IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හොඳට පදම් වෙලා අරගලේ ගෙදර ගෙනැල්ලා

 කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
රාත්‍රියට කන්න තිබූ මුදල් රැගෙන අරගල භූමියට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී මිතුරන් පිරිසක් සමඟ එකතුවී පදම් වී නිවසට පැමිණ බඩුමුට්ටු පොඩිකරමින් ගෙදර විශාල අරගලයක් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


ඔහු දරු තිදෙනා ජීවත් කරවූයේ කුලියක් මලියක් කරගෙනය. කාටවත් අතනොපා එදා ජීවත්වූ ඔහුට වත්මනේ පවතින ආර්ථික අහේනියත් සමඟම ජීවත්වීම වහකදුරු මෙන්විය. සිය භාර්යාවගේ තොරතෝංචියක් නැති කටින් පිටවූයේ ගෙදරදොරේ අඩුපාඩුය. එය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවූ සෙයක් දක්නට නොලැබිණි. මේ තත්ත්වය හමුවේ මේ දෙන්න දෙමහල්ලන් අතර අඬදබර ඇතිවූ අවස්ථා ද නැත්තේ ද නොවේ.


පවතින ආර්ථික අහේනියෙන් මේ දෙදෙනාට මේ ආණ්ඩුවේ කෙරුවාව තිත්ත වී තිබුණි. පවතින ආණ්ඩුව පන්නා දැමිය යුතු යැයි ඔවුන් කතාකළ අවස්ථා එමටය. ඒ සඳහා අරගලයක් කළොත් තමා එයට අනිවාර්යයෙන්ම යන බව ඔහු කීවේය. කෑමට තිබෙන මුදල් හරි ඒ සඳහා යන සැමියාට දෙන බව භාර්යාව පැවසුවේ තවදුරටත් මේ පාලනය ගෙන ගියහොත් සිය දරු පවුලට නොකා නොබී මියයන්න වේ යයි ඇතිවූ බිය නිසාය.


ජනපති - අගමැති ඉවත් කළ යුතු යැයි අරගලය සඳහා ජනතාව කොළඹට 9 වැනිදා යන්න පටන් ගත්තේ ඔය අතරේදීය. ඔහුත් ඒ සඳහා යාමට පිටත්වූයේ හිමිදිරි උදෑසනය. ඒ තමාගේම පන්තියේ කට්ටියක් සමඟය. භාර්යාව පැවසූ පරිදි රාත්‍රියේ කෑමට තිබූ මුදල් අත තැබුවේ අරගලය ජයගෙනම නිවෙසට පැමිණෙන ලෙසත් රෑට කොස් ඇට ටිකක්වත් තම්බාගෙන කමුයි කියමිනි.


පාරට බැස්සේ බස් එකෙන් හෝ දුම්රියෙන් කොළඹ යන්න සිතාගෙනය. බස් නොතිබුණි. දුම්රියද එන පාටක් තිබුණේ නැත. ඒ යන අතරමග දුම්රිය නැවතුම් පොළ ආසන්නයේ පාළු තැනකට කට්ටිය ගියේ එකකු ගමන් මල්ලේ දමාගෙන පැමිණි සැර ජාතියේ බෝතලයෙන් එකක් දෙකක් දාගෙන යන්නටය.


දුම්රිය එන වෙලාව ටිකෙන් ටික ප්‍රමාදය. ගෙනා සැර ජාතිය නිමා විය. කට්ටිය මුදල් එකතු කරගෙන තවත් එකක් දෙකක් ගෙන ආවේ ඊට පසුවය. කතානායකයාට දැන් අමරපදන්ය. ඔහු රැගෙන යාම පසෙක දැමූ කට්ටිය ත්‍රිරෝද රථයකින් නිවෙසට දමා යැවීමට පියවර ගෙන තිබේ.


අරගලයට යනවා යැයි නිවෙසින් පිටවූ ඔහු ගෙදර අරගලය පටන් ගත්තේ එතැන් සිටය. සැර බීම ජාතිය ගත්තාම ඔරොත්තු නොදෙන ඔහු දිවා කාලයට කන්න තියෙන ජාති හොඳ නැතැයි කියමින් භාර්යාව බෙදාගෙන ආ කෑම පිඟාන පොළවේ ගැසුවේය. හොඳ කෑම කන්න සැදුවේ නැතැයි කියමින් භාර්යාවට ද තඩි බෑවේය. භාර්යාවද කට ඇරීම නිසා ගෙදර අරගලය නිමා කිරීමට අසල්වැසියන් පැමිණෙන විටදී ඒ වනවිටත් නිවෙසේ බඩුමුට්ටු කිහිපයක්ම සුන්බුන් බවට පත්විය.

 



අදහස් (0)

හොඳට පදම් වෙලා අරගලේ ගෙදර ගෙනැල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17949 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site