IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මළ ගෙදර ගිය ගමන් වියදමේ හිලව්වට හත්දොහත් පහුවෙනකම් ඉඳලා

කිලෝ මීටර් 200ක් පමණ ඈතින් තිබූ මළ ගෙදරකට සහභාගි වීමට පැමිණි  යුවළක් එම ගමන සඳහා වැයවූ මුදලට හිලව් වශයෙන්  හත් දවසෙ දානය  දක්වාම එහි ගත කිරීමට කටයුතු  කළ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


 රජයේ විශ්‍රාමික යුවළකි. පදිංචිය බස්නාහිර පළාතේය. සැමියා පරාර්ථකාමී ගති පැවතුම් ඇති සමාජ සේවකයකු වුවද බිරිඳ නම් තමන්ගේ වාසිය ගැනම සිතන තැනැත්තියකි.


 ගම් ප්‍රදේශයේ ජීවත්වූ තම සමීපතම ඥාතිවරියකගේ වියෝව පිළිබඳව පසුගිය  දිනෙක ලැබුණු දුරකථන පණිවුඩයකින් මේ දෙදෙනා බලවත් අසීරුවට පත් වූහ.


⁣දෙපාර්ශවයේ පවතින සමීප සම්බන්ධය නිසා මේ මළ ගෙදරට සහභාගි නොවී සිටීමට කිසිසේත් නොහැකිය. පවතින ඉන්ධන හිඟය සහ අධික බස් ගාස්තු ආදිය සලකා බැලූ විට යනවා නොව ඒ පිළිබඳව සිතීමත් බරපතළ ගැටලු‍වකි.


දෙ⁣න්නා දෙමහල්ලන්ට මුහුණ දීමට සිදු වූ මෙම උභතෝකෝටික පැනයට විසඳුම් සෙවීමට දෙදෙනා සාකච්ඡාවක නිරත වූහ.
බිරිඳ  කදිම යෝජනාවක් ඉදිරිපත් කළාය .


‘‘අපේ වාහනෙන් ගියොත් රුපියල් හත් අට දාහක තෙල් යනවා, අධිවේගී පාරෙ බස්වල ගියත්  ඒ සමාන ගණනක් වියදම් වෙනවා.  ඒක නිසා  අපි අපේ වාහනෙන්ම යමු. එතකොට ඔය වියදමේ හිලව්වට එමින් ගමන් කොස් පොලොස් ටිකක්වත් දාගෙන එන්න බැරියැ”‍ යනුවෙන් ඈ කළ යෝජනාවට සැමියාගේ ද එකඟත්වය පළවිය.


ඒ අනුව ඔහු එදා දවසම පෙට්‍රල් පෝලිමක  ගතකර ගමනට ප්‍රමාණවත් තෙල් සපයා ගත්තේය . 
පසු දින ගමනට සූදානම් වන විට ඔවුන් සමඟ නිවසේ ජීවත් වන ඔවුන්ගේ  දියණිය සහ බෑණා ඉල්ලා සිටියේ ළමයින් බලා ගැනීමට තිබෙන නිසා හැකි ඉක්මනින් ආපසු පැමිණෙන  ලෙසයි.


මළ ගෙදර කටයුතු අවසන් වන විට එදින සවස්වූ බැවින් සිතාගෙන ගිය පරිදි කොස් පොලොස් අල බතල මඤ්ඤොක්කා ආදිය සපයා ගැනීමට කාලය ප්‍රමාණවත් නොවීය. ඒ පිළිබඳව කල්පනා කරමින්  සිටින අතර  නිවැසියන්ගෙන් ආරාධනාවක් ලැබුණේ 
එදින තකහනියේ නොගොස්  දවසක් දෙකක් ගතකර යාමට එහි නතරවන ලෙසයි.


එම යෝජනාව, මහත්තයාට කෙසේ වෙතත් නෝනාට නම් ඉබ්බා දියේ දැම්මා මෙන් මහත් සතුටට කාරණාවක් විය.
එදින රාත්‍රී නින්දට ගොස් සිටිය දී ඇයට හැඳිමිටේ නුවණ පහළ විය. සැමියාගේ කනට කර රහසින් මෙසේ කීවාය. ‘‘දැන් මෙහේ ගෙදර කට්ටියගෙත් කැමැත්ත ලැබිල තියෙන එකේ මේ සතියම මෙහේ ගත කරල හත්දවසෙ දානෙටත් ඉඳලම යමු.  කෑම වේල්ම කීයක් පිරිමැහෙනවද ? කාලෙ හැටියට ඒකම මදෑ. මේ අවුරුදු  ගණනාවකට පස්සෙ නොවැ මෙහේ ආවෙත්.”‍


තම බිරිඳගේ කාලෝචිත යෝජනාවෙන්  පවතින ආර්ථික අමාරුකමට ලැබෙන අස්වැසිල්ල ගැන සිතූ  සැමියා ද යෝජනාවට එක පයින් එකඟත්වය පළ කළේ ඔහු කැමති වුණත් නැතත් හැමදාමත් ඇයගේ කැමැත්තට ඉඩදීමට ඔහුට සිදුවන බැවිනි.


පසුව එළඹි දින කීපයේ ගමේ සෙසු ඥාති හිතවතුන්ගේ නිවෙස්වලට ද  ගිය ඈ තම ඇති හැකි කම් සහ දරුවන්ගේ බලපුළුවන්කාරකම් ගැන පම්පෝරි ගැසීමටද  එය මහඟු‍  අවස්ථාවක් කර ගත්තා පමණක් නොව හත් දොහේ දානය අවසන්වී යන විට ගෙන යාමට වාහනේ පිරෙන්නට හාල්, පොල්, කොස්, පොලොස්, බතල, මඤ්ඤොක්කා, කුරුඳු, ගම්මිරිස් පමණක් නොව දර මිටි දෙක තුනකුත්  සපයාගෙන තිබුණා ලු‍. 

 



අදහස් (0)

මළ ගෙදර ගිය ගමන් වියදමේ හිලව්වට හත්දොහත් පහුවෙනකම් ඉඳලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site