IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ජනපති විජේතුංගගේ අපූරු මාධ්‍ය නිදහස

 

 

  • මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් නොයෙක් අදහස් ඉදිරිපත් කළත් ඒවා මැනවින් ජනාධිපතිතුමා අසාගෙන සිටියා පමණි. එතුමා මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ඇහුන්කන් දුන්නා මිස ඒවාට පිළිතුරු දීමට ගියේ නැත. ඉතා කලාතුරකින් එතුමා පිළිතුරු කථාවල් කළේය. පාර්ලිමේන්තුවේ කථා කළ යුතු දේවල් ගැනත් වැඩියෙන් පැහැදිලි නොකළේය. කෙසේවෙතත් ආණ්ඩුවේ අවසාන මාස කීපයේ දී මාධ්‍යවලින් විශේෂයෙන් පුවත්පත්වලින් දැඩි විවේචන එල්ල වීමට පටන් ගත්තේය.

ප්‍රේමදාස ජනපතිතුමන්ගේ හදිසි අභාවයත් සමග අනපේක්ෂිත ලෙස අගමැති විජේතුංග මැතිතුමා ජනාධිපති පදවියට පත් විය. ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග වේගයෙන් ජවයෙන් වැඩ කළ මැති ඇමැතිවරුන්ට මෙන්ම නිලධාරීන්ට තරමක නිදහසක් උදාවූයේ ඒ තරම්ම වේගයෙන් හා දිවා රෑ නොතකා විජේතුංග මහතා වැඩ නොකළ බැවිනි. කෙසේ වුවත් එතුමාගේ නිදහස් හා ලිහිල් ප්‍රතිපත්තීන් හමුවේ නැවතත් මැති ඇමැතිවරු විදේශ චාරිකා ද ආරම්භ කළහ. 


වේගයෙන් කරගෙන ආ ඇඟලුම් කම්හල් ඉදිකිරීමේ වැඩසටහන, උදාගම්මාන පහළොස්දහසේ වැඩසටහන ආදිය මන්දගාමී විය. කෙසේ වෙතත් මැති ඇමැතිවරු වශයෙන් අප ඉදිරිපත් කළ විදුලි යෝජනා ක්‍රම ආදී ව්‍යාපෘති සඳහා එතුමා නොපැකිළ අනුමැතිය හා ප්‍රතිපාදන ලබා දුන් බව කෘතඥතාපූර්වකව සඳහන් කළ යුතුය. 


කෙසේ වුවද පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයට පෙර දිනයේ හෝ එදිනම උදෑසන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා ශාලාවක පැවැත්වීම කලක සිට පැවතගෙන ආ ක්‍රමයකි. 


ඒ අනුව විජේතුංග ජනාධිපතිතුමාගේ අවුරුද්දක කාලයේදීත් එලෙසම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී මන්ත්‍රීවරුන් නොයෙකුත් කරුණු ඉදිරිපත් කළා සේම ජනාධිපතිතුමාත් නොයෙකුත් කරුණු කාරණා ඉදිරිපත් කළේය. 


පාර්ලිමේන්තුවේදී එළඹෙන සතියේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා ඒවා විග්‍රහ කළ යුතු ආකාරය ද ප්‍රේමදාස මහතා පැහැදිලි කළේය. එසේ නමුත් විජේතුංග මහතාගේ කාලයේදී කණ්ඩායම් රැස්වීමට වැඩි වේලාවක් ගත නොවීය. සුළු වෙලාවකින් රැස්වීම් අවසන් විය. 


මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් නොයෙක් අදහස් ඉදිරිපත් කළත් ඒවා මැනවින් ජනාධිපතිතුමා අසාගෙන සිටියා පමණි. එතුමා මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ඇහුන්කන් දුන්නා මිස ඒවාට පිළිතුරු දීමට ගියේ නැත. ඉතා කලාතුරකින් එතුමා පිළිතුරු කථාවල් කළේය. පාර්ලිමේන්තුවේ කථා කළ යුතු දේවල් ගැනත් වැඩියෙන් පැහැදිලි නොකළේය. කෙසේවෙතත් ආණ්ඩුවේ අවසාන මාස කීපයේ දී මාධ්‍යවලින් විශේෂයෙන් පුවත්පත්වලින් දැඩි විවේචන එල්ල වීමට පටන් ගත්තේය. ජනාධිපතිතුමා මාධ්‍යවලට කිසිම බාධාවකින් තොරව වැඩ කරගෙන යාමට ඉඩ දී තිබුණි. 


ඒ ඉඩකඩ තුළින් මාධ්‍යත් ආණ්ඩුව තදින්ම විවේචනය කළේය. සමහර මාධ්‍යවලින් අභූත චෝදනා ද නැගුවේය. කෙසේවෙතත් මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණයේ දී අපට අවාසි වන බව අප තේරුම් ගත් නිසා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මා ඇතුළු තවත් කීප දෙනෙක්ම තදින් කතා කරමින් විජේතුංග ජනාධිපතිතුමාට කීවේ මාධ්‍ය කරන මෙම බරපතළ විවේචන ගැන තදින් ක්‍රියා කරන ලෙසයි. අපි කීප දෙනෙක් පැයක් පමණ අදහස් රාශියක් ඉදිරිපත් කළෙමු. 


පැයක් පමණ අපගේ අදහස් අසා සිටි ජනාධිපතිතුමා කීවේ වචන කීපයක් පමණයි. “තමුන්නාන්සේලා ප්‍රශ්න ඇතිකර ගන්න එපා මාධ්‍ය ගැන. පත්තරවල (විශේෂයෙන්ම) උදේට පළවන වාර්තා රෑ වන විට ඉවරයි. පහුවෙනිදාට අලුත් දේවල්නෙ පත්තරවල තියෙන්නෙ”. එසේ කියූ එතුමා අදහස් කළේ පත්තරවල දිනෙන් දින අලුත් අලුත් දේවල් පළවන නිසා ඒවායින් කලබල වී පත්තර සමග ගැටුම් ඇතිකර නොගන්නා ලෙසයි. පත්තර හා මාධ්‍ය නිදහස කෙතරම් සැහැල්ලුවෙන් එතුමා අගය කළ අයුරු කොතරම් ප්‍රායෝගික දැයි අපට එයින් වැටහේ.

 

 


ජී. තිස්සකුට්ටිආරච්චි
හිටපු රාජ්‍ය ඇමැති හා හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජනපති විජේතුංගගේ අපූරු මාධ්‍ය නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 495 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17076 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 683 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site