(කඹුරුගමුව තරංග ගුණරත්න)
අනියම් සැමියා නිවසට ගෙන්වාගැනීමේදී එම අවස්ථාව ගම්වැසියන් දැක ගැනීම මඟහරවා ගැනීම සඳහා ගම පුරා ‘බොරු බියක්’ පැතිරූ කාන්තාවකට ගමේ තරුණයන් එක්ව පාඩමක් කියා දීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වෙයි.

මාතර දිස්ත්‍රික්කයේ මායිම්ව පිහිටි තේ සහ කුරුඳුවලින් වටවූ පුහුල් ගෙඩියක නමකින් සෑදුනු පුංචි කඳු ගැටයක පිහිටි සුන්දර ගමක පදිංචි මැදිවියේ කාන්තාවක් සිදුකළ ක්‍රියාවක් නිසා දැන් ගමටම ලොකු ප්‍රසිද්ධියක් ලැබී ඇත. අවුරුදු 40ක් පමණ වූ කාන්තාව ගෘහනියක වූ අතර ස්වාමියා පෞද්ගලික කර්මාන්තශාලාවක සේවය කළේය. සැමියා ඔහුගේ මෑණියන්, බිරිඳ, අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනකු සහ එක් පුතෙක් නිවසේ විසූහ.
කෙසේ වෙතත් මෙම කාන්තාවගේ අනියම් සම්බන්ධතාව දිනෙන් දින වර්ධනය වී තිබූ නිසා කාන්තාවගේ බලාපොරොත්තු වගේම වෙනත් වෙනත් සිහින දකිමින් ඒවා කවදා ඉටුවේදැයි ඇය ඇඟිලි ගනිමින් සිටියාය.
ඇය තම අනියම් සැමියා නිවසට ගෙන්වා ගැනීමට සැමියා රාත්‍රි සේවා මුරයට යන දිනයක් එනතුරු පුල පුලා බලා සිටියාය. එය ගමේ අයට නොදැනෙන සේ ඉටුකර ගැනීමට කාන්තාව සතු 64 මායමෙන් එකක් යොදා ගැනීමට අදිටන් කර ගත්තාය.
ඒ අනුව ඇය ගම පුරා හොරු ඇවිල්ලා වේලාසනින්ම නිදාගන්න. දොරවල් වහන්න. කියලා ඇය එදින දහවල් ගමේ හැමෝටම අනියත බියක් ඇති කළා පමණක් නොව නිවසේ දරුවන් තිදෙනාට සහ නැන්දම්මාට නිදි පෙති ලබාදීමටත් කටයුතු කළාය.
අනියම් සැමියා රාත්‍රි 10,00ට පමණ පැමිණි යතුරුපැදිය සඟවා ඇයගේ නිවසට පාගමනින් පැමිණ තිබුණි.
ගමට ආ හොරුන් අල්ලන වැඩේ වගකීම බාර ගත් ගමේ තරුණයෝ කිසිවකුට නොකියා රාත්‍රිය පහන් වනතුරුම මාර්ගයේ සැඟවී සිටියහ.
අදාළ කාන්තාව සමග රාත්‍රිය ගත කළ පුද්ගලයා අලුයම 1.00ට පමණ හුදෙකලා මාර්ගයේ යමින් සිටියදී තරුණයන් පිරිස ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර අනතුරුව සොයා බැලීමේදී අනාවරණය වූයේ අදාළ කාන්තාව විසින් ඔහු නිවසට ගෙන්වා ගත් බවය.
තරුණ පිරිස ප්‍රදේශයේ පොලීසියට සිද්ධිය වාර්තා කිරීමට පියවර ගෙන තිබුණි. සැකකරු සහ නිවසේ පුද්ගලයන් පොලිසියට ගෙන්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වන්නේ මෙම කාන්තාව විසින් අනියම් සැමියා රාත්‍රි කාලයේ ගෙන්වාගෙන ඇති බවයි. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දෙපාර්ශවයටම අවවාද කොට මුදා හැරීමට පොලිසිය කටයුතු කර තිබුණි. ගමට හොරු ආ කතාව එළි වුණාලු.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටහතර මායමෙන් ගමක් මුලාකර අනියම් සැමියා ගෙට ගෙන්වාගෙන