(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් හතළිහක්වූ ටිකට් පතට රුපියල් සියයේ කොළයක් දුන් වරදට ඉතිරි මුදල් ලබා ගැනීමට මඟියකුට දුම්රිය එනතුරු ප්‍රවේශපත් කවුළුව ඉදිරිපිට සිටගෙන සිටීමට සිදු වූ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථානයකි. ඔහු ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානාධිපතිවරයෙකි. කිසිදා ඉතුරු සල්ලි රුපියල් පහ දහය නො දීම සිරිතකි.
මේ බව දන්නා මගියකු රුපියල් හතලිහක් වූ ගමනාන්තය සඳහා අතේ තිබූ රුපියල් පනහේ කොළය නොදී සියයේ කොළයක් ලබා දුන්නේ රුපියල් දහය නැතිවන බව දන්නා නිසාය.
ටිකට් පත දුන් ඔහු ඉතුරු සල්ලි දෙන්න ටිකක් ඉන්න යැයි ඔහුට දැන්වීය. දැඩි කල්පනාවෙන් සිටි මගියා ප්‍රවේශපත්‍ර කවුළුවේ විස්සේ කොළ ගොඩ ගැසී තිබෙනු දුටුවේය.
ඒ ගැන පවසා තමන්ගේ ඉතුරු සල්ලි ඉල්ලා සිටියේ විනාඩි පහක් හයක් ගත වූ පසුවය. ඒව මගේ මැනේජ්මන්ට් එකට අවශ්‍යයි. ඔහොම තව ටිකක් වෙලා ඉන්න.... ඔහු ගෝරනාඩු කළේය. අසරණ වූ මගියා විනාඩි අටක් දහයක් පමණ ඒ ස්ථානයේ සිටගෙන සිටියේ යන එන මගීන්ගේ අවධානය ලබමිනි.
ඔහු ලජ්ජාවට පත් වූවත් ඉතුරු සල්ලි ලැබෙන තුරු එහි රැඳී සිටියේය.
‘කෝච්චිය එන්න තව වෙලා තියෙනවා තව ටිකක් වෙලා ඉන්නවා’. ඔහු දෙවැනි වර කළ විමසීමේ දී ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් කියැවිණි.
ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නා ජයග්‍රහණය කළේ ය .
දුම්රිය එන අවස්ථාවේ දී විස්සේ කොළ තුනකින් ඉතුරු සල්ලි ලබා දුන් පසු මගියා වේදිකාවේ කෙළවරට ගොස් එහි උසස් නිලධාරියකුට පැමිණිලි කළත් ඒ පැමිණිල්ල ගැන කිසිදු තැකීමක් නොකළ මහතැන අහක බලා ගත්තා ලු.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හතළිහේ ටිකැට්ටුවට සීයක් දුන් මගියාට දඬුවමක් දීලා
saman Thursday, 21 April 2022 04:28 PM
මේක ගම්පහ දුම්රිය ස්ථානය විය යුතුයි.
sampath Thursday, 21 April 2022 11:58 PM
ඒකනේ අපි කියන්නේ.. මේක විකුණන්න කියලා... මේ වගේ හොර තක්කඩි ඉන්න රටක් හදන්න බැ. එක්කෝ මේ වගේ අය යවන්න ඕනේ. නැත්නම් පුද්ගලීකරණය කරන්න ඕනේ.