IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


දවසට අත්වූ ඉරණම

 

1970 මැයි 27 වැනිදා පැවැත්වූ ලංකාවේ හත්වැනි මහා මැතිවරණය අවසානයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය තුන් හවුල් සමගි පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමත් ඒ වන විට හතේ හත වැදී තිබූ සම සමාජ කොමියුනිස්ට් වැනි වමේ දේශපාලන පක්ෂ වලට ගොඩ ඒමට හැකි වීමත් ලංකා දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයකි. 


මේ හත් වැනි මැතිවරණයෙන් ශ්‍රීලනිප ආසන 91 ක්ද, සම සමාජය ආසන 19 ක් ද කොමියුනිස්ට් පක්ෂය ආසන 06 ක් ද එජාපය ආසන 16 ක් ද දිනාගන්නා ලදි. සිරිමාවෝ මැතිනියගේ තුන් හවුල් රජය මාධ්‍ය ආයතන කීපයක්ම තරහ කරගෙන සිටි අතර, බොහෝ මාධ්‍ය සගයින්ට එදා ඇය නයාට අඳුකොළ බඳු විය. විශේෂයෙන්ම එකල සේපාල ගුණසේනයන්ගේ දවස පත්‍රය ආණ්ඩු හැදීමේ හා ආණ්ඩු ගෙදර යැවීමේ බලවේගය බවට පත්ව තිබුණි.  මැතිනිය බලයට පත්වීමට පෙර ආණ්ඩු කළ ඩඞ්ලිගේ රජයට මහා හයියක් වී තිබුණේ ද මේ කියන ස්වාධීන පත්‍ර සමාගම හෙවත් දවස ආයතනයයි. 


ඩඞ්ලිගේ රජයේ අධ්‍යාපන ඇමැති වූයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලය. ඊරියගොල්ල පාසල් පොත් මුද්‍රණය දවස ආයතනයය හිමි සේපාලගේ කොම්පැනියට නොදී එය රජය මගින් ඉටු කිරීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් දවස ආයතනය ඩඞ්ලිගේ රජය සමග වෛර බැඳ ගත්තේය. ඩඞ්ලි පරදවා සිරිමාවෝ මැතිනියට රටේ බලය ලබාදීමට මහා ප්‍රචාරක ව්‍යාපාරයක් එදා “දවස” ආයතනය මගින් ඇරඹුවේ මේ නිසාය. 


සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට බලය ලැබුණු පසු “දවස” ආයතනය තම ජයග්‍රහණය තකා කළ සේවය අමතක කළාය. වාමාංශික කඳවුරු සමග එක් වී ඇය මාධ්‍ය මර්දනය කරමින් අලුත් ගමනක නිරත වූවාය. 1972 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය පිහිටුවනු ලැබීය. 1973 මැයි 18 වැනිදා විජේවර්ධන පවුලට අයත් ලේක්හවුස් ආයතනය (බේරේ ගෙදර) රජයට පවරා ගත්තාය. පුවත්පත් පාලනය කිරීම සඳහා ප්‍රවෘත්ති බලධාරියෙක් පත් කළාය. ඒ රිජ්වේ තිලකරත්නය. ඔහුගෙන් පසු ඒ තනතුරට සරත් අමුණුගම පත් කළාය. 


ඉන් නොනැවතුණු සිරිමාවෝ අගමැතිනිය 1974 අප්‍රේල් 21 වැනිදා රජයේ ප්‍රවෘත්ති බලධාරියා යොදවා “දවස” ආයතනයට සීල් තැබුවාය. සේවකයින් සියලු දෙනා “දවස” ආයතනයෙන් එළියට දැමුවාය. එහි මාධ්‍යවේදීන්ට කට හොල්ලන්නට ඉඩ නොදුන්නාය. මේ කටයුතු ඇය මෙහෙය වුයේ ප්‍රවෘත්ති ඇමැති ධුරය දැරූ කැලණියේ ආර්. එස්. පෙරේරා මාර්ගයෙනි. 
වසර කීපයකින් යළිත් “දවස” නිවස විවෘත කරන ලදි. පත්‍රය අලුත් මුහුණුවරකින් පිට විය. 1977 වර්ෂයේදී සිරිමාවෝ මැතිනිය ගෙදර යවා ජේ. ආර්. සහ ආර්. ප්‍රේමදාසගේ රජය බලයට පත් කිරීමට ඉමහත් කාර්ය භාරයක් ඉටු කළේ මේ “දවස” ආයතනයයි. ජේ.ආර්. බලයට පත් වීමෙන් පසුවද “දවස” ආයතනයට ඔහු කළ උදව්වක් නැත. එවකට “දවස” පත්‍රයේ ප්‍රධාන කර්තෘධුරය දැරූ ඬේවිඞ් කරුණාරත්න තම මාධ්‍ය ලේකම්වරයා වශයෙන් ජේ. ආර්. පත්කර ගත්තේය. 


ජේ. ආර්. තම “දවස” පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා මාධ්‍ය ලේකම් වශයෙන් පත්කර ගැනීම “දවස” පත්‍රයට සැලකීමක් නොවේ. කාලයක් තිස්සේ ලංකාවේ ආණ්ඩු තැනීමේ කාර්යය ඉටු කරමින් සිටි මේ “දවස” පත්‍ර ආයතනය, ජේ. ආර්. බලයට පත් වී වසර කීපයකින් වැසී ගියේය. අද දක්නට ඇත්තේ ඒ “දවස” පුවත්පත් ආයතනයේ නටබුන්ය.

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (1)

දවසට අත්වූ ඉරණම

Royfedricks Friday, 29 November 2019 09:08 PM

දවස වැසී ගියේ දක්ෂ ලේඛකයන් නොමැතිවීමත් පාඨක රුචිය වෙනස්වීමත් නිසාය.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 287 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16262 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 599 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site