(තිහගොඩ උපසේන ලියනගම)
බස්නාහිර පළාතේ ප්‍රභූ පවුලකි. පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී අවට ප්‍රදේශවල පදිංචි වී සිටියද සෑම වසරකම අවසන් මාසයේ මහ ගෙදරට එන්නේ ඥාති සුහදතාව තහවුරු කර ගැනීමේ සාදයකට එක්වීමටය.

පසුගියදා එසේ හමුවූ අවස්ථාවේ රටේ සිදුවන රිය අනතුරු ගැන කතා කරමින් සිටි විටෙක දැඩි සත්ව අවිහිංසාවාදියකු වූ අයියා කීවේ පසුගිය පෝය දිනයක ප්‍රධාන මාර්ගයේ කිසියම් රියැදුරකු පාරේ සිටි ගවයකු සිය මෝටර් රථයෙහි හප්පා පළා ගොස් ඇති බවය. එම ගවයා පාර මැද පණ අදිමින් සිට මියගිය බව පැවසූ ඔහු “මේක මහා අපරාධයක්” බව පවසමින් එතැන වැටී සිටි මියගිය හරකාට වැඩියෙන් ඒ රිය ගැටුම කළ මිනිහා හරකෙක් බව කීවේ කෝපයෙනි.
මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු වූ බාල සහෝදරයා “අයියා කියන ඔය හරකා මම” කීවේ වට පිටාවේ වූවන් අන්ද මන්ද කරමිනි.
“ඔය හරකා මහ පාර හරහා දුවගෙන ආවේ කුලප්පු වෙලා වගේ. මම වාහනේ පාලනය කර ගත්තේ හරි අමාරුවෙන්. ඒත් ඌ ආපු වේගෙට වාහනේ වැදිල වැටුණා. මම විස්තරේ පොලිසියට කියලා ආවේ මල්ලී කීමෙන් අයියාට කටඋත්තරයක් නැති වුණාලු.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හරකාට විනකළ සහෝදර හරකා