IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හතුරාට සුළු ගේමක් දෙන්න ගිහින් ඉල්ලාගෙන කාලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බලපත්‍රයක් නොමැතිව කොස් ගසක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට පැමිණිල්ල කළ පුද්ගලයාම දැඩි උත්සාහයක යෙදුණු පුවතක් පසුගියද‌ා මීරිගම වේවැල්දෙණිය පෙදෙසින් වාර්තා විය.


 කලක් තිස්සේ ආරාවුලකට ලක්ව තිබූ ඉඩමකි. එහි අයිතිය දෙදෙනකුට හිමිවුණේ නීතියේ විධිවිධාන පරිදිය. ඒ අනුව වැට මායිම් ද සැකසිණි. එක් කොටසකට හිමිකම් කීවේ රෝගී පුද්ගලයෙකි. ඔහු තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගන්නා අදහසින් කොස් ගසක් විකිණීමට පියවර ගත්තේ මේ අතරය. ඒ සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් සඳහා ද ඉල්ලුම් කෙරිණි. බලපත්‍රය නිකුත් වීමට පෙර ගස බිම හෙලීමට සිදුවූයේ මුදල් හදිසිය නිසාමය.


බෙදී වෙන්වී ගිය අනෙක් කොටසේ හිමිකරු වූ විරුද්ධවාදියාට මෙය හොඳ පල්ලමක් විය. කලක් තිස්සේ තමන් භුක්ති වින්ද දැන් අනෙක් අයට අයත් වූ කොස් ගස කැපීම ගැන ඇතිවීයේ කේන්තියකි. බලපත්‍ර නැතිව කොස්ගසක් කපලා. ඉහළ නිලදරුවන්ට පැමිණිලි පිට පැමිණිලි කෙරිණි. පොලිස් හදිසි ඇමතුම් අංශය ද දැනුවත්  කරන්නට මේ විරුද්ධවාදියා පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස මීරිගම පොලිසිය සිදුකළ පරීක්ෂාවෙන් පසු බලපත්‍ර නැතිව කොස් ගස කැපීමේ වරදට ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.


සැකකරු කූඩුවේය. මේ අතර පැමිණිල්ල කළ පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දී මේ ප්‍රශ්නය ගොඩින් විසඳා දෙන ලෙස ඉල්ලුවේ තමන් මෙතරම් වින්නැහියක් වනු ඇතැයි නොසිතූ බවට කරුණු කියමිනි. අහිංසකයකු තලා පෙලා කටයුතු කර දැන් නිදහස ලබා දෙන්නට උත්සාහ ගත් ඔත්තුකරුවා පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූයේය. මේ අතර කොස් ගස කැපීමට ඇවැසි බලපත්‍රය සැකසෙමින් තිබූ බව ද අනාවරණය විය.

 



අදහස් (0)

හතුරාට සුළු ගේමක් දෙන්න ගිහින් ඉල්ලාගෙන කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site