යටියන්තොට - සමන් එස්. රත්නායක.
මේ පුවත වාර්තා වෙන්නේ කඳුකර ප්රදේශයේ ප්රාථමික දරුවන් ඉගෙන ගන්නා කුඩා පාසලකින්ය. මේ පාසලේ ඉගෙන ගන්නා සියලුම දරුවන්ට ආහාර වේලක් ලබා දෙන අතර එය ලබා දෙන්නේ උදේ වරුවේය.
උදෑසන මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව විදුහල්පතිතුමාගේ කතාව අසා සිටින දරුවෝ ඉවර වෙන්නේ කීයට දැයි ඇඟිලි ගනිමින් සිටිති. ඒ ඉගෙනීමේ කටයුතු සඳහා සූදානම් වීමටම නොවේ. දිනපතා වෙනස් කරමින් ලබා දෙන උදෑසන ආහාර වේල රස විඳීම සඳහාය. උදෑසන රැස්වීම අවසන් වීමත් සමග දිවයන්නේ අත සේදීම සඳහා වන අතර පෝලිමේ යන්නැයි ගුරුවරුන් කොපමණ කිව්වත් ගුරුවරුන්ගේ කෑ ගැසීමට අවනත නොවී පෝලිමෙන් පැන සමහරෙක් අතසෝදා පන්තියට දිව යයි. ඒ වෙනකකට නොවේ කෑම පිඟාන සිහියට නැගෙන නිසාය.
මෙදිනද උදේ රැස්වීම අවසානයේ යුද්ධයක් කරමින් 3 පන්තියේ දරුවෝ පන්තියට දිව ගියහ. ඝෝෂාව නිසාම 3 පන්තියේ ගුරුතුමිය වේවැල අතට ගත්තේය. මේසයට තඩි බාමින් නිශ්ශබ්ද කරවීය.“ළමයි දැන් නිශ්ශබ්දව කෑම කන්න ඕනෑ. මම බලාන ඉන්නව හොඳට අනිත් අයට ආදර්ශවත්ව කෑම ටික කන දරුවො’’. ගුරු තුමිය එසේ කීවේය. ළමයි කෑම පිඟාන අතට ගත්තේය. මේසය මත ලේන්සුවක් දමාගෙන පිඟාන ඒ මත තබා ලස්සනට කෑම ගැනීම ආරම්භ කළේය. සමහරෙක් වට පිට බලමින් ඇස් කරකවමින් ඇස් වලින් යම් යම් දේ කියයි . ක්රමයෙන් මුල අමතක වෙයි. පිටුපස පේළියේ සිටි චමෝද් ළඟ සිටි බාසුරට ජනේලයෙන් කුරුල්ලෙක් පෙන්නයි. ඒ දෙස බැලූ බාසුරගේ පිඟානේ තිබූ බිත්තර ගෙඩිය අතුරුදන් වෙයි. බාසුරට කේන්ති යයි. අසල සිටි අයත් සමග දබරයකට පැටලෙයි. නිශ්ශබ්දතාවය කොහෙන් ගියාද නැත.
3 පන්තිය අසල ඇති පන්ති දෙකේ ටීචර්ලාද කෑම කන්නේ මේ පන්තියේය. මේසය මත වටවී කෑම පාර්සල් ලිහාගෙන කෑම කෑමට ඔවුහු සූදානම් වූහ. තම තමන් ගෙනා කෑම පාර්සලයේ තිබූ මාලුපිනි හුවමාරු කරගනිමින් මාලුපිනි වර්ණනා කරති. ඊයේ රෑට ඉව්ව කෑම ගැනද කතා කරයි.
මේ අතර පන්තියේ ළමයින්ගේ දබරයද දුරදිග ගොස්ය. බෝල පිටියක් මෙන් බිත්තර ඒ මේ අත විසිවෙයි. 3 පන්තියේ ටීචර් වේවැල වම් අතට ගත්තේය. මේසයට තඩි බාමින් “ළමයි නිශ්ශබ්ද වෙන්න. මම කිව්ව නේද. ඇයි කෑම කනකොට කතා කරන්නෙ. ඒක හරි කැතයි.’’ කමලා ගුරුතුමිය සැරෙන් පැවසුවාය. මැද පේළියේ ඉන්න සචිත් ගේ කටට බ්රේක් නැත. හැම දේටම උත්තර දෙන පුරුද්දක් ඇත.“එහෙනම් මැඩම්ලත් අපි වගේ කෑම කනකොට කතා කරන්නෙ.’’ කීවේය.
කමලා ටීචර්ට හීන් දාඩිය දැම්මේය. අනෙක් ටීචර්ල බිම බලා ගත්තේය. උත්තරයක් නොදීම බැරි ප්රශ්නයකි. “අපි කතා කරන්නේ ඔය ළමයි ගැනනෙ. ඔය ළමයි හොඳට හදා ගන්න අපි කතා කරන්නෙ.’’යැයි පැවසුවේය. වටපිට බැලූ සචිත් “අපිත් කතා කරන්නෙ මැඩම්ල ගැනෙන” පවසමින් අතින් කට වසා ගත්තේය.
පසුවදා සිට 3 පන්තිය අසල පන්තිවල ටීචර්ල තමන්ගේ පන්තියේම සිට කෑම කන්න පටන් ගත්තේ තමන්ටත් යම් යම් දේ අමතක වෙන බව ඔවුනොවුන් පවසා ගනිමිනි.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමයින්ගේ කට වහන්න ගිහින් ටීචර්ගේ කට වැහිලා
Janindu Perera Friday, 28 February 2025 09:52 AM
බය නැතුව ඕන දෙයක් ප්රශ්න කරන සිසු ප්රජාවක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි...
ගුණරත්නSaturday, 01 March 2025 07:06 PM
කන පැලෙන්න ගහන්න තිබ්බේ, ඊළඟට කරේත් නගියි.