IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව ‘රාජකීය’ කළ රාජාසන කතාව

රාජ්‍ය පාලනය පිළිබඳව ඉදිරි වසර සඳහා වන සැලැස්මට අදාළ යෝජනා හා ක්‍රියාවලිය බි්‍රතාන්‍ය මහරජුගෙන් ප්‍රකාශිත වන්නක් හැටියට, රාජාසන කතාව නමින් පාර්ලිමේන්තු සභාවාරයක් පටන් ගැනීමේදීම රජුගේ නියෝජිත වශයෙන්, අග්‍රාණ්ඩුකාරවරයා විසින් වාර්ෂිකව ඉදිරිපත් කිරීම, එවකට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පැවති සම්ප්‍රදාය විය. 


රජයේ ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳව අන්තර්ගතවන මෙම රාජාසන කතාව, නිමවීමෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් දෙපළක් විසින් කරනු ලබන යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත වේ.


අනතුරුව, දින වකවානු නියම කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව පැවැත්වෙන විවාදයෙන් අනතුරුව සිදුවන ඡන්ද විමසීමකින් එම රාජාසන කතාව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම හෝ නොකිරීම ප්‍රකාශයට පත්වේ. බොහෝ විට රාජාසන කතාව බහුතර ආණ්ඩු පක්‍ෂ ඡන්දයෙන් අනුමත වීම ස්ථිර නමුත් නවසිය හැටේ මාර්තු මස මහ මැතිවරණයෙන්, පක්ෂයක් වශයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් ලැබුව ද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොලත් ඩඞ්ලි සේනානායක රජයේ රාජාසන කතාව පරාජය වීම නිසා එම රජයට ඉල්ලා අස්වීමට පවා සිදුවීය.


නවසිය හතළිස් අටේ ලංකාව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් පසුව බි්‍රතාන්‍ය සෙංකෝලය යටතේ රාජාසන කතාව ඉදිරිපත් කිරීම වසරක් පාසා නව සභාවාරය ආරම්භ වීමේදීම රාජාසන කතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
එහෙත් නවසිය හැත්තෑවේ මහ මැතිවරණයෙන් පසු ලංකාව ජනරජයක් වීමෙන්, බි්‍රතාන්‍ය සම්ප්‍රදායක්ව පැවති රාජාසන කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අහෝසිවිය. එයින් පසු රජයේ ඉදිරි වැඩ සැලැස්ම හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ මුදල් ඇමැතිගේ වාර්ෂික අයවැය යෝජනාවලියට සමගාමීවය. එක්දහස් නවසිය පනස්හයේ ප්‍රථම වරට ප්‍රබල රජයක් පරාජයට පත්කොට, මහජන එක්සත් පෙරමුණේ නායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති විසින් ඉදිරිපත් කරන ලදුව, එවකට අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින්, 1957 ජුනි මස 13 වෙනි දින තුන්වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය පටන් ගැනීමේ අවස්ථාවේදී පවත්වනු ලැබූ රාජාසන කතාව එයින් වසර 60කට පසුව, යළිත් මතකයට නංවාගත හැකි නම්, එය දේශපාලනමය වශයෙන් අමන්දානන්දයට හේතුවක් වෙනු ඇත.


අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා කතානායක අසුන අරාහිඳිමින්, තම සුපුරුදු ගැඹුරු ස්වරයෙන් රාජාසන කථාව ආරම්භ කළේ පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවේ පක්‍ෂ - විපක්ෂ මහත්වරුන්ගේ දැඩි අවධානය යොමු කරවා ගනිමිනි. (ඒ කාලය වනවිට සෙනෙට් සභාව නොහොත් උත්තර මන්ත්‍රී මණ්ඩලය ද ක්‍රියාත්මක වී තිබුණි)
“සෙනෙට් සභාවේ සභාපතිතුමනි, සෙනෙට් සභිකවරුනි, කථානායකතුමනි, මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුනි,
පාර්ලිමේන්තුවේ ගතවුණු සභාවාරය, මගේ ආණ්ඩුව ඇතුළතින් හා පිටතින් ද වූ බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදු වූ කාලයකි. රාජ්‍ය සභා චිරාගත ඉදිරිපත් කිරීම, කම්කරුවන් අතර කලබල ඇතිවීම, පොදු සේවාවන්හි නියුක්ත සමහර අය විසින් මතු කරන ලද දුක් ගැනවිලි ආදිය ද නිසා ඇතුළතින් කරදර ඇති විය. පිටස්තර වශයෙන් සූවස් ඇළ සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් නිසා, දේශපාලනමය වූත් ආර්ථික වූත් කරදර මතු විය. මේ අමාරුකම් ඇතිව නමුත්, මගේ ආණ්ඩුව විසින් මා ගත වුණු සභාවාරය ආරම්භයේදී කරන ලද කතාවේ දැක්වුණු ප්‍රතිපත්ති නොකඩවා අනුගමනය කරන ලදී.

 

අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා කථානායක අසුන අරාහිඳිමින්, තම සුපුරුදු ගැඹුරු ස්වරයෙන් රාජාසන කථාව ආරම්භ කළේ පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවේ පක්‍ෂ - විපක්ෂ මහත්වරුන්ගේ දැඩි අවධානය යොමු කරවා ගනිමිනි.


විදේශීය කටයුතුවලදී මගේ ආණ්ඩුව පක්‍ෂභජනයෙන් තොරව හැම රටක් සමගම මිත්‍ර සම්බන්ධකම් ඇතිකර ගැනීම සඳහා යොදවන ලද ප්‍රතිපත්තීන් අනුව ක්‍රියා කළේය. සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු රාජ්‍යය, චීන මහජන සමූහාණ්ඩුව හා කැනඩාවත් සමග තානාපති සම්බන්ධකම් ඇති කර ගැනීමට ක්‍රියා කරනු ලැබේ.


බල්ගේරියාව, චීනය, චෙකෝස්ලෝවෙකියාව, මිසරය, ජර්මනිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, මාලදිවයින, පාකිස්ථානය, පෝලන්තය, රුමේනියාව, ස්පාක්‍ඳ්ක්‍ඳය සහ යුගෝස්ලෝවියාව යන රටවල් සමග වෙළඳ ගිවිසුම් අත්සන් කරන ලදී. චීන මහජන රජයේත්, ඉන්දියාවේත් ජපානයේත් අග්‍රාමාත්‍යවරු අප රටට පැමිණියහ.


ඒකාබද්ධ රාජ්‍යයේ ආණ්ඩුවෙන් ත්‍රිකුණාමලයේ නාවික බලස්ථානය සහ කටුනායක ගුවන් නැව් බලස්ථානය ලංකාණ්ඩුවට පවරා ගැනීම සඳහා කළයුතු දේ සතුටුදායක අන්දමින් නිම කර තිබේ.


ඉන්දියානු හා පාකිස්ථානු ජාතීන් ලංකාවේ පුරවැසිභාවය සඳහා තෝරා ගැනීමේ විරාගත චාරිත්‍රය අනුව, ඔවුන් විසින් එවන ලද ඉල්ලුම්පත්‍ර විභාග කිරීමේ වැඩ ඉක්මන් කර තිබේ.


මැතිවරණ නීති වෙනස් කිරීම සඳහා මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් පත් කරන ලද කාරක සභාවේ වාර්තා නිර්දේශ අනුව, කටයුතු කරනු ලැබේ. ලංකා ආණ්ඩුක්‍රම පනත වෙනස් කිරීමේ කාර්යය සඳහා සෙනෙට් මණ්ඩලය හා මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් සමන්විත කාරක සභාවක් පත් කරනු ඇත.


රටේ පාලනය වඩා ක්‍රියාශීලි කිරීමට ප්‍රාදේශීය සභා ඇති කරනු ලැබේ.


රජයේ සේවයේ ඇති භේද හා වෙනස්කම් මඟහැරවීම සඳහා අලුත් සංවිධානයක සැලැස්මක් විදෙස් විශේෂඥ උපදෙස් ලබාගෙන නිර්මාණය කරනු ලැබේ.


ප්‍රජාතන්ත්‍ර විරෝධීව අස් කරන ලද හා දඬුවම් ලැබූ සේවකයන් යළි සේවයට කැඳවීම සඳහා පරීක්ෂා කර බලනු ඇත.

 

 

මතු සම්බන්ධයි

 

 

 

එල්.ඩබ්ලිව්. පුෂ්පකුමාර

 



අදහස් (0)

පාර්ලිමේන්තුව ‘රාජකීය’ කළ රාජාසන කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 204 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 704 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site