනේදී තේරුම් ගියා ඒ පළාත්වල මිනිස්සු කොයි තරම් දුෂ්කර ජීවිතයක් ද ගෙවන්නේ කියලා. අපේ රටට අයිති වුණත් වෙනම ජන කොටසක් වගේ තමයි ඒ අය ජීවත් වුණේ. ඒ පැත්තෙ දේශපාලන බලය පවත්වාගෙන ගියේ ඩග්ලස් දේවානන්ද. එතකොටත් ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහුගේ පක්ෂයට තවත් මන්ත්‍රීධුර කීපයක් තිබුණා.

ඔවුන් තමයි මේ දූපතේ දේශපාලන බලය පතුරුවාගෙන හිටියේ. ඒ උදවිය ඡන්දෙ දුන්නෙත් ඩග්ලස් දේවානන්දලගෙ පක්ෂයට විතරයි. ඒ අයට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ අය හිතාගෙන හිටියේ ඒ අයගේ එකම දේශපාලන ගැලවුම්කරුවා ඩග්ලස් දේවානන්ද කියලා. අඩුම තරමේ ඒ වෙද්දි ටී.එන්.ඒ. එකටවත් ඒ පැත්තට කිට්ටු කරන්න බැරි තත්ත්වයක් තිබුණේ.


අපි ගිහින් ඩෙල්ෆ් දූපතේ ජනතාවට කතා කළාම ඔවුන් ඉතා හොඳ ප්‍රතිචාරයක් අපිට දැක්වුවා. ඩෙල්ෆ් දූපතේ සංචාරයට පහුවෙනිදා අපි කිලිනොච්චියේ සංචාරය කළා.


ඒ ගමනේදී අපි ගියා. ප්‍රභාකරන් ජීවත්වෙලා හිටියා කියලා කියපු භූගත බංකරය බලන්න. හමුදාව ඒවට අපිට උදව් කළා. තට්ටු කීපයක් පහළට බැස්සම තමයි ප්‍රභාකරන් ඉඳපු තැන තියෙන්නේ.


මේ භූගත බංකරය උඩු ගුවනේ ඉඳන් බලනකොට පේන්නේ නැති වෙන්න තමයි හදලා තිබුණේ. ඉතාම සූක්ෂම සැලසුමකට ඒක හදලා තිබුණා. බංකරය උඩ සම්පූර්ණ ගස්කොලන් වවලා තිබුණේ. බොහෝ දෙනා කිව්වේ ප්‍රභාකරන් වැඩි කාලයක් මේ බංකරයේ ගත කරපු බව. හැබැයි මේභූගත බංකරය ඒ කාලේ ප්‍රචාරය කෙරුණු තරම් මහා සුඛෝපභෝගී එකක් නෙවෙයි. ඒකෙ ලොකු පහසුකම් තිබුණු බවක් අපිට පෙනුණේ නැහැ.

ඒක සාමාන්‍ය කාමරවලින් සමන්විත වෙලා තිබුණ ගෙදරක් වගේ එකක්. ඒ අසලම වගේ තිබුණා ප්‍රභාකරන්ගේ දේශපාලන කාර්යාලය. ඒක තමයි තමිල් චෙල්වම්ලා එහෙම පාවිච්චි කළේ. ඒක මහා කැලෑබද ප්‍රදේශයක් අපිට හිතාගන්නත් අමාරු වුණා. ඒ වගේ දුෂ්කර ප්‍රදේශයක දෙපිරිසක් සටන් කරද්දී ඔවුන් මුහුණ දීපු කටුකත්වය ගැන.


අපි සංචාරය කරන කාලේ ඒ ප්‍රදේශවල ජනතාව ටිකක් සැහැල්ලුවකින් තමයි හිටියේ. අවුරුදු ගණනාවක් යුද්දෙට මැදිවෙලා ලොකු පීඩනයක ඉඳපු ඔවුන් යම් නිදහසක් භුක්ති වින්දා. ප්‍රභාකරන් ඒ ප්‍රදේශවල ජනතාවට නියෝගවලින් දඬුවම්වලින් දැඩි පීඩනයකට පත් කරමින් ඔවුන්ව පාලනය කරගෙන ගියපු ආකාරයක් තමයි ඔවුන් එක්ක කරපු කතා බහෙන් අපිට පැහැදිලි වුණේ.

අපිත් එක්ක පවා ඔවුන් අදහස් හුවමාරු කර ගන්න මුලින් මුලින් අදි මදි කළා. ප්‍රභාකරන් ඔවුන් ඒ තරම් මර්දනයකට ලක් කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ වෙනකොට පුනරුත්ථාපන කටයුතු ඒ ප්‍රදේශවල ආරම්භ වෙමින් තිබුණේ. ඒත් ඒ කාලේ තිබුණු ආණ්ඩුවට සැලසුමක් තිබුණේ නෑ ඒ ජනතාව දිනාගන්න.


අපි මේ සංචාරය අතරතුර යාපනේ වීරසිංහම් ශාලාවේ විශේෂ රැස්වීමක් සංවිධානය කළා. ඒකට අපි බලාපොරොත්තු නොවූ තරම් පිරිසක් සහභාගි වුණා. විවිධ දේශපාලන මතවල ඉඳපු පිරිස් ඒ අතර හිටියා. ඒක සංවිධානය කළේ විජයකලා මහේෂ්වරන්. මේ සංචාරයේදී තමයි ප්‍රථම වතාවට මම නල්ලූර් කෝවිලට ගියේ. ඒ සංචාරයේදී රනිල් වික්‍රමසිංහට ඉතා හොඳ පිළිගැනීමක් උතුරෙ ජනතාවගෙන් ලැබීමත් විශේෂත්වයක්. මේ සංචාරයේ ලොකුම බලාපොරොත්තුව වුණේ ඊළඟ ජනාධිපතිවරණයේදී උතුර දිනා ගැනීම.

 

 


තව කොටසක් ලබන සතියේ.

 

 

 

 

 

 

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල් ප්‍රභාකරන්ගේ මාලිගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site