IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ෆෝන් එකෙන් විද්‍යාව ඉගැන්වූ සිංහල ගුරාට පියා බඩ පිරෙන්න දීලා

තම දරුවා වෙනුවෙන් සිංහල උපකාරක පන්තියක් පැවැත්වීම සඳහා නි​ෙවසට පැමිණි ගුරුවරයකු පන්ති පවත්වන අතරේ අමුතු අන්දමේ විද්‍යා පාඩමක් කියාදීමට ගොස් දරුවාගේ පියාගෙන් බඩ කට පුරා ගුටි කෑ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය. ඔහු ප්‍රදේශයේ පාසලක සිංහල භාෂාව ඉගැන්වීමේ නිරත ගුරුවරයෙකි.


 අමතර ආදායමක් ලෙස නිවෙස් වලට ගොස් උපකාරක පන්ති පැවැත්වීම සිදු කළේ පවත්නා ජීවන අරගලයට මුහුණ දීම සඳහා අමතර ආදායමක් උපයා ගැනීමේ අටියෙනි. ඉගැන්වීමට දක්ෂයකු වීම නිසාම ප්‍රදේශයේ යමක් කමක් ඇති කීපදෙනකුම ඔහු තම නිවෙස්වලට ගෙන්වා    තම දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම බාර කළේ ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ ඇති විශ්වාසය නිසාය.


  සිංහල විෂයට තරමක් දුර්වල තම දරුවාටද නි​ෙවසට පැමිණ උගන්වන ලෙස ප්‍රදේශයේ පුද්ගලයකු ඔහුගෙන් ඉල්ලා සිටියේ තම දරුවාට කෙසේ හෝ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් අත්කර දීමේ අටියෙනි.


 සතිය පුරාවටම පන්ති කීපයක්ම පැවැත්වීම නිසා තමන්ට කාලවේලාව කළමනාකරණය කර ගැනීමට අපහසුතාවක් ඇතැයි කී    ගුරුවරයා දරුවාට ඉගැන්වීමට රාත්‍රී කාලය යොදාගත් අතර ඇතැම් දිනවලදී ගුරුවරයා දරුවාගේ නි​ෙවසේම නවාතැන් ගත්තේ දරුවාගේ මව්පියන්ගෙන්ද ඊට විරෝධයක් එල්ල නොවීම නිසාය.


  එවිට වැඩි වේලාවක් තම දරුවාට ඉගැන්වීම් කටයුතු කළ හැකි වීම නිසා ඒ පිළිබඳ දරුවාගේ මවුපියන් සිටියේ දැඩි කැමැත්තකිනි.
  අය කරන මුදල පසෙක තබා ඇතැම් අවස්ථාවල මැදියම් රෑ දක්වාම දරුවාට සිංහල භාෂාව උගන්වන්නට තරම් ගුරුවරයා පරිත්‍යාගශීලී වූවේ දරුවාගේ මව්පියන්ගේ ද සිත් දිනා ගනිමිනි.


කෙසේවෙතත් පසුගිය දිනෙක සිංහල භාෂාව ඉගැන්වීම පසෙක තැබූ හෙතෙම දරුවාගේ විද්‍යා විෂය පොතක් අතට ගෙන එහි වූ   ප්‍රජනක පද්ධතිය පිළිබඳ පාඩමක් කියා දුන්නේ ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් ඇත්තකු පරිද්දෙනි.


ඒ සඳහා ඔහු තම ස්මාර්ට් දුරකතනයේ තිබූ ඇතැම් පිංතූර හා වීඩියෝද උපකාර කර ගෙන ඇත.


 මවුපියන්ට බොහෝ සේ ලැදියාවකින් පසුවූ දරුවා ඒ පිළිබඳව සිය මවටත් පියාටත් කළ දැනුම්දීමක් මත යක්ෂාරූඪ වූ පියා ගුරුවරයාගෙන් ඒ පිළිබඳ විමසා ඇත්තේ සිංහල ඉගැන්වීමට පැමිණ විද්‍යාව උගන්වන්නට  හේතුව කුමක්ද කියාය.


 දැනුම හා අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනික මෙවලම් භාවිතය  පිළිබඳ තමා උගත් විෂය කරුණු පෙන්වමින් ගුරුවරයා දරුවාගේ පියා සමඟ වාදයක පැටලුන ද සිදුවී ඇත්තේ කුමක්දැයි අවබෝධ කරගත් පියා ගුරුවරයාට අතින් පයින් සංග්‍රහ කර මහ රෑම ඔහු නි​ෙවසින් එළියට ඇද දැම්මේ ඒ වන විටත් රැස්ව සිටි අසල්වැසියන්ටද ගුරාගේ කැරට්ටුව පහදා දෙමිනි.

වියලු‍ව වාර්තාකරු

 



අදහස් (0)

ෆෝන් එකෙන් විද්‍යාව ඉගැන්වූ සිංහල ගුරාට පියා බඩ පිරෙන්න දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site