IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


බි්‍රතාන්‍ය තානාපති රට පැටවූ ජනාධිපති ප්‍රේමදාස

2019 ජූලි මස දෙවැනි සතියේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය දැඩි ලෙස විවේචනයට භාජනය කිරීම හේතුකොට ගෙන, ට්‍රම්ප්ගේ බලවත් විරෝධයට පාත්‍ර වූ ඇමෙරිකාවේ බි්‍රතාන්‍ය තානාපතිවරයා ඉල්ලා අස්වීමේ පුවත මගේ කන වැකුණු විගස මගේ සිහියට නැගුණේ මීට වසර 28කට පෙර 1991 ශ්‍රී ලංකාවේ සිදු වූ ඒ හා සමාන තවත් සිද්ධියකි. එදා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය අයුරින් අත ගැසූ ශ්‍රී ලංකාවේ සිටි බි්‍රතාන්‍ය තානාපති හෙවත් මහ කොමසාරිස්වරයා ආර්. ප්‍රේමදාස ජනපතිවරයා විසින් රටින් නෙරපා හරින ලදී.


එදා 1991 දී මෙන්ම මෙදා 2019 දී ද මා සිටියේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. මෙම සිද්ධි දෙක එකිනෙකට වෙනස්ය. ඊට හේතුව එදා ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය තානාපති ඬේවිඞ් ග්ලැඞ්ස්ටෝන් :ෘ්ඩසා ඨක්ාිඑදබැ* ප්‍රේමදාස ජනපති විසින් රටින් පිටුවහල් කිරීම හා මෙදා එක්සත් රාජධානිය නියෝජනය කරමින් එක්සත් ජනපදයේ සිටි තානාපති සර් කිම් ඩැරක් :ීසර ණසප ෘ්රරදය* ට්‍රම්ප් ජනපති විසින් නෙරපා හැරීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වීමයි.


වොෂින්ටන්හි සිටි බි්‍රතාන්‍ය තානාපති කිම් ඩැරක් ඇමෙරිකා ජනපති හා ඔහුගේ ක්‍රියාකාරිත්වයත් ධවල මන්දිරයේ :උයසඑැ ්‍යදමිැ* කාර්ය මණ්ඩලයත් දැඩි ලෙස විවේචනය කරමින් තම රජයට ඉතා රහසිගතව යැවූ කේබල් පණිවුඩ ලීක් වීම හෙවත් අනාවරණය වීම හේතු කොටගෙන ට්‍රම්ප් ජනපති කෝපාවිෂ්ට වීම තුළින් සිද්ධිය දුරදිග ගියේය. මෙම සිද්ධිය සිදු වූයේ ට්‍රම්ප් ජනපති බි්‍රතාන්‍යයට ගොස් බි්‍රතාන්‍ය අගමැතිනිය ඉතා සුහද අයුරින් හමුවී දින කීපයකට පසුවය. 


1991 මැයි 11 වැනිදා ලංකාවේ පළාත් පාලන ඡන්දය පවතිද්දී බි්‍රතාන්‍ය තානාපති ග්ලැඞ්ස්ටෝන් දකුණු පළාතේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය නිරීක්ෂණය කිරීම, ඡන්ද විමසීම පිළිබඳ තම මතය ප්‍රකාශ කිරීම ආදිය සිදු කළේ බි්‍රතාන්‍ය රජයේ නියෝගය පරිදි ද නැතහොත් තම පෞද්ගලික අවශ්‍යතාව නිසා දැයි ප්‍රේමදාස ජනපතිවරයා විමසා සිටියේය.


තානාපති නිලධාරීන්ට තමන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකරන රටක අභ්‍යන්තර කටයුතුවලට විශේෂයෙන්ම එහි දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් ඇද්ද ප්‍රේමදාස ජනපතිවරයා දැඩිව විමසීය.


ප්‍රේමදාස ජනපතිවරයා එදා ශ්‍රී ලංකාවේ සිටින සියලුම තානාපතිවරුන් ජනපති මැදුරට කැඳවූවේය. ඔවුන් අමතා විශේෂ දේශනයක් පැවැත්වූවේය. සරම බැනියම ඇන්ද ප්‍රේමදාසයන්ගේ මේ චතුර ඉංග්‍රීසි දේශනය සියලුම තානාපතිවරු සාවධානව අසා සිටියහ. බි්‍රතාන්‍ය තානාපති ග්ලැඩිස්ටෝන් ද ඊට සහභාගි විය.


1948 වසරට පෙර අපේ රට අත්පත් කරගෙන සිටි ඇතැම් අධිරාජ්‍යවාදීන් තවමත් අපි ඔවුන්ට යටත්ව සිටිනවා යයි සිතනවා. ඒක වැරදීමක් මේ ඔහුගේ කතාවේ සාරාංශයයි.
ප්‍රේමදාස ජනපතිවරයා එවකට ලන්ඩන්හි ශ්‍රී ලංකා තානාපති වූ ආර්.එස්. ආටිගල බි්‍රතාන්‍යයේ විදේශ අමාත්‍යාංශයට යැව්වේය. වහාම ඔවුන්ගේ රටට ඔවුන්ගේ තානාපති ගෙන්වා ගන්නා ලෙස ආටිගල මාර්ගයෙන් බි්‍රතාන්‍ය රජයට රාජ්‍ය තාන්ත්‍රිකව දන්වනු ලැබීය.


මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුමය. එදා ප්‍රේමදාස ජනපතිවරයා බලවත් රජයක් අමනාපයට පත්වන ආකාරයේ වචන හෝ අදහස් තම ප්‍රකාශයන්ට ඇතුළත් නොකිරීමයි. එමෙන්ම එදා බි්‍රතාන්‍යයේ අගමැති ධුරය දැරූ ජෝන් මේජර් :න්‍දයබ ඵ්වදර* මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකිරීමයි.


එහෙත් මෙදා ඇමෙරිකාවේ ජනපති ට්‍රම්ප් බි්‍රතාන්‍ය තානාපතිවරයාගේ ක්‍රියාව ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කළේය. ඔහු එක්සත් රාජධානියටත් එක්සත් ජනපදයටත් කිසිදු සේවයක් සිදුනොකරන, අමන, තකතීරු :ීඑමචසා* පුද්ගලයෙකු බව සඳහන් කළේය. මේ අතර බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා තම රටේ තානාපතිවරයා රටට වැඩදායක විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බව කියා සිටියාය. මම මෙය ලිවීමේ මූලික අරමුණ වන්නේ රටවල් දෙකක (ශ්‍රී ලංකාවේ හා ඇමෙරිකාවේ) සිදු වූ එක හා සමාන සිද්ධි දෙකක ‘වෙනස’ හුවා දැක්වීමය.


1960 දී විදේශ සේවයට බැඳී, ලෝකයේ රටවල් රාශියක බි්‍රතාන්‍ය තානාපති වශයෙන් සේවය කර, ලංකාවෙන් නෙරපා හැරීමෙන් පසු ලන්ඩන් විදේශ කාර්යාලයේ කාලයක් වැඩක් නැතිව ගතකර, යුක්‍රේනයේ ඇරඹූ බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ගොස් කේ.ජී.බී :ණඨඊ* ඔත්තු කරුවන් සමග මෙන්ම රුසියන් භාෂාව ද නොදැන දුෂ්කර ලෙස සේවය කර ග්ලැඞ්ස්ටෝන් විශ්‍රාම ගියේය. ඔහු ඔක්ස්පර්ඞ් ආදි ශිෂ්‍යයෙකි.


සර් කිම් ඩැරක් වොෂින්ටන්හි බි්‍රතාන්‍ය තානාපති තනතුරට පත්වුණේ 2016 ජනවාරි මාසයේ දීය. ඔහු පත් කළේ බි්‍රතාන්‍ය හිටපු අගමැති කැමරන් විසිනි. ඉල්ලා අස්වුණේ 2019 ජුලි 10 දාය. ඔහු බි්‍රතාන්‍ය විදේශ සේවයට බැඳුණේ 1976 දීය. එනම් වසර 43කට පෙරය. ලොව රටවල් රාශියක බි්‍රතාන්‍ය තානාපති වශයෙන් සේවය කර ඇත. මහ රැජිනගෙන් ශ්‍රීමත් හෙවත් සර් යන පදවිය ලැබූ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 


2016 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂින්ලියන්ග් :ශස ඞස්බකස්බට* කළ ප්‍රකාශයක් පිළිබඳව එවකට මුදල් ඇමති රවි කරුණානායක පැවසුවේ එම තානාපතිවරයා ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවයි.

 

 

සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

බි්‍රතාන්‍ය තානාපති රට පැටවූ ජනාධිපති ප්‍රේමදාස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1295 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site