IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.


මේ විහාරස්ථානයේ වැඩ වාසය කළ නායක හිමියන් වයෝවෘද්ධ ය. ඇවිද ගැනීමටවත් නොහැකි තත්ත්වයේ පසුවූහ. මේ කරුණු කාරණා නිසා උන්වහන්සේ පිරිසුදු කිරීම සිදු කෙරුණේ දායකයින් විසිනි.
මෙය දැනගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් උන් වහන්සේගේ රැවුල බෑවේය, නෑව්වේය. ඔහු මේ කළ සියලු‍ ක්‍රියාවන් ඡායාරූප සහිතව මුහුණු පොතට එකතු කළේය. එය දුටු දනන් මේ මන්ත්‍රීවරයාගේ මේ ක්‍රියාවට ආශිර්වාද කළේය.


නුදුරු දිනක මේ මන්ත්‍රීවරයාම සිටින ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු මේ හිමි නම හමුවට ගියේ අවශ්‍යතාවකටය. අවශ්‍යතාව ඉටු කරගත් එම මන්ත්‍රීවරයා සිය සහෝදර මන්ත්‍රීවරයා මෙම හිමිනමට කරන දේ සම්බන්ධයෙන් තමන් මුහුණු පොතෙන්  දුටු දේ ගැන ඇසුවේ ඔහුට ගෞරවයක් පිණිසය. ඒ සමගම කතා කළ හිමි නම කීවේ ‘අපෝ මන්ත්‍රීතුමා මතක් කරන්න එපා ඔය මන්ත්‍රීතුමානම්. එයා තව ටික දවසක් පන්සල් ආවානම් මුළු පන්සලම සුද්ධ කරනවා’.


‘මට ඇප උපස්ථාන කරනවා යයි කියමින් මුහුණු පොතේ දමමින් මට ලැබුණු පිරිකර සහ තවත් දේවල් ගෙදර ගෙනිච්චා. මෙහේ මොකක්වත් එතුමාට පෙන්නන්න බැරිව ගියා. බැරිම තැන මම එයා පන්සලට එන එකත් නැවැත්තුවා’ යයි උන්වහන්සේ කීවේ මන්ත්‍රීවරයා කම්මුලට අත ගසා ගනිද්දී ය.


 තමන්ට සභා රැස්වීමේ දී අවස්ථාවක් ආවිට ඊට මෙයත්  හොඳ අවස්ථාවක් කර ගත හැකි යයි සිතමින් ඔහු නිවෙසට පැමිණියේ ය.



අදහස් (0)

හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site