IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඔක්තෝබර් 26 ‘හඳපානේ විප්ලවයේ’ නොපළ කතා

 

 

2018 වසරේ ඔක්තෝබර් 26 දිනය ද සුපුරුදු පරිදි ගෙවී යමින් තිබිණි. එහෙත් එදින මෙරට දේශපාලන ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවු විරූ යමක් සිදුවනු ඇතැයි බොහෝ දෙනෙක් දැන නොසිටියහ. එහෙත් සියල්ලන්ගේ නලල රැලි ගන්වමින් අගමැති ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපිටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විටත් ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරිමේ උත්සවයකට සහභාගි වෙමින් සිටියේය. 


දේශපාලන පස මිතුරන් වශයෙන් සිටි මෛත්‍රි හා මහින්ද මෙසේ හදිසියේ සමගි වූයේ කෙසේද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඒ මතකය ආවර්ජනය කරන්නේ මෙසේය.
“ඇත්තටම ඒක විප්ලවයක්. මම නම් ඒක හඳුන්වන්නේ ඔක්තෝබර් විප්ලවය කියලයි. එදා ඇත්තටම වුණේ බල හුවමාරුවක් නොවෙයි. එතැන ඇති වුණේ ප්‍රතිපත්තිමය එකඟතාවක්. අද වන විට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති අපේක්ෂකත්වය පවා අහිමි වුණේ ඒ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵලයක් විදියටයි. නිලංග සුමතිපාල එසේ කියයි. 
මේ දේශපාලන ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ 2018 වසරේ අප්‍රේල් මාසේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සමගයි. මෙම විශ්වාසභංග යෝජනාව කතානායකතුමාට බාර දුන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමායි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයක් සමග අගමැතිතුමාට එරෙහිව පක්ෂය ඇතුළෙන්ම දරුණු කැරැල්ලක් මතුවෙලා තිබුණා. මේ පරිසරය තුළ විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් අපට තිබුණා. 


අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන විට මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති පොහොට්ටුවට හෙවත් ඒකාබද්ධ විපක්ෂයට සිටි මන්ත්‍රි සංඛ්‍යාව 52 කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිටි මන්ත්‍රි සංඛ්‍යාව 43 කි. ඒ අනුව මහින්දගේ නායකත්වය යටතේ මන්ත්‍රීවරු 95 ක් සිටියහ. විශ්වාස භංග යෝජනාව ජය ගැනීමට බහුතරය වශයෙන් මන්ත්‍රිවරු 113 ක් අවශ්‍ය වෙති. ජවිපෙ මන්ත්‍රී සංඛ්‍යාව ඔවුන්ගේ සහාය ද රනිල්ට එරෙහිව ගැනීමට හැකිවනු ඇතැයි ගණන් බලා තිබිණි. ඉතිරි සංඛ්‍යාව එක්සත් ජාතික පක්ෂයෙන් ලබා ගත යුතුය. එයද එතරම් අසීරු කාර්යයක් ලෙස නොපෙනුණේ ඒ වනවිට අගමැතිවරයාගේ නායකත්වයට එරෙහිව දැවැන්ත විරෝධයක් පක්ෂය තුළ ගොඩගැසී තිබූ හෙයිනි. 
ඔව්, ඒ විශ්වාසය අපට තිබුණා. යූ.එන්.පී. එකේ මන්ත්‍රීවරුන් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අපි පටන් ගත්තා. එස්. බී. දිසානායක හා ඩිලාන් පෙරේරා මහත්වරු හා මම ඒ කටයුත්තේදි වගකීම බාර ගන්තා. මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් එක්කත් අපි සාකච්ඡාව කරගෙන ගියා. මහ බැංකුවේ හිටපු අජිත් නිවාඞ් කබ්රාල් මහත්මයා එක්කත් විශේෂ සාකච්ඡා මාලාවක් ගියා. 


මෙතැනදි විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තියෙනව. යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මය පරාජය වුණොත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර ගන්නේ නෑ. එතුමා කිව්වේ අගමැති ධුරය යූ එන් පියටම දෙන්න. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න කියලයි. 
මේ ක්‍රියාදාමයට ජනාධිපතිතුමත් සම්බන්ධ වෙලා හිටියේ. අගමැතිතුමාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිතුමා බරපතළ විරෝධයක සිටියේය. ඒ නිසාම තමයි අගමැති ධුරය බාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කරු ජයසූරිය මැතිතුමාටත් කිහිපවරක්ම ජනාධිපතිතුමා ආරාධනා කළේ. ඊට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා එක්කත් අපි සාකච්ඡා කළා. ඔවුන්ගේ පොදු අදහස වුණේ විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පරාජය වුණොත් තීන්දුවක් ගන්නම් කියන එකයි. යූඇන්පිය අගමැති ධුරය ප්‍රතික්‍ෂේප කළොත් අපේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා දාන්න අපි තීරණය කළා. 


මේ සම්බන්ධයෙන් අපේ පක්ෂය තුළත් විවිධ මත තිබුණා. අපේ පොදු අරමුණ වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයෙන් ඉවත් කිරීම නමුත් ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ගනුදෙනුවකට යන්න අපේ සමහරු කැමැති වුණේ නෑ. අන්තිමට ජනාධිපතිතුමා කිව්වා ඔයගොල්ලො කැමති තීරණයක් ගන්න කියලා. හැබැයි ඒකෙන් කියැවුණේ නෑ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දිය යුතුයි කියලා. 
ඇත්තටම ගත්තොත් එක්සත් ජාතික පක්ෂයෙන් හොඳ ආරම්භයක් තිබුණා. මන්ත්‍රීවරු 33 ක් විතර අපිත් එක්ක එකතු වෙන්න හිටියා. ඔවුන් කිව්වෙ අගමැතිතුමා ඉවත් කරන ඕනෑම සටනකට සහයෝගය දෙනවා කියලයි. ඇත්තටම අපිට ඉලක්කම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නෑ. 
විශ්වාසභංග යෝජනාවට දින දෙකක් තිබියදී එක්සත් ජාතික පක්ෂ නායකයෙක් අපට කිව්වා. මම අගමැති ධුරය බාරගන්නම් හැබැයි විශ්වාසභංගයට මට ඡන්දය දෙන්න බෑ. ඒක ජයග්‍රහණය කර ගන්න එක ඔයගොල්ලන්ගෙ වැඩක්. ඒ වැඬේ සාර්ථක වුණොත් මම එන්නම් කියල. පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙක් කිව්වේ ඔයගොල්ලෝ මට අගමැති ධුරය බාරගන්න කතා කරනව. කෝ එහෙම ඇබෑර්තුවක් ආවොත් මම බලන්නම් කියල. 


කොහොම නමුත් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් නතරකර ගැනීමේ ලොකු මෙහෙයුමක් එක්සත් ජාතික පක්ෂයෙත් ක්‍රියාත්මක වුණා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රිවරුන් ගැන සැකයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නොත් ඔහුට ඒක කරන්න වෙන්නේ විශාල කැප කිරීමක් කරලා. එහෙම කැප කිරීම් කරල එළියට ආවට  පස්සේ අපේ මෙහෙයුම අසාර්ථක වුණොත් ඒක ඒ මන්ත්‍රීවරුන්ට විශාල වශයෙන් බලපානවා.
මේ තත්ත්වය තුළ අපේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දිහා ඒ අය බලාගෙන හිටියා. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න  පක්ෂය තීරණය කරලා තිබුණත් අපේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් එදා පාර්ලිමේන්තුවට ආවේ නෑ. ඔවුන් ඡන්දය නොදී මග හැරිය. මේ ක්‍රියාදාමය නිසා විශ්වාසභංග යෝජනාව පරාජය වුණා. 


විශ්වාසභංග යෝජනාව එසේ පරාජය වුවද එම පරාජය තුළ ඉතා දියුණු දේශපාලන ජයග්‍රහණ තිබෙන බව තිලංග සුමතිපාල මහතාගේ අදහසය. ඒ ජයග්‍රහණය ලබන සතියට.

 

 

අනුත්තරා සේනාරත්න
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඔක්තෝබර් 26 ‘හඳපානේ විප්ලවයේ’ නොපළ කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site