IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හොර ගෑනි එක්ක ලගින්න ගිහින් රැයක් පුරා කූඩුවේ

රාත්‍රී කාලයේදී කාටත් හොරෙන් තම හිතවතියක සමග රැය පහන් කිරීමට යාබද ගම්මානයකට ඇතුළු වූ පුද්ගලයකු ගම්මානයේ පිරිසගේ සැකයට භාජනය වීම නිසා පොලිස් කූඩූවේ ලගින්නට සිදුවූ පුවතක් එළවළු වගාවට නම ගිය උඩරට ප්‍රදේශයේ ගොවි ගම්මානයකින් වාර්තා වේ. 


සිද්ධිය සැකෙවින් මෙසේය.


තමා පදිංචි ගම්මානයට ආසන්නයේ පිහිටි ගම්මානයක හිතවතියක සමග දීර්ඝ කාලයක සිට නිහඬ සබඳතාවක් පැවැත්වූ මැදි වයසේ පසුවූ මෙම පුද්ගලයා අවස්ථාවක් ලද විට ඇය සමග රැය පහන් කිරීමට හුරු වී සිටියේය.


මීට පෙර අවස්ථා ගණනාවකදීම රාත්‍රී කාලයේදී ඇයගේ නිවෙසට ආව ගිය ද රටේ පැවැති සාමකාමී වාතාවරණය නිසා ඔහුගේ ගමන බිමන පිළිබඳව කිසිවකුට ඉව වැටී නොතිබිණි. පසුගිය දිනෙක එලෙසම රාත්‍රී කාලයේදී සිය පෙම්වතිය සමග රැය පහන් කිරීමේ අදිටනින් ඇයගේ නිවෙස පිහිටි ගම්මානයට ඇතුළු වූයේ මල් පැන් වඩියක රස බැලීමෙන් පසුවය. සිය පෙම්වතිය හමුවීමට හිස් අතින් යා නොහැකි නිසා ගම්මානයේ පිහිටි වෙළෙඳසලකට ගොඩවූයේ ඇයට ඉස්තරම් වර්ගයේ චොකලට් එකක් මිලදී ගැනීමත් දුම්වැටියක් දල්වා ගැනීමත් අරමුණු කරගෙනය.


එහෙත් වෙළෙඳසලට ගොඩවූ පුද්ගලයාගේ පැටලිලි සහගත කතා විලාශය හා ඔහු ගම්මානයට ආගන්තුකයකු වීම නිසා ඔහු පිළිබඳව සැක සහිත පුවත ගම්මානය පුරා ලැව්ගින්නක් සේ පැතිර යාම නිසා බියට පත් ගම්වාසීන් ගම්මානය පුරා සැරිසරමින් ආගන්තුකයා සෙවීමට වෙහෙස වූහ.


පොලු_ මුගුරු අතැතිව ගම්වාසීන් තමා පසුපසින් පන්නා එනු දුටු මෙම පුද්ගලයා බියට පත්ව නිවෙසක් තුළ සැඟවී ඇතත් ඔහුගේ එම උත්සාහය නිශ්ඵල වී ඇත්තේ ගම්වාසීන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට මේ පිළිබඳව දන්වා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම නිසාය. 


පසුව පොලිස් නිලධාරීන් බීමත්ව සිටි මෙම පුද්ගලයා අත්අංඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිදරව් කොට ඇත.   
 (හේවාහැට - එම්. දසනායක)



අදහස් (0)

හොර ගෑනි එක්ක ලගින්න ගිහින් රැයක් පුරා කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site