IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හාර දහසේ මඟුල් සාරියෙන් වවාගෙන කාලා

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
රුපියල් හාර දහසකට වෙඩින් සාරියක් මිලදී ගෙන මනාලියන් දස දෙනකුට රුපියල් පන් දහස බැගින් බද්දට ලබාදී එක් මනාලියකගෙන් සාරියට හානිවිම නිසා අලාභය ලෙස රුපියල් විසි දහසක් අය කරගත් අපූරු රූපලාවන්‍ය ශිල්පිණියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


තරුණියක් විසින් ගම්බද පෙදෙසක මනාලියන් හැඩගැන්වීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියාය. පිට පළාත්වලින්ද පිරිස් පැමිණ මෙම ස්ථානයෙන් සේවා ලබාගන්නා අතර මංගල ඇඳුම් කුලී පදනම මත ලබාදිමද සිදුකළේය. රූපලාවන්‍යගාරයට අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් මිලදීගැනීම සඳහා යෙහෙළියන් කීපදෙනකු සමග යාමට මෙම තරුණිය පුරුද්දක් ලෙස සිදුකළ අතර යෙහෙළියන් සතු පාවිච්චි කළ ඇඳුම් පැළඳුම් මිලදීගෙන බදු පදනමට වෙනත් අයට ලබාදීමද සිදුකළාය.


රූපලාවන්‍ය ආයතනය හිමි තරුණිය තම පවුලේ ඥාතියකුගෙන් රුපියල් හාරදහසකට මගුල් සාරියක් මිලදී ගෙන මනාලියන් දහයකට වැඩි ප්‍රමාණයකට එක් අයකුගෙන් රුපියල් පන්දහසක් අයකර ගනිමින් බදු පදනම මත ලබාදීම සිදුකළාය. 


එලෙස බදු පදනමට ලබාගත් මනාලියක් වෙතින් සාරියේ කොටසකට මගුල් දවසේ හානි සිදුවිය. මංගල උත්සවය නිමවී සාරියට සිදුවූ හානිය පිළිබඳව රූපලාවන්‍ය ශිල්පිණියට පැවසූ මනාලියට දෙවියන් සිහි වූයේ සාරියේ අලාභය ලෙස රුපියල් විසි දහසකුත් බදු මුදල ලෙස රුපියල් පන්දහසකුත් ගෙවන ලෙස ඇයට පැවැසීම නිසාය. 


මනාලිය සිය සැමියා සමග රූපලාවන්‍යගාරයට ගොස් හිමිකාරිය සමග සාකච්ඡා කළද සහනයක් නොලැබුණි. සාරිය අලෙවි කළ කාන්තාවද මනාලියගේ මවගේ යෙහෙළියක් වන අතර ඇය රූපලාවන්‍ය ශිල්පිණියගෙන් සිද්ධිය පිළිබඳව විමසා රූපලාවන්‍යාගාරයට ගොස් දෝෂාරෝපණය කිරීම නිසා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.   



අදහස් (1)

හාර දහසේ මඟුල් සාරියෙන් වවාගෙන කාලා

සිරිබිරිස් Thursday, 23 September 2021 06:58 AM

(එරාජ් ප්‍රනාන්දු නගරාධිපති තනතුර දරණ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තාවක් නේද

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site