IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


හිස් පොකැට්ටුවට කයිය ගහන්න ගිහින් නාගෙන


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලු‍දෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක් අසන්නට ලැබේ.
හේ කාර්යාලයේ සේවක, සේවිකාවන් ඉදිරියේ අමුතුම රංගනයක යෙදුණේය. එය වැඩිමනත්ම දිස්වූයේ චුට්ටක් විතර ඇඟ රත්වූවිටය. ඔහුට උවමනා කළේ නගරයේ ඉන්න අයියලා ඉන්නේ තමන්ගේ අතේ බව පෙන්වීමටය.
ඔවුන් සමග එකට කනබොන බව ඇඟවීමටය. ඔවුන් ඉතා ළඟින් ආශ්‍රය කරන බව පෙන්වීමටය. ඔහු ගැන නොදන්නා අය එය පිළිගත්තත් දන්නා අය එය නිය පිටින් උඩට නොගත්තෝය. ඒ ඔහුගේ තරම දන්නා නිසාය. ඔහු ඇද බා ඇති බේගල් ගැන දැනුවත්ව සිටි නිසාය.
මේ ළඟදී කාර්යාලයට බසයෙන් පැමිණෙමින් සිටියේය. ගමනාන්තයේදී ඔහුගේ මුදල් පසුම්බිය ගැට කපන්නකුගේ ගොදුරක් බවට පත්විය. ඔහුගේ ඉහ මොළ රත්විය. වැදගත් ලියකියවිලි රැසක් එහිය. ඔහුට මෙය මදිකමකි. බස් රථයම දෙවනත් කරමින් ගමේ  ඉන්නා අයියලාගේ නම් කියමින් ඔහු කෑගැසීය. එහෙත් මුදල් පසුම්බිය නම් නොලැබිණ. කාර්යාලයට ගොස් ටික වෙලාවකින් ඔහුට භාර්යාවගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. ඒ ගැටකපන්නකු ගැසූ තමාගේ මුදල් පසුම්බිය ත්‍රිරෝද රථයකින් පැමිණි අයකු ගෙනත් දුන් බවය. එය ඇසූ ඔහු චූන් වූවේය.


‘‘මම හිතුවා මගේ පර්ස් එක ගෙදරටම ගෙනත් දේවි කියලා. මම මුළු බස් එකම දෙවනත් කළා. මගේ පර්ස් එක ගත්ත එකා හවස් වන කොට ගෙදරටම ගෙනත් නොදුනොත් උල තියනවා කියලා. ඒකේ බයට තමයි මගේ පර්ස් එක ගෙනත් දෙන්න ඇත්තේ’’ යයි ඔහු ශබ්ද නගා භාර්යාවට කීවේ කමීසයේ කොළරයද උස්සමිනි.
මොන පිස්සුද? තමුසෙගේ පර්ස් එකේ සත පහක්වත් තිබිලා නැහැ. ගැට කපන්නාට දුක හිතිලා ඒ මිනිහා එයාගෙම සල්ලිවලින් කුලියට ත්‍රිරෝද රථයක් අරගෙන ගෙදර සොයාගෙන ඇවිල්ලා දීලා ගියා. අපිටත් දරුවන් ඉන්නවනේ, මේ අහිංසකයාග් පර්ස් එකට ගහලා හිතට උසුලන්නේ නැහැ, කියලා තමයි ඒක දීලා ගියේ. නැත්නම් මේ චණ්ඩි පාට් එකට නෙමේ’’ යයි භාර්යාව කී විට කතා කර ගන්න බැරිව ඔහු ගල් ගැහුනාලු‍.

 



අදහස් (2)

හිස් පොකැට්ටුවට කයිය ගහන්න ගිහින් නාගෙන

ගුණරත්න Monday, 03 March 2025 11:18 AM

අභව්‍යයි නේ කතන්දරේ, ඔහොම පික්පොකට් කාරයෝ නැහැ, සල්ලි නැත්නම් පර්ස් එක අයිතිකාරයාගේ මවුගුණ මතක් කරලා කුණු ගොඩකට දාන අය්යලා ඉන්නේ.

:       1       10

Pradeep KumaraMonday, 03 March 2025 01:13 PM

මේ හිත හොඳ හොරෙක්.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6121 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site