IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා


මොරගොල්ලාගම - සිසිර කැලේගම 



අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
තම පුතාට රැකියාවකට යාම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකි. ඒ සඳහා අවැසි සහතික පත් සියල්ල සූදානම් කර තිබුණි. නමුත් මේ සිද්ධිය දන්නේ එකී පුතා හා මවුපිය යුවළ විතරයි. එකී සම්මුඛ පරීක්ෂණයට පෙර දිනයේ මවුපියෝ පුත්‍රයා නිවසින් පිට කළහ.
“ඒ කොහේද යන්නේ, මොකටද යන්නේ” ආදී නානාප්‍රකාර ප්‍රශ්න ගම්මු අසනා බැවින් ඉන් ආරක්ෂා වීම සඳහාය. එලෙස ගිය පුතාට නියමිත දිනයේ කොටුව දුම්රිය ස්ථානය අසලට එන ලෙසට පියා ඇරයුම් කළේය.
තමන් අවැසි ඇඳුම් හා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ යුතු සහතික රැගෙන අලු‍යම 3.00 ට පමණ එන බසයක නැගී කොටුවට එන බවත්, එතැනදී ඇඳුම් මාරු කරගෙන කුලී රථයකින් අදාළ ස්ථානයට කල්වේලා ඇතිව ගොස් සිටිය හැකි බවත් පියා පුතුට පවසා සිටියේය. 
එලෙස පෙර දිනයේ පුතා ගිය පසුව පියා නියමිත දිනයේ කලාවැව වැව් සීමාවේ රැඳී සිටියේ අලු‍යම එන පළමු බසයට නැගී කොළඹට යාමේ අපේක්ෂාවෙනි.
ඔහු පාරේ සිටියදී තවත් අය එතැනට ළඟා වූහ. එතැන ගමේ අය සිටියොත් තමා හඳුනා ගන්නවා. යන තැනත් දැන ගන්නවා. ඉන් බේරෙන්නටත්, බසය ආ විගස දුවගෙන ඇවිත් නගින්නටත් ඔහු සැලසුම් කළේය. ඔහු එතැනින් ඉවතට ගියේය. ආපන ශාලාවක පිටුපස ජනේලය අසල බංකුවක වාඩි වුණේය.


එහි සේවය කරන කාන්තාවක හිමිදිරියේම අවදි වූවාය. ඇතුළත අස්පස් කළාය. ඉඳුල් වතුර පිරි කොටසක් අතට ගෙන ජනේලය තුළින් එළියට විසි කළාය. කිසිවක් නොදත් පිටත ජනේලය අසල වාඩි වී සිටි අය නැහැවුණේය.
මස්, මාළු, කරවල මුසු ඉඳුල් වතුර සුදු කමිසය, කලිසම මෙන්ම හිස සිට දෙපතුළ දක්වාම තැවරී ඇත.
වෙච්ච අලකලංචිය හමුවේ ඔහු ගෙදරට ගොස් ස්නානය කර ඇඳුම් මාරු කරගෙන පමා වී වෙනත් ආකාරයකට කොළඹට ගියත් කාලය ඉක්ම යාමෙන් එකම පුතුට සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ සිහිනය සුන් විය. 
මේ සිද්ධිය ගැන තතු දත්තෝ ඒ ගැන ඇසීමේදී පුතාගේ පැතුම තමා නිසා බොඳව යාමෙන් සිත් වේදනාවට පත්ව සිටින පියාට ඉවසීමේ රතු කට්ට පනිනවාලු‍. 



අදහස් (1)

හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා

ගුණරත්න Friday, 07 March 2025 01:38 PM

පව් ඉතින් අසරණ කොල්ලා, පදිංචිය දුර පළාතක නම් කලින් දවසේ හැන්දෑවේ කොළඹ ගිහින් ලොජ් එකක නැවැතිලා උදේම ඉන්ටවීව් යන්න එපැයි.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6121 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site