IMG-LOGO

හත්දවසේ දානය දා පැමිණි මියගිය මව තටුවේ තිබූ බැදපු මාළු පෙත්ත කාලා

(බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා)
හත් දවසේ දානමය පින්කමට පෙර දින රාත්‍රියේ තබන ලද තටුවේ කෑම පිඟාන කෑමට මියගිය මව පැමිණීමේ පුවතක් අම්බලන්ගොඩට නුදුරු ගමකින් වාර්තා විය.


ඉකුත් දිනයක මොහුගේ මව වයස්ගතවීමෙන් මිය ගියාය. අවමඟුල් කටයුතු සිදුකර හත් දින පිරෙන දවස නිමිත්තෙන් සාංඝික දානයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබිණි. ඒ වෙනුවෙන් පෙර දින රාත්‍රියේ මතක බණ දේශනාවක් ද පැවැත් වූ අතර මධ්‍යම රාත්‍රියේදී ගොක්කොළවලින් ආසනයක් සකස් කර මල් පහන් හා කෑම පිඟානක් තබා මියගිය අයට පිළිගන්නා ලෙස ඉල්ලා සිටීම ඇතැම් ප්‍රදේශවල සිරිතක් වශයෙන් කරති.


හෝටල් සේවකයකු වූ මොහු ද වැඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි කෑම පිඟානක් තබා මියගිය මවට පැමිණ භුක්ති විඳින ලෙස ඉල්ලා සිටියේය.


තටුව තබා විනාඩි කිහිපයක් ගත වෙද්දී දාන ගෙදර සිටි අයකු එහි තිබූ තෙලෙන් බඳින ලද මාළු පෙත්තක් බයිට් එකට ගෙන තිබිණි.


මත්පැනට ගිජු මොහු ද මිතුරන් සමඟ මත්පැන් උගුරක් බී ගොටුවේ තිබී ගෙනෙන ලද මාළු පෙත්තෙන් කෑල්ලක් කෑවේය.


ඊට සුළු වෙලාවකට පසු අම්මා ගොටුව ළඟ පැමිණියේ දැයි බැලීමට පුතා ගියේය. ඒ යනවිට කෑම පිඟානේ තිබූ බැදපු මාළු පෙත්ත නැති බව දැකගන්නට ලැබිණි.


මාළු පෙත්ත ගෙන යාමට පැමිණි අයගේ පා සලකුණ ද තටුව අසල වැල්ලේ තිබිණි.


මහත් ප්‍රීතියට පත් පුතා තටුව ළඟට අම්මා පැමිණ ඇති බවත්, අම්මා වැඩියෙන්ම ප්‍රියකරන මාළු පෙත්ත අරගෙන ගොස් තිබෙන බවත් කියන්නට විය.


මාළු පෙත්ත ගෙනගිය මිතුරා පැමිණ අම්මා ආ බව නිවැරදිව කියන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.


අම්මගෙ පා සලකුණ තිබෙනවා. හරියටම අම්මගෙ පා සලකුණත් මේ විදියටමයි. අම්මා පැහැදිලි ලෙසම පැමිණ ඇති බව පුතා උජාරුවෙන් පුන පුනා කියන්නට විය.


ඇතැම් අය නොයෙකුත් ප්‍රශ්න ඇසුවත් පුතාගේ විශ්වාසය නිවැරදි කරන්නට බැරි විය.


මොහොතකට පෙරදී අරක්කු බොන විට බයිට් එකට ගත්තේ ඒ මාළු පෙත්ත බව කියූවිට පුතා මහත් ලැජ්ජාවට පත්විය.



අදහස් (0)

හත්දවසේ දානය දා පැමිණි මියගිය මව තටුවේ තිබූ බැදපු මාළු පෙත්ත කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 20 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site