IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කරූට එරෙහිව සජිත්

කරූ ජයසූරිය නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණාට පස්සේ පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව ඔහුගේ අවධානයත් යොමු වුණා. ඔහු යටතේ පක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කරගන්න අදහසක් ඔහු තුළ තිබුණෙ. මොකද පක්ෂය ඇතුළෙ ඒ වෙන කොට විවිධ කණ්ඩායම් බෙදිලා තිබුණෙ.

ඒකට කරූ ජයසූරිය යොදා ගත්තේ ග්‍රාම චාරිකා කියන වැඩසටහන. ඒ වැඩසටහනේ තිබුණෙ ගම් මට්ටමේ වැඩ කරන සංවිධායකවරු උනන්දු කරවමින් පක්ෂය ගොඩනගන අරමුණක්. ඒක ඉතාම හොඳ වැඩසටහනක්.


කරූ ජයසූරියට සහය දෙමින් ග්‍රාම චාරිකා වැඩසටහන පිටුපස හිටියේ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න වගේ අය. මේ එක්ක ලොකු කණ්ඩයමක් ක්‍රියාකාරීව හිටියා. මේ ග්‍රාම චාරිකා වැඩසටහන පිළිබඳව මූලික කෙටුම්පත හදලා කරූ ජයසූරිය, රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළා. 


කරූ ජයසූරියගේ යෝජනාව වුණේ මේ වැඩසටහන රට පුරා විවිධ ස්ථානවල දියත් කරන්න. මේ වැඩසටහන ආගමික නායකයින් ඒකාබද්ධ කර ගැනීම ගම් මට්ටමේ තරුණ සංවිධාන අවදි කිරීම සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන් වගේ අංග එකතුවෙන් තමයි සැකසුණේ. 


ග්‍රාම චාරිකා වැඩසටහනේ පළමු පියවර පැවැත්වුණේ හොරණ ප්‍රදේශයේ. අපි බලාපොරොත්තු වුණා පක්ෂයේ සියලුදෙනා මේ සඳහා එකතු වෙයි කියලා. පක්ෂෙ නායක මට්ටමේ ඉන්න අය ග්‍රාම චාරිකා වැඩසටහන පැවැත්වෙන ප්‍රදේශයට ගිහින් දින කීපයක් ගත කරන්න තමයි සූදානම් කරලා තිබුණෙ. විවිධ ප්‍රජා වැඩසටහන් මේකට සමගාමීව ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරුණා. පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රධාන රැස්වීම් කීපයකුත් පවත්වන්න සූදානම් කරලා තිබුණේ. මේක පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් අතරෙ කෙරුණු ඉතාම සංවිධානාත්මක සහ සාර්ථක වැඩසටහනක් වශයෙන් බොහෝදෙනාගේ අවධානයට යොමු වුණා.

පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදියට කරූ ජයසූරිය තමයි මේකේ මූලිකයා විදියට කටයුතු කළේ. ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි සියලු කටයුතු කෙරුණේ.

මමත් මේ වැඩසටහනට හැකි උපරිම සහයෝගය දුන්නා. ප්‍රථම ග්‍රාම චාරිකා වැඩසටහන හොරණ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සාර්ථකව පැවැත්වුණා. එතකොට හොරණ ආසන සංවිධායකවරයා විදියට කටයුතු කළේ රවී ජයවර්ධන. දැන් ඔහු තමයි ජාතික රූපවාහිනියේ සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ. 

 

පක්ෂයේ සියලු දෙනා මේකට සහයෝගය දක්වාවි කියලා අපි බලාපොරොත්තු වුණත් සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුගේ කණ්ඩායම් මේකට විරුද්ධව තමයි වැඩ කළේ. සජිත් ඇතුළු පිරිස ග්‍රාම චාරිකා වැඩසටහනට කිසිම සහයෝගයක් දුන්නේ නෑ. ඇත්තටම ග්‍රාම චාරිකා වැඩසටහන කඩා කප්පල් කරන තැනක ඒ පිරිස හිටියා කිව්වොත් වැරැද්දක් නෑ. 


මොකද කරූ ජයසූරිය ඇතුළු පිරිස ග්‍රාම චාරිකා වැඩසටහන සංවිධානය කරපු දවස්වලම සජිත් ප්‍රේමදාස හොරණ ප්‍රදේශයේ සසුනට අරුණ කියලා එයාගෙ වෙන වැඩසටහනක් යොදා ගෙන තිබුණා. පැහැදිලිවම මේක ග්‍රාම චාරිකා වැඩසටහන හරහට තමයි ඒ දවස්වලම කළේ.


මේ නිසා රවී ජයවර්ධන පවා අමාරුවේ වැටුණා සංවිධායක වැඩ කරද්දී.


සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම ඇරෙන්න පක්ෂයේ අනෙක් අය ග්‍රාම චාරිකාවට සහභාගි වුණා. අවසාන දිනයේ රනිල් වික්‍රමසිංහත් සහභාගී වුණා. 


අපි බලාපොරොත්තු වුණු ආකාරයට පක්ෂයේ සියලු දෙනාම සමගියෙන් සම්බන්ධ කරගෙන පළමු ග්‍රාම චාරිකා වැඩසටහන හොරණදී කරන්න බැරි වුණා.


ඒ සඳහා අපට කනගාටුවක් තමයි තිබුණේ පක්ෂයේ සමගිය ඇති කරන්න. ප්‍රවර්ධන වැඩසටහනක් විදියට සංවිධානය කෙරුණු ග්‍රාම චාරිකා වැඩසටහනක කල්ලි බෙදිලා විරුද්ධවාදිකම් කිරීම නිසා අපි හිතපු ප්‍රතිඵල ලැබුණේ නෑ.

 

 

 

පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රධාන රැස්වීම් කීපයකුත් පවත්වන්න සූදානම් කරලා තිබුණේ. මේක පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් අතරෙ කෙරුණු ඉතාම සංවිධානාත්මක සහ සාර්ථක වැඩසටහනක් වශයෙන් බොහෝදෙනාගේ අවධානයට යොමු වුණා. පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදියට කරූ ජයසූරිය තමයි මේකේ මූලිකයා විදියට කටයුතු කළේ. ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි සියලු කටයුතු කෙරුණේ. මමත් මේ වැඩසටහනට හැකි උපරිම සහයෝගය දුන්නා. ප්‍රථම ග්‍රාම චාරිකා වැඩසටහන හොරණ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සාර්ථකව පැවැත්වුණා. එතකොට හොරණ ආසන සංවිධායකවරයා විදියට කටයුතු කළේ රවී ජයවර්ධන

 

 

 

 

 

 

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

කරූට එරෙහිව සජිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site