(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියකු වූ ඔහු සති අන්තයේ දකුණේ පිහිටි සිය නිවෙසට ආවේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස්රථයකිනි.
තම ආසනයේම එහා ආසනයේ සිටියේ වයස අවුරුදු පහක පමණ වයසේ වූ සුරතල් දැරියක් මව සමඟයි. ඇය දුටු ඔහු නිවෙසේ වූ සිය දියණිය සිහිපත්ව ඇයට ජංගම දුරකථන ඇමතුමක් ගත්තේය.
අසල සිටි කාන්තාවද දුරකතන ඇමතුම ගත්තත් එය සාර්ථක නොවූ බව පෙනිණ. දුක්බර බැල්මක් හෙලූ ඇය ඔහු ඇමතුවේ දුකෙනි ‘‘සර් මගේ ෆෝන් එකේ බැටරි බැහැලා මට ඔබතුමාගේ ෆෝන් එක පොඩ්ඩකට දෙනවද?” ඇය විමසූ විට ඔහුටද දුක සිතී සිය ජංගම දුරකතනය දුන්නත් ඇය සුළු මොහොතකින් එය ආපසු දුන්නේ ‘‘වැඩ කරන්නේ නෑ’’ කියමින් දැඩි කම්පනයකිනි.
අධිවේගී මාර්ගයේ ගොස් බසය බස් නැවතුමක නතර කළ විට ඇය දරුවාද රැගෙන බැසගියේ තමාට කළ උදව්වට ස්තුතියක්වත් නොකරමිණි.
මොහොතකට පසු ඔහුගේ දුරකතනයට ඇමතුමක් ආවේ ගොරහැඩි පිරිමි කටහඬකිනි.
‘උඹද එහෙනම් මිනිහා. මගේ ගෑනිත් එක්ක දවස් ගානක් කොළඹ හිටියානං උඹම ඒකි බාර ගනින්.’’ තව මොනවදෝ කීවත් ඔහු කරුණු තේරුම් ගෙන දුරකතනයේ සිම් කාඩ්පත ගැලවූයේ ඉදිරියේදී තවත් ගැටලු මතුවේයැයි සිතාගෙනලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ෆෝන් එක කතකට දී අනුන්ගේ තොප්පියක් දාගෙන