IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


හොර පොල් කඩන්නාට නෙළන්න බ්රිඳගෙන් දොර පොල්ලක්

මේ දිනවල රටම කතා කරන්නේ පොල් ගැනය. පොල් මැන විකිණීමට අනිවාර්ය කර තිබියදීත් තවත් තැනක පොල් ගැන අපූරු කතා ද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දුව ප්‍රදේශයේ ඉඩම් හිමියෙකුට සිදු වූ සිදුවීමකි.

 
ඉඩම් හිමියාගේ පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ගැනීමට පොල් කඩන්නෙකු සෙව්වත් සොයා ගැනීම අපහසු විය. 


මේ නිසා අල්ලපු ගමේ සිටින මිතුරකු මගින් පොල් කඩන්නෙකු ගෙන්වා ගත්තේය. පොල් කඩන්නා පැමිණ ගස මුල සිට උඩ බලා ගස් වලට නැංගේය. ඔහු එක ගසකින් පොල් වලු දෙක බැගින් කඩා දැම්මේය. මේ අතර ඉඩම් හිමියා බිම සිට උඩ බලා ඇයි අර පොල් වල්ල පැහිලා කඩන්නේ නැද්ද? කියා විමසුවේය. 


‘ඒ වල්ල තවම පැහිලා නැහැ මහත්තයා’ පොල් කඩන්නා ගස උඩ සිටම කෑ ගසා කීවේය. ගස් කිහිපයක පොල්කැඩූ ඔහු කුලිය ද රැගෙන පිටව ගියේය. එහෙත් ගස් කිහිපයක පැහුණ පොල් වලු ඉතිරිව තිබෙන බව ඉඩම් හිමියාට පෙනුණි. 


මේ අතර පසු දින අලුයම තුනට පමණ කිසියම් ශබ්දයක් ඇසී ඉඩම් හිමියා ජනේලය හැර බැලුවේය. ඔහු දුටුවේ දහවල් කාලයේ පැමිණ පොල් කැඩු පුද්ගලයා ගස්වල ඉතිරි කර තිබූ පැසුණ පොල් කඩාගෙන යන අයුරුය. මේ බව ඔහු බිරිඳට පැවසූ විට බිරිඳ දොර පොල්ල ගෙන සැමියා අතට දුන්නත් බියට පත් වූ සැමියා ජනේලය ද වසා ඇඳේම ගුලි වුණේය. 

(උණවටුන ඩී.ජී. සුගතපාල) 

 

 



අදහස් (0)

හොර පොල් කඩන්නාට නෙළන්න බ්රිඳගෙන් දොර පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1820 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site