IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ත්‍රීවිලරයේ පිටුපස ගෙනගිය සහල් උරය මගදී අතුරුදන්

වීමෝලකින් කොටාගත් සහල් උරයක් ත්‍රීවීල් රථයක පිටුපස තබාගෙන එය අයිතිකරුට භාරදී හයර් කුලිය ගැනීම සඳහා යමින් සිටි ත්‍රීවීලරයක් අතරමඟ නතර කොට හයර් එකක් යෑමට එයට ගොඩ වූ  තරුණයකු අසමජ්ජාති වැඩක් නිසා ත්‍රීවීල් රථ රියදුරුට පොලිසි යාමට සිදුවූ සිද්ධියක් ගැන වාහල්කඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

ඒ අතරතුර ගල්කඩවල ප්‍රදේශයේදී බීමත් තරුණ පිරිසක් මාර්ගය අවහිර කරගෙන රණ්ඩු වෙමින් සිටියහ. ඉන්පසු එම පිරිසෙන් තරුණයකු ත්‍රීවීලරය ළඟට පැමිණ ‘‘අංකල් මාව කහටගොල්ලෑව හන්දියට දාලා එන්නකෝ. ඔයා ගන්න ගානක් ගන්න. මට හදිසියි ’’යැයි පැවසීය.

ත්‍රීවීල් රථ රියදුරා රථය ආපසු හරවා ඔහු රැගෙන කහටගොල්ලෑව හන්දියට පැමිණ, තරුණයා බස්සවා හයර් කුලිය රැගෙන ආපසු එම මාර්ගයේම ගල්කඩවල දෙසට ධාවනය කරමින් සිටියේය.

මේ එන අතර මගදී ත්‍රීවීල් රථ රියදුරාට හදිසියේම පිටුපස දමා තිබූ සහල් උරය මතක් වී ආපසු හැරී බැලුවේය.‘‘දෙයියෝ සාක්කි’’හාල් උරේ නෑනේ. එකත් එකටම අරූ හාල් උරයත් අරගෙන බහින්ඩ ඇති’’ යැයි තමාටම කියාගෙන හැකි ඉක්මනින් ආපසු රථය හරවා කහටගොල්ලෑව හන්දිය දක්වා වේගයෙන් ධාවනය කළේය. කහටගොල්ලෑව හන්දියට පැමිණි පසු ඔහු අවට විපරම් කර බැලුවත් ත්‍රීවීලරයෙන් පැමිණි තරුණයා පේන්නට නොසිටියේය. ඔහු තමාට වූ අකරතැබ්බය වෙළෙඳසල් හිමියන්ට පැවසීමෙන් පසු එක් වෙළඳසැල් හිමියෙක් කියා සිටියේ සහල්  උරයක් රැගෙන තරුණයකු බසයට ගොඩ වූ බව තමා දුටු බවය.

පමණක්ද නොව, කඩහිමියා පවසා සිටියේ සහල් උරය රැගෙන ගිය තරුණයා තමා දන්නා අයෙකු බවත්, ඔහු වාහල්කඩ ඩී 6 ප්‍රදේශයේ පදිංචි අයකු බවත්ය.

කළ හැකි කිසිවක් නොවූ තැන ත්‍රීවීල් රියදුරා වාහල්කඩ පොලිසියට සිද්ධිය පැමිණිලි කරන්නට පොලිසිය බලා යළි තම ත්‍රීවීලරය ධාවනය කළේය. එහිදී පොලිස් නිලධාරීන් හමුවේ තමාට වූ කරදරය ත්‍රීවීල් රථ රියදුරා පැවසුවේය.

එම අවස්ථාවේ කිසියම් අවශ්‍යතාවකට වාහල්කඩ පොලිසියට පැමිණ සිටි වාහල්කඩ ඩී 6 ප්‍රදේශයේ තරුණයෙක්ද මෙම සිද්ධිය අසාගෙන සිටියේය. සිද්ධිය අසා සිටි ඔහු එහි කියැවුණු වගතුග අනුව වහාම ක්‍රියාත්මක වී පැමිණිල්ල පොතේ සටහන් කිරීමට පෙර පොලිස් නිලධාරීන්ට කියා සිටියේ මේ සොරකම කර ඇත්තේ තම සොහොයුරා බවය.

තම සොහොයුරා හොරකමට ඇබ්බැහි වී ඇති බවත් මෙම සිදුවීම දුරදිග නොයවා ත්‍රීවීල් රථ රියදුරාට  සිදු වූ පාඩුවට වී මිටියක් ලබාදීමටද ඔහු එකඟතාව පළ කළේය.

පොලිසිය ත්‍රීවීල් රථ රියදුරාගෙන් කරුණු විමසීමෙන් පසුව ඔහු කියා සිටියේ ඔහුට නැති වූ හාල් මිටියට වී මිටියක් ලබාදෙන ලෙසය. කරුණු සලකා බැලූ පොලිසිය දෙදෙනාගේ එකඟතාව මත වී මිටියක් ලබා ගන්නා ලෙස ත්‍රීවීල් රථ රියදුරුට උපදෙස් දුන්නේය. ඉන් අනතුරුව සහල් හොරාගේ නිවසින් ත්‍රීවීල් රථ රියදුරාට ඔහුගේ සහෝදරයා විසින් වී මිටියක් ගෙනැවිත් දෙන ලදී. එම වී මිටිය යළිත්  වී මෝලට රැගෙන ගොස් සහල් කොටා සහල් උරය අයිතිකරුට භාරදීම සඳහා  ත්‍රීවීල් රථ රියදුරා ක්‍රියාත්මක වූයේය. ඒ අවස්ථාවේ ත්‍රීවීල් රථයට ගොඩ වූ රියදුරා ‘‘ මේවා කාට කාටත් මතක හිටින හොඳ පාඩම්’’ යැයි පවසමින් ත්‍රීවීල් රථය පණ ගන්වා නොපෙනී ගියේය.

කැබිතිගොල්ලෑව  හේමන්ත රණසූරිය

 



අදහස් (0)

ත්‍රීවිලරයේ පිටුපස ගෙනගිය සහල් උරය මගදී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 147 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 999 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site