IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හැටපහේ මාමා ලේලියගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මෙට්ටයකට දුන් රුපියල් 2000 ක මාසික ණය වාරිකය වෙනුවට 21 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇතැයි කියන 65 හැවිරිදි මාමා  කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක මාස 08 ක් වයසැති දරුවෙකු සිටින 21 හැවිරිදි එක්දරු මවක් පදිංචිව සිටින්නීය. මෙම මව පදිංචිව සිටින්නේ 27 හැවිරිදි සැමියාගේ මව සහ මාම සමගය. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අතර මසකට වරක් නිවසට පැමිණෙන්නේය.


මෙම මව මසකට වරක් සිය ගම් ප්‍රදේශයට පැමිණෙන ලොරි රථයකින් දරුවා තැබීමට යැයි පවසා මීට මාස කිහිපයකට ඉහතදී මෙට්ටයක් ගෙවීමේ පදනම මත ලබා ගත්තාය. ඇයට මාසයකට මෙට්ටයට ගෙවීමට තිබුණේ රුපියල් 2000 කි.


⁣මෙට්ට ලොරි රථය පැමිණෙන දිනය ළං වෙමින් තිබුණි. ලොරි රථයට රුපියල් 2000 ක මුදලක් ලබා දෙන්නේ කෙසේද? සැමියා පැමිණීමටත් තව සතියක් පමණ කල් ඇති බවත් රුපියල් 2000 ක මුදලක් අත නොමැතිව එක්දරු මව කල්පනා කරන්නට වූවාය. අසල්වැසියන් කිහිප දෙනෙකුගෙන් ද එක්දරු මව හුවමාරුවකට රුපියල් 2000 ක් ඉල්ලා සිටිය ද කිසිවෙකුත් ලබා දී නොතිබුණි.
දිනක් නිවස ඉදිරිපිට ඇති මාර්ගය දිගේ ගමන් කරමින් සිටින බිරිඳ විදේශ රටක රැකියාවක් කරන මුනුපුරු මිනිපිරියන් හත් අට දෙනෙකු සිටින 65 හැවිරිදි මාමා කෙනෙකුගෙන් රුපියල් 2000 ක් සැමියා පැමිණි විගස ලබා දෙන බව පවසා බැගෑපත්ව එක්දරු මව දරුවා වඩාගෙන ඉල්ලා සිටියාය. තමන්ගේ දරුවන්ටත් වඩා බාල එක්දරු මවගේ ඉල්ලීම ඇසූ 65 හැවිරිදි මාමා කමිසයේ සාක්කුවට දකුණු අත දමා රුපියල් දාහේ කොළ දෙකක් 21 හැවිරිදි මව අත තැබුවේය.”‍


අනේ මාමේ ගොඩක් පිං සිද්ධ වෙනවා මාමාට. මහත්තයා ආපු ගමන්ම මාමාගේ සල්ලි ටික මම ඉක්මනටම ගෙදරටම ගෙනත් දෙන්න කියන්නම් කෝ මාමේ යැයි 21 හැවිරිදි එක්දරු මව සිනාමුසු මුහුණින් පැවසුවාය.


මෙට්ට ලොරි රථය පසු දින පැමිණියේය. එක්දරු මව දරුවාත් අතැතිව ලොරි රථය අසලට දිව ගොස් රුපියල් 2000 ක මුදලයි කාඩ්පතයි කළමනාකරු අතට දී මාසික වාරිකය පියවා දැම්මාය.


රුපියල් 2000 ක මුදල දුන් 65 හැවිරිදි මාමා පසු දින 21 හැවිරිදි මවගේ නිවසට පැමිණියාය. නැන්දම්මත් මාමාත් එකී මොහොතේ නිව⁣සින් බැහැරව ගොස් තිබුණි. නිවසේ සිටියේ 21 හැවිරිදි මවත් ඇගේ මාස 08 ක් වයසැති දරුවත් පමණි “දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 ක මුදල ආපසු මට එපා. ඒක ඔයා තියාගන්න. පුළුවන් නම් දරුවා ගෙදර තියලා අපේ ගෙදර මිනිත්තු කිහිපයකට ඇවිල්ලා යන්න. අපේ ගෙදර කවුරුත් නෑ” යැයි 65 හැවිරිදි මාමා සිනාමුසු මුහුණින් පවසා නිවසින් පිටව ගොස් තිබුණි. 


21 හැවිරිදි මව තමාට මුහුණ දීමට සිදු වූ සියල්ල මොහොතකට පසුව නිවසට ආ නැන්දම්මාටත් සීයාටත් පැවසුවාය. වරෙන් කෝ ආයේ මේ පාරෙන් යන්න යැයි සිතූ නැන්දම්මා සහ සීයා පසු දින යළිත් රුපියල් 2000 ක මුදල දුන් සීයා ඇගේ නිවසටම පැමිණියේය.


මොකට ද බොල ඊයේ ලේලියට මිනිත්තු කිහිපයකට උඹේ ගෙදර එන්න කිව්වේ යැයි පවසා දර ලීයකින් පහර කිහිපයක් නැන්දම්මා  එල්ල කළාය. පසුව 65 හැවිරිදි මාමා යන්න ආ ගමන පසෙකලා ගෙදර බලාම දිව ගියේය. දින කිහිපයකට පසුව 21 හැවිරිදි මවගේ සැමියා නිවසට පැමිණියේය. සියල්ල ඈ තරුණ සැමියාට කීවාය. ඔහු ද පසු දින නිවසට ගොස් රුපියල් 2000 ක මුදල දී හොඳ වචනවලින් සංග්‍රහ කර ඇතැයි වාර්තා වෙයි.

 



අදහස් (0)

හැටපහේ මාමා ලේලියගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site