2011 පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක එකක් වුණා. මොකද පක්ෂය අර්බුද රැසකට මුහුණදීල තිබුණු කාලයක් ඒක. අපිට ජයග්‍රහණයන් අවශ්‍යවෙලා තිබුණා. ඒ මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාව විශේෂ අවධානයක් දිනාගත්තා. ගොඩක් අය බලාගෙන හිටියේ කොළඹ මහ නගර සභාවට මොකද වෙන්නේ කියලා. ඒකට හේතුව කොළඹ මහ නගර සභාවේ බලය දිගටම තිබුණෙ එක්සත් ජාතික පක්ෂයට නිසා ඒක පුරුද්දක් විදියට සිද්ධවුණු දෙයක්. කොළඹ කොහොමත් එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත තැනක්.
ඊට කලින් කොළඹ නගර සභාවේ බලය අපෙන් ගිලිහුණා අපේ නාමයෝජනා ලැයිස්තුවක සිද්ධවුණු දෝෂයන් නිසා. නැවත කොළඹ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම අවශ්‍ය වුණා.
අපෙන් ඉදිරිපත් කරපු අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප කරපු නිසා ඇස්කණ්නාඩිය ලකුණෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඒ අය තමයි ඒ වෙලාවේ කොළඹ නගර සභාව දිනුවෙ. ඒ කණ්ඩායම පිටිපස්සෙ හිටියෙත් එක්සත් ජාතික පක්ෂය. ඒත් දිනුවට පස්සේ ඒ අය අයින් වුණෙ නෑ.
මේ නිසාම ඊළඟ මැතිවරණයෙදී මුල ඉදලම අපි පරිස්සමෙන් තමයි වැඩ කළේ. මේ වෙලාවෙ ආපු පළමුවැනි ප්‍රශ්නය තමයි කවුද කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වයට නම් කරන්නේ කියන එක. නම් කීපයක් ඉදිරිපත් වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. ඒ. ජේ. එම්. මුසම්මිල් අසාද්සාලි, තේමසිරි ප්‍රනාන්දු, එම්. අයි. ඒ. රාම් වගේ නම් කීපයක් ඉදිරිපත් වෙලා තිබුණෙ. මේ අතරින් නගරාධිපති අපේක්ෂකයකු විදිහට නම් කරන්නේ කවුද කියලා සාකච්ඡා කරන්න කීප වතාවක් අපි රැස්වුණා. මම නම් කිව්වේ මුසම්මිල් නගරාධිපති අපේක්ෂකත්වයට පත් කරමු කියලා. පක්ෂයේ මතය ගැන අවසන් තීන්දුවකට එන්න සාකච්ඡා වට කීපයක්ම පවත්වන්න සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මේ සඳහා නිර්දේශ ලබාදෙන්න කියල කමිටුවක් පත් කළා. මේ කමිටුව සම්මත කළා මුසම්මිල් නගරාධිපති අපේක්ෂකයා විය යුතුයි කියලා.
මේ විදියට ඒ අනෙකුත් පළාත් පාලන ආයතනවලටත් නගරාධිපති සඳහා අපේක්ෂකවරු නම් කළා. ඒ අතරින් කොළඹ මහනගර සභාවට අපි මූලික තැනක් දුන්නේ ඒක අපේ පරිපාලන කේන්ද්‍රය නිසා.
පොදුජන එක්සත් පෙරමුනත් කොළඹ නගර සභාවේ බලය ඒ අයට අතට ගන්න උනන්දුවෙන් වැඩ කළා. මහින්ද රාජපක්ෂ මේ සඳහා තෝරගත්තේ මිලින්ද මොරගොඩ. මිලින්ද තමයි ඒ අයගේ නගරාධිපති අපේක්ෂකයා වුණෙත්. මේ තීරණය පිටුපස හිටියේ ගෝඨාභය රාජපක්ෂ. මොකද ඒ වකවානුවේ කොළඹ නගර සභාවේ පාලනය නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතට අරගෙන තිබුණේ. ගෝඨාභය රාජපක්ෂගේ තීන්දු තීරණවලට අනුව තමයි කොළඹ නගරසභාවේ ඔක්කොම වැඩ කෙරුණේ. මිලින්ද මොරගොඩ වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩු විශාල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනගියා. ඒත් අවසානයේ කොළඹ මහනගර සභාවේ මැතිවරණ ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට ආසන විසිතුනක් හිමිවීමෙනි. අපිත් එක්ක හිටියත් වෙනම තරග කරපු මනෝ ගනේෂන්ගේ පක්ෂයට ආසන හයක් දිනාගන්න පුළුවන් වුණා. පොදුජන එක්සත් පෙරමුණට විස්සකට අඩු ප්‍රමාණයක ආසන ගණනක් තමයි ලැබුණේ. ඒ අනුව මනෝ ගනේෂන් එක්ක එකතුවෙලා අපි නගර සභාව හැදුවා. මේ විදියට අපි බලාපොරොත්තු වුණු තරම් ජයග්‍රහණ අනෙකුත් තැන්වලින් නම් අපිට ලබා ගන්න බැරි වුණා.
කොළඹ නගර සභාවේ නගරාධිපති විදියට මුසාම්මිල් පත්වෙද්දී මිලින්ද මොරගොඩ විපක්ෂ නායක විදියට පත්වුණා.
ප්‍රියන්ත කොඩිප්පිලි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කොළඹ මුසම්මිල්ට