(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක පාලමක් අයිනේ සිඟමන් යදින ලද වියපත් පුද්ගලයකු දුරස්ථ ක්‍රමය අකුරටම අනුගමනය කරමින් සිය ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගිය ආකාරය පසුගිය දා අපට දක්නට ලැබිණ.
කොරෝනා - 19 උවදුර ඒමට පෙර තමා ළඟ තිබූ ටින් එක සොලවමින් ආධාර එකතු කළ ඔහුට මෑතක සිට පෙනී ගියේ ඒ අසලින් ගමන් කරන අය තම ටින් එකට මුදල් දැමීමට සමීප නොවන බවකි.
සමහරුන් ඈත සිට මුදල් වීසි කළේ දුරස්ථභාවය රකිමිනි. එසේ විසිකළ මුදල් ඈතට විසි වූ විට ඔහුට ඒවා ගැනීමට අපහසුව තිබුණේ කකුලක වූ ආබාධයක් නිසාය.
මේ නිසා ඔහු මීටරයක් දිග කෝටුවක අග ටින් එක සවිකොට එය ඈත සිට දිගු කර සෙලවීමෙන් ආධාර එකතු කළ අතර පෙර පිනට යමක් නුදුන් අය පවා සිනාසෙමින් ටින් එකට මුදල් දැමීම නිසා ඔහුගේ අත මිට වැඩියෙන් සරුවී ඇතැයි පවසන්නේ කොරෝනාවට තම ප්‍රසාදය ද පළ කරමින්ලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිඟමනටත් මීටරේ තියාගෙන