IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හොරෙක් කියා බයවෙලා කොරෝනා ඇඳුමට තඩිබාලා

(අලු‍ත්ගම - තුසිත කුමාර ද සිල්වා)
සෞඛ්‍ය සේවයට සම්බන්ධ සාමාන්‍ය රැකියාවක නියුතු කෙනකුට කොරෝනා වලින් ආරක්ෂා වීමට ලබාදී තිබුණ අලු‍ත් ඇඳුම් කට්ටලයක් නිසා අලි ජරමරයක් වීමේ පුවතක් බේරුවලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


මෙම සෞඛ්‍ය සේවකයා මෙම ඇඳුම් කට්ටලය දිග හැර බලා නි​ෙවසේ පසුපස කුඩා කාමරයක ඇඳුම් රඳවනයේ මදක් උසින් තැබුවේ පසුදින රාජකාරි ස්ථානයට ඇඟලාගෙන යාමේ අරමුණෙනි.


මෙම සෞඛ්‍ය සේවකයාගේ නිවෙසේ පදිංචිව සිටින්නේ මව පියා සහ සීයා පමණක් වන අතර සීයා ආරක්ෂක සේවයේ නියුතුව විශ්‍රාමිකව සිටින වයස හැත්තෑවකට ආසන්න වයසේ පසුවූවෙකි. 


යාබද නිවෙසේ ඥාති සොයුරා එදින රාත්‍රියේ මෙම නිවෙසට පැමිණියේ සෞඛ්‍ය සේවයේ නියුතු සොයුරා ගෙන් යමක් දැනගැනීමටය. ඒ අතරතුර සෞඛ්‍ය සේවකයා ජංගම දුරකතනයට ඇමතුම් ගැනීමට අවශ්‍ය කාඩ් පතක් මිලදී ගන්නට යාබද වෙළෙඳසලකට ගොස් සිටි අතර නි​ෙවසේ වැඩිහිටියන්ද සිටියේ රූපවාහිනිය නරඹමිනි.


නිවෙසට පැමිණි ඥාති සොයුරා පසුපස කාමරයට පැමිණ බලන විට ‘‘කොරෝනා’’ ඇඳුම එල්ලා තිබෙනු දැක තිබේ. ඔහු එම ඇඳුම් කට්ටලය ක්ෂණිකව තිබුණු ස්ථානයෙන් මදක් මෙහාට ගෙන ශීතකරණයට එහායින් පඹයකු ලෙස ඇඳුම අන්දා නිහඬව මද වෙලාවක් සිට තමන් ආ කාරණය සඳහා පසුදින උදෑසන නැවත පැමිණෙන බව කියා ඔහුගේ නිවෙසට ගියේය. ඒ අතරතුර තම දුරකතනයට කාඩ් පතක් දමාගෙන පැමිණි රෝහල් සේවකයා කාමරයට වැදී පෙම්වතිය සමග දිගු දුරකතන සංවාදයක නිරත විය.


මේ අතර මව පියා නින්දට ගොස් තිබෙන අතර තම සීයා මුළුතැන්ගෙයි පෙදෙසෙන් හිටි ගමන්ම ඇසුණු කිසියම් ශබ්දයක් විපරම් කිරීමට අඩඅඳුරේම එම ස්ථානයට ගොස් බලද්දී සීයා ශීතකරණය අසල සොරකු සිටිනු ඇතැයි සිතුවේය. ඉන්පසු ඔහු හීන්සීරුවේම දොරට දමන පොල්ල ගෙන පසුදින රාජකාරියට ඇඳගෙන යාමට තිබූ ‘‘කොරෝනා’’ ඇඳුමට දිගට හරහට තඩිබෑවේ දැඩි භීතියත් සමගය. සීයා සොරකු යැයි එල්ල කළ පහරක් දෙකක් ශීතකරණයටද වැදුණේය. 


පසුදින උදෑසන සෞඛ්‍ය සේවකයා සේවයට යාමට පෙර පැමිණි ඥාති සොයුරාගේ හැසිරීමෙන් සිදුවී තිබෙන වින්නැහිය දැනගත් අතර තම කොරෝනා ඇඳුම නිවෙස තුළ පඹයකු ලෙස සැකසීමෙන් ශීතකරණය අසල සොරකු ඇතැයි සිතූ සීයා ශීතකරණයට පොලු‍ පාර දී තිබෙන බව ඥාතියා දැනගත්තත් එය හෙළි නොකිරීමට ඔහු වග බලාගත්තේය.



අදහස් (0)

හොරෙක් කියා බයවෙලා කොරෝනා ඇඳුමට තඩිබාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site