(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඩෙංගු උවදුර මැඩලීමේ අරමුණින් හෝමාගමට නුදුරු ගමක පිරිසක් මීට වසරකට පමණ පෙර සංවිධානයක් පිහිටුවා ගෙන තිබුණි.

ප්‍රදේශයේ ඩෙංගු උවදුර මැඩලීම සඳහා ශ්‍රමදාන පවත්වමින් විවිධ වැඩ සටහන් හා ප්‍රචාරණයන් නිරන්තයෙන් සිදු කෙරිණි.
ඒ අතර පසුගියදා කසළ පොළක් සංවිධානය කෙරිණි. එය දින තුනක් පුරා පැවති අතර ප්‍රදේශයේ ගම් තුනක දිරන හා නොදිරන කසළ ලෙස වෙන වෙනම භාර ගැනුණි.
එය අවසානයේදී පළාත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ අධිකාරියේ නිලධාරීන් හා සංවිධායකයින් එක්ව ලද කසළ ගණනය කෙරිණි.
ඒ අනුව ලැබූ කසළ තොග අතරින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ වීදුරු භාණ්ඩ බව පැවසේ.
ඒ අතර මත්පැන් බෝතල්වලට හිමිවූයේ ප්‍රධාන තැනකි. මෙය මෙටි්‍රක් ටොන් හත හමාරකි. ඒ අනුව ලැබූ හිස් මත්පැන් බෝතල් තොගයේ වෙළඳපල වටිනාකම (මත්පැන් සමග) රුපියල් ලක්‍ෂ 74කට අධිකය. මේ බව ඇසු ඇසුවන් පුදුම වදන් මුමුණනු දක්නට ලැබුණි.
තවත් අයකු දෙයියෝ සාක්කි යැයි පවසනු අසන්නට ලැබුණි.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෝමාගම කසළ පොළට අරක්කු බෝතල් කප් ගහයි