IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිංචි පැංචකුගේ කතාවෙන් සැමියාගේ නාඩගමක් මාට්ටු

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නාඳුනන කටකාර පොඩ්ඩකුගේ දුරකථන ඇමැතුමකින් සැමියා නැටූ නාඩගමක් තම බිරියට අසුවීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


ඔහු වෙනත් ප්‍රදේශයක සිට රාජ්‍ය ආයතනයකට පැමිණෙන ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවෙකි. දිවා සේවය හා රාත්‍රී සේවය සඳහා නියමිත සේවා වාරවලට පැමිණිය යුතුය. ඔහු සේවයට පැමිණෙන්නේ තම ත්‍රිරෝද රථයෙනි.


ඔහු දිනක් රාත්‍රී සේවය සඳහා පැමිණීමට සූදානම් වෙන අවස්ථාවේ දී  සිය බිරිය සුපුරුදු පරිදි කෑමවේල සපයා දුන්නේය.


එම කෑම පාර්සලයත් රැගෙන ගොස් ඇත්තේ සේවයට නොව අනියම් පෙම්වතියකගේ නිවහනකට ය.


ඇය විවාහක දරුවකුගේ මවක වන නමුත් ඇයගේ සැමියා විදෙස් ගතව සිටින නිසා කිසිවකුගෙන් බාධාවක් නොවන ඔහුට එහි නවාතැන් ගැනීමට ද කිසිවකුගෙන් බාධාවක් ද නොවිණි.


පසු දින ඔහු සේවය නිමවූ ලෙසින් එතැනින් පිටවී ඔහුගේ නිවහන කරා ගියේය.


එම නිවෙසේ සිටි කාන්තාවද වෙනත් ගමනක් යාමට නිවෙසින් නික්ම ගියේ තම දරුවා අසල්වැසි නිවෙසක රඳවා තබමින්ය. එම නිවෙසේ සිටි දරුවා කිසියම් කටයුත්තකට තම නිවහනට පැමිණියේ ඒ අතරවාරයේ ය.


නිවෙසේ රැඳී නික්ම ගිය අමුත්තාගේ ත්‍රිරෝද රථයේ ලියකියවිලි එහි දමා ගොස් තිබෙන බව දරුවා දුටුවේය.


එම ලියකියවිලි පරික්ෂා කිරීමේ දී ඒ අතරේ ඔහුගේ දුරකතන අංකය ද  තිබී හමුවුණි. කටකාර දරුවා පොඩි වුවත් දුරකතන සංවාදවලට රුසියෙකි.


තම නිවෙසේ දුරකතනයෙන් ඔහු අංකය අමතන්නට විය.


දුරකතනය නාද වෙද්දී එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ත්‍රිරෝද රථ හිමියාගේ සැබෑ බිරියයි.


“ආන්ටි අංකල් කෝ?”


“අංකල් වෙලට ගියා පුතේ”


ඇය දරුවාට ළෙන්ගතුව තොරතුරු විමසුවාය.


“ආන්ටී, අංකල්ගේ වීල් එකේ ලයිසන් ටික අපේ ගෙදර.” “ඇයි පුතේ, අංකල් එහේ ආවාද” “ඔව්, ඊයේ රෑ අංකල් හිටියෙ අපේ ගෙදර.” දරුවා සියල්ල වැමෑරුවේය.


චාටු බස් දොඩා ගෙදරට එන පාර ද අසා ගත් ඇය සැමියා කුඹුරේ සිටින නිසා තනියම ත්‍රිරෝද රථය පදවාගෙන ඒ නිවහන සොයා ගියාය.
අදාළ ලියකියවිලි ගත් ඇය එතැනින් නොනැවතී සැමියාගේ සේවා ස්ථානයට ගියේ ඔහු ඊයේ රාත්‍රියේ සේවයට ආවේදැයි අසන්නටය. නැත. එදින ඔහුගේ විවේක දිනය යි. ආයතනයේ සේවකයෝ පැවසූහ.


සියල්ල තේරුම් ගත් ඇය යක්ෂ ආරූඪයෙන් සැමියා වෙතට ගොස් අඩ දබර වී තම මව්පිය රැකවරණය බලා ගියාලු.

 



අදහස් (0)

හිංචි පැංචකුගේ කතාවෙන් සැමියාගේ නාඩගමක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site